
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන නව මිල ගණන් ලබන මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මාසික කෑම බිල 1500 සිට රුපියල් හාරදහසක් දක්වාද විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා මාසික කෑම බිල 1000සිට රුපියල් 2500ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
මේ අතර පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ රියදුරන් පොලිස් නිලධාරීන් ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවටද
එම කාරක සභාව තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිසබේ සේවක නිලධාරී දෙගොල්ලන්ම පිනට වලඳන අය නේද? මේ කියන මුදලට සාමාන්‍ය ආහාර වේල් දහයකට වඩා මිලට ගන්න බැහැ. ඇයි මේ සේවකයින්ට පිනට ආහාර දෙන්නේ...? මන්ත්‍රීලාට කෑම දෙන නිසාද? ජුගුප්සාජනක ක්‍රියාවක්...!
බැලුවම නිකම් කනවා වගේ. පාර්ලිමේන්තුව කියන්නේ කාටත් ක්ෂේම භූමියක්... සාමාන්‍ය ජනයාට හැර...
අපට එක දවසකට 1000ක් විතර යනවා. ඒකත් යන්තම් කවර් කරන්නේ, මොවුන් දවසක වියදම රුපියල් 100ට අඩුයි...