
(අංජුල මහික වීරරත්න)
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර් මස 24 දින සිට 26 දින දක්වා සැමෝවාහි අපියාහිදී "අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්" යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී කරවීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න දෙයක් කියන්න පුළුවන් කණ්ඩායමක් යන එක කාටත් හොඳයි.
පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ඉවත් කරනවා කීවානේ ලාල් කාන්ත, දැන් නියෝජිතයෝ අරින්නේ මොකටද?
ඇයි මේ සමුළුවට එංගලන්තය වගේ ඈත රටක ඉන්න අයව අරින්නේ ලඟම තියෙන ඔස්ට්‍රේලියාවේ තානාපති සහ කන්සියුලර් කාර්‍යාලවල සාමජෛකයින් අතරින් තෝරන්නේ නැතුව. වියදම අඩු කරන්න නේද බලන්නේ. අනික මේකට නම් අපේ ජනාධිපතිතුමා කොහොම වෙතත් අගමැතිතුමියවත් යන්න තිබුණා. මෙතන රටේ නායකයන් මිසක් නියෝජිතයන් විතරක් ඇරලා හරියන තැනක් නොවෙයි. ඒ වගේම අපරාදේ වියදම කියන්න දෙයකුත් නොවෙයි. එතුමිය සමඟ විදේශ ලේකම් වැනි කෙනෙක් ගියා නම් හොඳ බව හිතෙනවා.