
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති සමාව මගින් සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
එලෙස ජනපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැනි බව කී ලාල් කාන්ත මහතා එවැනි ක්‍රියා ජනාධිපතිවරයෙක්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව සඳහන් කළේය.
ජනාධිපති සමාව දීමේ බලය තම තමන්ගේ අය නිදහස් කරගන්නට පාවිච්චි වෙන එකක් බව කී ලාල් කාන්ත මහතා එය ඉවත් කළ යුතු යැයි යන අදහස සාකච්ඡා වෙමින් තිබෙන බව පැවසීය. ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජයට ජනතාව බලය ලබා දුන්නේ රටේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමට බැවින් කිසිදු පාර්ශ්වයකට නීතියෙන් පිටට ගොස් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති සමාව 1978 සිට 2026 වෙනකම් දුන්න ජනාධිපතිලගෙයි, ලැබුණ වැරදිකාරයන්ගෙයි, කරපු වැරැද්දයි තියෙන ලිස්ට් එකක් හොයාගන්න පුලුවන්නම් නියමයි. එතකොට මේක කොහොමද පාවිච්චි කරල තියෙන්නෙ කියල පැහැදිලි වෙනවා.
ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ජනරජයෙන් ඉවත්වෙමින් ඒකාධිපති ත්රස්ථවාදයකට රට නතුවෙමින් තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ
ඕක විතරක් නෙවෙයි, ජනාධිපති ක්රමයම අයින් කරන්න තමයි මිනිස්සු 2/3 බලය දුන්නේ. ඔයාගේ ගොන් බයිලා වැඩක් නැහැ.
ඕක කරලා දැමීමනම් ඉවරනේ පාවිච්චි කරන්නැති දෙයක් මොකට තියාගෙන ඉන්නවාද කනක් ඇහිලා ඉන්න පුළුවන්
දැන් කස්සපලාට බය වෙලා වෙන බයිලාවක් කිව්වට , ඡන්දයට කලින් කිව්වේ නම් ජනාධිපති සමාව අහෝසි කරන්නේ නැහැ ඒක තියාගන්නවා, ශ්‍රේෂ්ඨාධිකරයෙන් වැරදිකරුවෙක් උන අයෙක් අලුත් ශාක්ෂි ලැබිලා නිර්දෝශි පුද්ගලයෙක් ලෙස හදුනා ගත්විට ඔහුව නිදහස් කරන්න ජනාධිපති සමාව අවශ්‍ය කියලයි. වැඩ බැරි නිසි දැක්මක් හෝ රට පාලනය ගැන අවබෝදයක් නැති ගොබ්බ ගොන් හැත්ත රටක් පාලනය කරන්න ගියාම නටන නෙයියාඩගම මේවා.
සාකච්ඡා අවශ්‍ය නෑ ජනාධිපති. සමාව දීලා ඉවත් කරන එක. උසාවියෙන් දෙන්න තියෙන්නේ හරි වැරදි කිසිම දෙයක් බල රහිතයි.
එය විය යුතුමයි. ජනාධිපති සමාවෙන් අනවශ්‍ය ලෙස අපරාද කරැවන් නිදහස් උනා.
නාන මොලේ ගොමද තියෙන්නෙ, මේ අවුරුදු දෙකට මේ අය කල හොද වැඩ තමුන්ට පේන්නෙ නැද්ද, බලන්න ජනපති අරමුදලම පසු ගිය රජයවල පාවිච්චි වුනේ දේශපාලුවන්ගෙ වැඩවලට, සිංගප්පුරුවෙ රෝහල්වල බෙහෙත්ගන්න, ඔවුන්ගෙ දරුවන්ට ඉගෙන ගන්න, අද එය නැති බැරි මිනිසුන්ගෙ ඕන එපාකම් පිරිමහන්න පාවිච්චි වෙනව.
අරවින්ද කස්සපට බයවෙලා කියන්න තරම් තමුන්ගෙ මොලෙ අමාරුවක්ද, අන්තිමට පල්වෙලා ජනතාවගෙන් කිසිම සහයක් ඔය නිගන්ටයන්ට ලැබුනෙ නැ, ජනතාව දන්නව මේ කහ රෙදි පටලව ගත්ත පල්හොරු කියල
හොද අදහසක් මේච්චර කලක් ජනපති සමාව දුන්නෙ අපරාධ කාරයන්ට, ජේ ආර් සමාව දුන්න ස්ත්‍රිදුෂක ගෝනවල සුනිල්ට, හිටං දුන්න කහ රෙද්ද ඇදගෙන ඉන්න පව් කන්දකට ඒ ඤානසාර. ඔන්න ඔහමයි ජනාදිපති සමාව ලැබුනෙ
අවුරුදු දෙකකට, ආයුධ සහ කුඩු සමඟ කන්ටේනර් 326ක්, ඩොලර් මිලියන 2.5ක්, ගල් අඟුරු වංචාව, තව තියෙනවා. මුන්ගේ තියෙන වත්කම් දන්නේ නැද්ද බොල
ඉතාම හොඳ අදහසක් ... කවදාද ක්‍රියාත්මක කරන්න යන්නෙ ?