රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණත් හෘදයාබාධ ඇතිවිය හැකියි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය. 24 August 2025
ජනපති අරමුදල ගැන සබරගමුවට උගන්වයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 24 August 2025
මැතිසබේ සාරි හෝදන්නත් සල්ලි කාලා පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග දී තිබියදී වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද හිතුමතේ මුදල් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 24 August 2025
බොරලැස්ගමුව වෙඩිතැබීමේ සිද්ධියේ ත්‍රිරෝද රිය හමුවෙයි බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 24 August 2025
මීළඟ මැතිසබේ වැඩ වෙන්නේ මෙහෙමයි ලබන මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 24 August 2025
ත්‍රිරෝද රිය ජීප් රියේ ගැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලේ පානදුර රෝහලට පැමිණ ත්‍රීරෝද රථයකින් නිවසට යමින් සිටි ළමුන් දෙදෙනෙකු කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් ජීප් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනාම රෝහල් ගත කළ බව වාද්දුව පොලිසිය පවසයි 24 August 2025
රනිල්ගෙන් පලි ගැනීම ජාත්‍යන්තරයට ගෙන යනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මලිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණියගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසීය. 24 August 2025
රනිල්ගේ ආරක්ෂාවට අවි ගත් නිලධාරි අටක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 24 August 2025
සමහර ඖෂධ හිඟයි: ඇමති නලින්ද පිළිගනී රටේ ඇතැම් ඖෂධ වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 24 August 2025
රනිල්ගෙන් පළිගැනීම දෙමළ ජනතාව හෙළා දකිනවා රනින්ට විරුද්ධ පළිගැනීම දෙමළ ජනතාව ලෙස හෙලා දකින බව දෙමළ ප්රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය. 24 August 2025
ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. 24 August 2025
රනිල්ගෙන් පළි අරන්: එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් පැමිණිල්ලක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් භාරදී ඇත. 24 August 2025
ඇමැති 42ක් තෙල් සල්ලි එපා කියලා අග්‍රාමාත්‍යවරිය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හතළිස් දෙදෙනකු( පසුගිය 14 දිනට) පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 24 August 2025
ප්රජාතන්ත්රවාදය වළ දාන්න පෙට්ටියේ ලෑලි යතු ගාමින් ඉන්නවා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. 24 August 2025
පොඩි පන්තියේ වාහන ලක්ෂ දහයක් කොටඋඩ උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 24 August 2025
අකුණු සැරෙන් තිදරු පියා මරුට රත්මලේ කුඹුරු යායේදි අකුණු සැර වැදිමෙන් 53 හැවිරිදි තිදරු පියෙක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 24 August 2025
ඇමති නලින්දගෙන් තැපෑලට රතු එළියක් රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ අය ඉවත් කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 24 August 2025
අල්ලස්ගත් සැරයන් මාට්ටු රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් පහළොස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ( 23 )අත්අඩංගුවට ගනු ලැබීය. 24 August 2025
අදත් තැනින් තැනට පොඩි වැස්සක් බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. 24 August 2025
බොරැලැස්ගමුවේ වෙඩි තැබිමකින් අයෙක් මරුට:තවත් අයෙක් රෝහලට බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු අද අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි. 24 August 2025
සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක් සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය. 23 August 2025
රනිල් මේ දේවල්වලට හොඳින් මුහුණ දේවි රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 23 August 2025
අනුර විපක්ෂයේ අපි ඔක්කොම එකතු කළා අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 23 August 2025
ගණේමුල්ලෙන් මත් කුඩු අල්ලයි මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 23 August 2025
රනිල් වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ ඔක්කොම එක් වෙති බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුවෙන් පුළුල් බලයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. 23 August 2025
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 August 2025
අධිවේගයේ අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර කිලෝමීටර 133. 4 ප්‍රදේශයේදී සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දෙදෙනකු තුවාල ලබාඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි 23 August 2025
අධිකරණ තීන්දු කලින් කීම උත්තරීතර නීතියට කළ අපහාසයක් ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 23 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025