
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
කොළඹ මහ නගර සභාව මගින් මෙම කටයුතු සිදු කෙරිණි.
ආරක්ෂක හේතුන් මත යැයි පවසා 2005 වසරේ සිට වසර 19 ක කාලයක් වසා දමා තිබූ අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය මීට දින කීපයකට ඉහතදී යළි මහජනතාව සඳහා විවෘත කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී ඇත.
මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නෑනේ. දැන් ඉන්න අයව මරන්න කවුරුත් එන්නේ නෑනේ. ඉතින් ආපහු පාරක් වෙන කවුරු හරි අවි අතට ගන්න කාලයක් එනතුරු නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කොළඹ යන්න බයේ හිටි අපට කොළඹ විතරක් නෙවෙයි... රටේ ඕනෑතැනක නිදහසේ යන්න පුළුවන් කරපු ලොක්කන්ටත් පොඩ්ඩන්ටත් පින්සිදුවේවා..!
දූෂිත දේශපාලුවන් රකින්න දිවා රෑ මුර කුටිවල නිදිවරාගෙන හිටපු ආරක්ෂක නිලධාරීන්ට දැන් නිදහසේ ඉන්න බැරියෑ...
මේ වෙනස දකින්නත් අකමැති අය ඉන්නව වගේ. මෙම තත්ත්වය ඇතිකල පරන නායකයන්ට තිබුනනේ ඉතින් අයින් කරල ඔන්න රටේ සාමය දැන් තියෙනව කියල ක්‍රෙඩිට් එක ගන්න.