IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.     

කොළඹ මහ නගර සභාව මගින් මෙම කටයුතු සිදු කෙරිණි.

ආරක්ෂක හේතුන් මත යැයි පවසා 2005 වසරේ සිට වසර 19 ක කාලයක් වසා දමා තිබූ    අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය මීට දින කීපයකට ඉහතදී යළි මහජනතාව සඳහා විවෘත කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී ඇත.

මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන්  ය.



අදහස් (3)

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි

Nelu Sunday, 13 October 2024 01:09 PM

ප්‍රශ්නයක් නෑනේ. දැන් ඉන්න අයව මරන්න කවුරුත් එන්නේ නෑනේ. ඉතින් ආපහු පාරක් වෙන කවුරු හරි අවි අතට ගන්න කාලයක් එනතුරු නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කොළඹ යන්න බයේ හිටි අපට කොළඹ විතරක් නෙවෙයි... රටේ ඕනෑතැනක නිදහසේ යන්න පුළුවන් කරපු ලොක්කන්ටත් පොඩ්ඩන්ටත් පින්සිදුවේවා..!

:       7       38

ගමේ එකාලා Sunday, 13 October 2024 03:20 PM

දූෂිත දේශපාලුවන් රකින්න දිවා රෑ මුර කුටිවල නිදිවරාගෙන හිටපු ආරක්ෂක නිලධාරීන්ට දැන් නිදහසේ ඉන්න බැරියෑ...

:       7       27

සෙනෙවිරත්න Monday, 14 October 2024 09:02 AM

මේ වෙනස දකින්නත් අකමැති අය ඉන්නව වගේ. මෙම තත්ත්වය ඇතිකල පරන නායකයන්ට තිබුනනේ ඉතින් අයින් කරල ඔන්න රටේ සාමය දැන් තියෙනව කියල ක්‍රෙඩිට් එක ගන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 470 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site