අාවා‘ කල්ලියේ දෙපිරිසක් අතර ගැටුමෙන් අයෙක් රෝහලේ අාවා කල්ලියේ දෙපිරිසක් අතර යාපනය කොකුවිල්හිදී ඇති වූ ගැටුමකින් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි යාපනය පොලීසිය පවසයි. 27 April 2018
උතුරු කොරියා නායකයා දකුණු කොරියා නායකයා හමුවෙයි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයා හමුවිය. නායකයන් දෙදෙනා හමුවූයේ දෙරට අතරේ තිබෙන යුද මුක්ත කලාපයේදීය. 27 April 2018
මහලු මවට අතවර කළ අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 70 ක් වන වයෝවෘද්ධ දෙදරු මවක් බලහත්කාරයෙන් අපයෝජනය කළ බව කියන 43 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි. 27 April 2018
අන්තරේ පිරිස රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේ සහ සිසුන් නව දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 26 April 2018
පාර්ලිමේන්තුව කැඳවන දෙවැනි ගැසට්ටුවෙත් ගැටලුවක් පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු පළමු ගැසට් නිවේදනය වගේම දෙවැනි ගැසට් නිවේදනයේත් දෝෂ තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් තුන්වැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු බලධාරීහූ පවසති. 26 April 2018
නුවර යන දුම්රිය පල්ලෙවෙලදී පිට පනී මාතර සිට මහනුවර බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රිය අද (26) රාත්‍රී පල්ලෙවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීම නිසා මගීහු දැඩි අපහසුතාවයකට පත්වූහ. 26 April 2018
ලක්ෂ 30 ක කප්පම්කරුවෝ රිමාන්ඩ් පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ වී මෝල් හිමි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (26) නියෝග කළාය. 26 April 2018
නාමල් ඇතුළු 5කගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුතු එන් ආර් කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු සිදුකර මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබුණි. 26 April 2018
ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ , වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් කළේය. 26 April 2018
බැඳුම්කර නඩුවාර්තාව රහස් පොලිසියට දෙන්න නියෝග හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අධිකරණයේ පවතින නඩු ගොනුවේ සහතික කළ සම්පූර්ණ පිටපතක් ගාස්තු රහිතව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (27) අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළාය. 26 April 2018
අලුත් වෙනස ගැන රන්ජන් අමනාපෙන් එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ තනතුරු වෙනසේදී තමන් බලාපොරොත්තු වූ රුඩිකල් වෙනස සිදු නොවූ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවසීය. 26 April 2018
වෛද්‍යවරයකු නැතිව දෙහිඅත්තකණ්ඩියේ වකුගඩු රෝගීහු 10,000ක් අනතුරේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට කායික රෝග පිළිබඳ වෛද්‍යවරයකු නොමැති වීම නිසා වකුගඩු රෝගින් 10000 ක ගේ ජීවිත අවධානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් කැදවුම්කරු වෛද්‍යය චනිත් පේදුරු ආරච්චි මහතා පැවසීය. 26 April 2018
නායකත්වය විවේචනය කරන්නන්ට විනය පියවර ගන්න - ඇමැති ජෝන් එක්සත් ජාතික පක්ෂයේ සිදු කෙරැණු තනතුරු සංශෝධනයන් පිළිබද තමන්ට කිසිදු ගැටලුවක් නැති නමුත් දිගින් දිගටම පක්ෂ නායකත්වය විවේචනය කරන පක්ෂයේ අයට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (26) පැවසීය. 26 April 2018
භික්ෂු අන්තරේ විරෝධයට කඳුළු ගෑස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන දොරටුවට අලාභ හානි කරගෙන අනවසරයෙන් ඊට ඇතුළු වීමට ගිය බව කියන දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය. 26 April 2018
ඇවන්ගාඩ් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට ඇවන්ඩ්ගාඩ් පාවෙන අවිගබඩාවේ එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස රාජකාරී කළ හිටපු නාවික හමුදා ලුතිනන්වරයකු වු මිල්ලනියගේ සමුද්‍ර නිලුපුල් ද කොස්තා (43) මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 April 2018
කරාපිටියේ වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති එංගලන්ත ජාතික රිචඩ් පර්මින් නැමති හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට විරෝධය දක්වා හෙට (27) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරයා සිය සේවා කටයුතු වලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තීන්දු කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය සංචිත සමරරත්න මහතා පවසයි. 26 April 2018
දරුවන් මරණවා යැයි කියා ලක්ෂ 30 ක කප්පම් ඉල්ලු දෙන්නෙක් අත්අඩංගුවට පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගේ දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දමන බවට සහල් මෝල් හිමියාට දුරකථන ඇමතුම් මඟින් තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පම් 26 April 2018
එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. 26 April 2018
29 - 30 සුරාසැල්, බුකි, කැසිනෝ, මස්කඩ වසා දමයි වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. 26 April 2018
අත්තනගල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හොයන්න මහජන සහය ඉල්ලයි අත්තනගල්ල රජමහා විහාරය අසල පසුගිය 21 වැනිදා පැවති සංගීත සංදර්ශනයකට කඩාවැදී වෙඩි තබා ව්‍යාපාරිකයකු මරා දමා ගැබිණි කතක ඇතුළු සිව්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට නිට්ටඹුව පොලිසිය මහජන සහාය පතයි. 26 April 2018
නැගෙනහිර වෛද්‍යවරු වැඩ වරති නැගෙනහිර පළාතේ රජයේ වෛද්‍ය නිළධාරින් විසින් අද (26) පවත්වන ලද සංකේත වැඩ වර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ රෝහල් 123 ක පමණ බාහිර රෝගි අංශයේ සහ සායන කටයුතු මුළුමනින්ම අඩාල විය. 26 April 2018
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මැයි 10 වැනි දා දක්වා යළී රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. 26 April 2018
මෝටර් රියක් වියානා ඇළට පෙරැළෙයි බදුල්ල ප්‍රධාන මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අද (26) එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළ මාර්ගයේ මාපාකඩ 08 කණුව ප්‍රදේශයේදී මහවැලි ඇළට පෙරැළී අනතුරට ලක්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි. 26 April 2018
ඉන්දියාවේ අනතුරකින් පාසල් ළමයි 13 ක් මරුට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පාසල් බස් රථයක් සිඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් ළමයින් 13 දෙනෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. 26 April 2018
එජාපයේ මුල්පුටු පෙරළෙයි එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අලුතින් තෝරා පත්කර ගැනීම ඊයේ සිදු කෙරිණි. 26 April 2018
අයහපත් කාලගුණය නිසා ඕමානයේ ගුවන් යානයක් මත්තලට කටුනායක ගුවන්තොටුපොලේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕමානයේ සිට කටුනායකට පැමිණි ඕමාන් එයාර් ගුවන් යානය ගුවන් මගීන් සමඟ අද (25) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල කළමණාකරු උපුල් කලංසූරිය මහතා කීය. 25 April 2018
හොරෙන් ඕස්ට්‍රේලියා ගිය 8ක් ආපසු ලංකාවට බහුදින යාත්‍රාවකින් ශ්‍රි ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් නීති විරෝධිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රි ලංකිකයන් 8දෙනෙකු මෙරටට පිටුවහල් කර එවා තිබේ. 25 April 2018
මැයි 7 නිවාඩුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වලටත් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය. 25 April 2018
සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා උඩවලවට අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා වන ජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරව නිර්වින්දය කොට අල්ලාගෙන අද (25) සෆාරි උද්‍යානයෙන් ඉවත් කළ බව හම්බන්තොට වන ජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී විජය කුමාර මහතා පැවසීය. 25 April 2018
රාජ්‍ය ආයතන සතු ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ යෝජනාවක් රටතුළ හදිසි විදුලි අවශ්‍යතා ඇතිවන විට රාජ්‍ය ආයතන සතු ජනන යන්ත්‍ර (ජෙනරේටර්) මගින් විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. 25 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026