IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි

 (රංජිත් රාජපක්ෂ )                    

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භුමියේ මෙම ජිප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල් කර ඇති බවත්, එම ජිප් රථය මේ වන විට සම්පුර්ණයෙන්ම දිරාපත් වි දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පොලිසිය කියා සිටියේය.

නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියෙකුට භාවිතා කිරිම සදහා එවකට මෙම ජිප් රථය ඇතුළු තවත් ජිප් රථයක් අමාත්‍යවරයා විසින් ලබා දි ඇති බවත්, අනෙක් ජිප් රථය සොයා මේ වන විට පොලිස් විමශණයක් ආරම්භ කර ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

නුවරඑලිය ප්‍රදේශයේ රජයට අයත් වාහන සගවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජිප් රථ දෙකක් සොයාගෙන ඇති බවත්තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති හෙයින් එම වාහනද පොලිස් භාරයට ගැනිමට කටයුතු කරන බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

 



අදහස් (9)

අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි

Ruhunu Monday, 14 October 2024 10:49 AM

අපි හිතුවේ හොරු අල්ලාවි කියලා

:       16       25

Duminda UdayakumaraMonday, 14 October 2024 01:03 PM

හොරු අල්ලන්න හොර බඩු හොයාගන්න ඕනෑ නේද?

:       4       12

රම්බොඩ Monday, 14 October 2024 10:59 AM

මේ වගේ පොසිල හොය හොයා මාධ්‍ය ට දාන එක නම් විහිළු වැඩක් වගේ. එතකොට මෙයාලත් එයාලා වගේම කියලයි හිතන්න වෙන්නෙ .

:       20       29

Rathnaseekara Monday, 14 October 2024 11:17 AM

පරන වාහන විහිලුවක් වෙලාද කියලා හිතෙනවා .කොහොම වුනත් එම වාහන තියෙන ස්ථානයේ අධිපති මෙහෙම දේවල් සදහා වගකිවයුතු කෙනෙක් වෙනවා .මොකද ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව රජයේ දේපළ නාස්ති වීමට ඉඩදීම වරදක් නිසා

:       1       33

දර්ශන Monday, 14 October 2024 11:26 AM

කන්දක් විළිලා පෙජරෝවක් ඉපැද්දීම කියලද මේකට කියන්න ඕනෑ.

:       8       7

DelgodaMonday, 14 October 2024 12:57 PM

පොලිසියට වෙන වැඩක් නැහැ කියලාද හිතන්නේ දර්ශන. තමනුත් බසයක හෝ වෙනත් වාහනයක ගමනක් යද්දී බලන්න පාරවල් අයිනේ ඔහොම දිරච්ච වාහන නැද්ද කියලා බොහෝවිට රජයේ ආයතන අසල නම් ඕනෑතරම් තියෙනවා... ගරාජ්වල බලන්න රජයේ වාහන කොපමණ තියෙනවාද කියලා...

:       4       8

බකල ජයා Monday, 14 October 2024 11:44 AM

මම හිතන්නේ නම් මේවා අපිට වැදගත්. ජනතා ඡන්දයෙන් පත්වුණු අය ඉතිහාසේ ඉඳලාම රට ගොඩගත්තු හැටි අපි වගේම අලුත් පරපුරත් දැනගන්න ඕනෑ. ප්‍රධාන පාසල් ඇරෙන වෙලාවට ඕනෑ නං ගිහිල්ලා බලන්න රජයේ වාහන කීයක් තියෙනවාද කියලා? රියැදුරාට, ඉන්ධනවලට, රථයේ නඩත්තුව ඔක්කෝම මහජන මුදලින්. රාජකාරි වැඩවලට හැර කිසිම දේකට මේ වගේ ජනතා මුදල් භාවිතාව තහනම් කරන්න අවශ්‍යයි. සාමාන්‍ය මිනිස්සුට මේ පහසුකම් නැහැ. නමුත් ඔවුන්ගේ මුදලින් වරප්‍රසාද තියෙන කට්ටිය යැපෙනවා. රජයේ සම්පත්වල වගකීම ගන්න නිලධාරීන් පත්කරනවා වගේම අවභාවිතා වුණොත් වගවීමත් ඉල්ලා සිටින්න ඕනෑ. ඒ කියන්නේ වැරැද්දට නිසි දඬුවමක්.

:       2       14

පුරවැසියෙක් Monday, 14 October 2024 11:51 AM

ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් කල් මේවා සොයා නොගැනීම ප්‍රශ්ණයක්නේ.

:       1       12

Chandima Monday, 14 October 2024 01:11 PM

රනිල් වගේමයි...!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 328 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site