IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැතිසබේ කෑම නව මිල ගණන් 1 වැනිදා සිට



(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන නව මිල ගණන් ලබන මස  1 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මාසික කෑම බිල 1500 සිට   රුපියල් හාරදහසක් දක්වාද  විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා මාසික කෑම බිල 1000සිට  රුපියල් 2500ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු  ගෘහ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ රියදුරන් පොලිස් නිලධාරීන් ජනාධිපති සහ  අගමැති ආරක්ෂක අංශවල නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට ආහාර සඳහා  අය කරනු ලබන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවටද
එම කාරක සභාව තීරණය කර ඇත.



  



අදහස් (3)

මැතිසබේ කෑම නව මිල ගණන් 1 වැනිදා සිට

Lalla Tuesday, 27 May 2025 01:31 PM

මැතිසබේ සේවක නිලධාරී දෙගොල්ලන්ම පිනට වලඳන අය නේද? මේ කියන මුදලට සාමාන්‍ය ආහාර වේල් දහයකට වඩා මිලට ගන්න බැහැ. ඇයි මේ සේවකයින්ට පිනට ආහාර දෙන්නේ...? මන්ත්‍රීලාට කෑම දෙන නිසාද? ජුගුප්සාජනක ක්‍රියාවක්...!

:       0       1

වලේසුදා Tuesday, 27 May 2025 01:56 PM

බැලුවම නිකම් කනවා වගේ. පාර්ලිමේන්තුව කියන්නේ කාටත් ක්ෂේම භූමියක්... සාමාන්‍ය ජනයාට හැර...

:       0       2

ගුණරත්න Tuesday, 27 May 2025 05:27 PM

අපට එක දවසකට 1000ක් විතර යනවා. ඒකත් යන්තම් කවර් කරන්නේ, මොවුන් දවසක වියදම රුපියල් 100ට අඩුයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site