
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගි මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාල සීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත් ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගි මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.
මීට පෙර ඩෙංගි මදුරුවා වඩාත් සක්‍රීය වූයේ, හිරු උදාවන සහ හිරු බැස යන හෝරාවන්හි වුවද නව පර්යේෂණ වලට අනුව උදෑසන 6:00 සිට 11:00 දක්වා කාලය තුළ මෙම වාහක මදුරුවන් වඩාත් සක්‍රීයව සිටින බව අනාවරණය වී තිබේ.
උදෑසන කාලසීමාව පොදු ජනතාව සහ පාසල් දරුවන් වඩාත් ක්‍රියාශීලීව බාහිර පරිසරයේ ගැවසෙන කාලය බැවින් මදුරුවන් දෂ්ට කිරීමේ ප්‍රවණතාව සහ අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇත.
තවමත් පාසල් පරිශ්‍රවලින් මදුරු කීටයන් බහුලව හමුවීමේ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් දරුවන් මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බව වෛද්‍ය කන්නන්ගර සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාව වෙනස් වුණු එක අහන්නත් දෙයක්ද? දැන් නමත් වෙනස් වෙලානේ. 'ඩෙංගි'
ඩෙංගු මදුරුවත් කාලයට ගැලපෙන පරිදි ප්‍රෝග්‍රෑම් එක වෙනස් කර ගෙන ඉදිරියට යනවා. නමුත් අපේ රජයේ සේවයේ මදුරුවෝ (දූෂිත, කම්මැලි, නිලධාරීන්) නම් ඉස්සර වගේ කිසිම වෙනසක් නැතුවම ඉබි ගමනේ වැඩ, ජනාධිපතිතුමා මෙහෙම කරලා බැහැ ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන සාර්ථක කරගන්න නම් නිලධාරීන් හුරතල් කරලා බැහැ.. අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ ඉන්නවා.. අනවශ්‍ය තැන්වල සිටින නිලධාරීන් (ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ) ඔවුන්ව කෙලින්ම නගර / ප්‍රාදේශීය සබහ වලට අනයුක්ත කරන්න , ඔවුන්ට පිරිසිදුව තබාගත යුතු වපසරියක් භාර දෙන්න කසල ශෝධකයෝ සෙට් එකක් සමග , නාගරික ප්‍රදේශ වල අවශ්‍ය පමණට කසල බදුන් තබා ඒවා නිතර නිතර හිස් කලයුතු බවට පළාත්පාලන ආයතන වලට දැනුම් දෙන්න .
මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන, මැරෙන රටයි. අන් රටවල් අප පසුකරගෙන ඉදිරියටම යයි. අපි හැමදාමත් එක තැනමයි.