IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි?

(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රාජිත සේනාරත්න මහතා පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින්  ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත.

එහෙත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර  නැතැයි දැනගන්නට ඇත.



අදහස් (18)

රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි?

Jayasekara Saturday, 08 April 2023 12:09 PM

මහලොකුවට... තම මත ප්‍රකාශ කිරීමේ නිදහස ගැන කතා කරනවා. පක්ෂයේ කෙනෙක්ට තම මතය කියන්න බැහැ.

:       30       100

ශශී Saturday, 08 April 2023 12:13 PM

හිටපු කාලයේ මාටියා ගහලා ගත්තු නැව් ආපහු රජයට පවරාගත යුතුයි...!

:       8       89

Rata Perata Saturday, 08 April 2023 12:20 PM

රාජිත, රත්තරන් වගේ අයව ආයෙත් පාර්ලිමේන්තු නොයවන්න දැන්වත් කළුතර ජනතාව බුද්ධිමත් වෙන්න.

:       2       89

Waleboda Saturday, 08 April 2023 12:47 PM

ඔය මනුස්සයාට ප්‍රතිපත්තියක් නෑ.

:       4       81

Buddika Saturday, 08 April 2023 01:32 PM

ඔය මනුස්සයාට තියෙන එකම ප්‍රතිපත්තිය බලය වෙනුවෙන් මිලියන ගණන් අරන් මුක්කු ගැසීම... හැමදාම කළේ මේ දේ ඇමැති කමේ රහ මතක් වෙද්දී කොහේද ප්‍රතිපත්ති..? ඉල්ලන්නෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය... බෙහෙත් ආනයනයේ රස හොඳට දන්නවා. එක සැරයක් උසාවියෙන් මන්ත්‍රීකම නැතිකළා.. ඒ ගැන දන්නෝ දනිති. මෙහෙව් අයට නොමිනේෂන් දෙන්න එපා...

:       3       64

Sunil Saturday, 08 April 2023 01:49 PM

මුළු රටටම ශාපයක්...

:       2       70

බක්මීගොල්ල Saturday, 08 April 2023 02:10 PM

මේවගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ. කිසිම ප්‍රතිපත්තියක් නැති වාසි පැත්තට හෝයියා කියන මොවුන්ගේ පක්ෂ සාමාජිකත්වය විතරක් නෙමෙයි, මේ රටේ පුරවසිභාවයත් නැතිකරලා රටෙන් පිටුවහල් කරන්න ඕනේ ඉතියෝපියාවට.

:       3       61

පැරකුම්Saturday, 08 April 2023 04:17 PM

ඉතියෝපියාවට…? ඉතියෝපියාව දැන් අපට වඩා දියුණු හොඳ රටක්... ඒ රට විනාශ කරන්න දෙන්න එපා...

:       1       60

විපරමා Saturday, 08 April 2023 03:07 PM

දත් දොස්තර කොහොමටත් දත් ගලවන්න හපනා. සෞඛ්‍ය ඇමැතිකමට කෙළ හලහල ඉන්නේ?

:       1       46

ranjith Saturday, 08 April 2023 03:57 PM

මේවගේ පුද්ගලයින් මොකට පාර්ලිමේන්තු එවනවද?

:       1       35

Rohana Saturday, 08 April 2023 04:15 PM

සැබෑම අවස්ථාවාදියෙක්. ඔය ඇමැතිකම් ඉල්ලන්නේ රට හදන්න නොවෙයි, තමන් හැදෙන්න...

:       1       34

Deepal Saturday, 08 April 2023 04:43 PM

2020 දී කළුතර අයම නෙවෙයි මෙයාට මනාපෙ දුන්නේ. වෙල්ගම ඉතා ඉහළ මනාපයක් අරන් හිටියේ... මෙයා දෙවෙනියටත් පල්ලෙහා. වෙල්ගම මෙයාට මනාප තෑගි දුන්නා පාර්ලිමේන්තු එන්න. මනාප ගනින තැන සිටි සජබේ කෙනෙක් දෙන්නගේ කතාව අහන් ඉඳලා කිව්වේ. නියම දෙවැනියා එළියේ. අන්තිමට වෙල්ගමයි, රාජිතයි දෙන්නම සජබේ ඡන්ද අරන් ඔවුන්ට කොකා පෙන්නුවා...

:       2       19

de silva Saturday, 08 April 2023 06:53 PM

මේ හොරුන්ගේ ඡන්ද පදනම ගැලවිලා දැන් බොහෝකල්.., කෙළින්ම එළියට දමන්න. මිනිස්සු ඡන්දෙ දේවි...

:       0       4

P.d goonawardene Sunday, 09 April 2023 08:35 AM

නිවන් සුව...

:       0       5

fairoos Sunday, 09 April 2023 01:16 PM

පක්ෂයෙන් විතරක් නෙවෙයි, රටිනුත් තොලොංචිවෙලා යන්න ඕනේ...!

:       0       4

BamunuarachchiTuesday, 11 April 2023 06:41 PM

හම්බ සෙට් එකත් එක්කම...

:       0       0

BamunuarachchiWednesday, 12 April 2023 08:56 AM

හම්බයෝ ටිකත් එක්ක තොලොංචි ඕනේ...

:       0       0

perewa Wednesday, 12 April 2023 05:12 PM

ඕකාට පක්ෂයක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 94 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site