(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
රාජිත සේනාරත්න මහතා පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින් ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත.
එහෙත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකුවට... තම මත ප්‍රකාශ කිරීමේ නිදහස ගැන කතා කරනවා. පක්ෂයේ කෙනෙක්ට තම මතය කියන්න බැහැ.
හිටපු කාලයේ මාටියා ගහලා ගත්තු නැව් ආපහු රජයට පවරාගත යුතුයි...!
රාජිත, රත්තරන් වගේ අයව ආයෙත් පාර්ලිමේන්තු නොයවන්න දැන්වත් කළුතර ජනතාව බුද්ධිමත් වෙන්න.
ඔය මනුස්සයාට ප්‍රතිපත්තියක් නෑ.
ඔය මනුස්සයාට තියෙන එකම ප්‍රතිපත්තිය බලය වෙනුවෙන් මිලියන ගණන් අරන් මුක්කු ගැසීම... හැමදාම කළේ මේ දේ ඇමැති කමේ රහ මතක් වෙද්දී කොහේද ප්‍රතිපත්ති..? ඉල්ලන්නෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය... බෙහෙත් ආනයනයේ රස හොඳට දන්නවා. එක සැරයක් උසාවියෙන් මන්ත්‍රීකම නැතිකළා.. ඒ ගැන දන්නෝ දනිති. මෙහෙව් අයට නොමිනේෂන් දෙන්න එපා...
මුළු රටටම ශාපයක්...
මේවගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ. කිසිම ප්‍රතිපත්තියක් නැති වාසි පැත්තට හෝයියා කියන මොවුන්ගේ පක්ෂ සාමාජිකත්වය විතරක් නෙමෙයි, මේ රටේ පුරවසිභාවයත් නැතිකරලා රටෙන් පිටුවහල් කරන්න ඕනේ ඉතියෝපියාවට.
දත් දොස්තර කොහොමටත් දත් ගලවන්න හපනා. සෞඛ්‍ය ඇමැතිකමට කෙළ හලහල ඉන්නේ?
මේවගේ පුද්ගලයින් මොකට පාර්ලිමේන්තු එවනවද?
සැබෑම අවස්ථාවාදියෙක්. ඔය ඇමැතිකම් ඉල්ලන්නේ රට හදන්න නොවෙයි, තමන් හැදෙන්න...
2020 දී කළුතර අයම නෙවෙයි මෙයාට මනාපෙ දුන්නේ. වෙල්ගම ඉතා ඉහළ මනාපයක් අරන් හිටියේ... මෙයා දෙවෙනියටත් පල්ලෙහා. වෙල්ගම මෙයාට මනාප තෑගි දුන්නා පාර්ලිමේන්තු එන්න. මනාප ගනින තැන සිටි සජබේ කෙනෙක් දෙන්නගේ කතාව අහන් ඉඳලා කිව්වේ. නියම දෙවැනියා එළියේ. අන්තිමට වෙල්ගමයි, රාජිතයි දෙන්නම සජබේ ඡන්ද අරන් ඔවුන්ට කොකා පෙන්නුවා...
මේ හොරුන්ගේ ඡන්ද පදනම ගැලවිලා දැන් බොහෝකල්.., කෙළින්ම එළියට දමන්න. මිනිස්සු ඡන්දෙ දේවි...
නිවන් සුව...
පක්ෂයෙන් විතරක් නෙවෙයි, රටිනුත් තොලොංචිවෙලා යන්න ඕනේ...!
ඕකාට පක්ෂයක් නෑ