IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'ආටිහාමු පැවිදි බිමට'

2016-05-19-ENT-48

අද වෙසක් පෝය දා හෙලිදරව් කරන මේ පුවත දුටු ගමන් ඔබේ ඇස් උඩයන බවට සැකයක් නැත. හේතුව ආටිහාමු යනු බොහෝ සැර පරුෂ මිනිසෙක් වීමය. ඔහුට ශාන්ත සුන්දර පැවිදි ජීවිතයක් ගතකළ හැකි ද යන සැකය ඔබේ සිතේ මතුවන නිසාය. එනිසාම අපි ”ආටිහාමු” සමග මේ පිළිබඳව කතා කරන්නට තීරණය කළෙමු. ආටිහාමු හෙවත් ලයනල් වික‍්‍රම දැන් මා ඉදිරිපිටය.

 

2016-05-19-ENT-52ඔබට ලයනල් වික‍්‍රම කියන්න ද ආටිහාමු කියන්නද?

කැමති එකක් කියන්න.

 

සමහර නළුවන්ට ඒ අය ජනප‍්‍රිය වුණු නමෙන් කතා කළාම කේන්ති යනවා.

මට නම් එහෙම ප‍්‍රශ්නයක් නෑ.

 

ඒ කියන්නෙ ඔබට ආටිහාමු කිව්වට තරහ ගන්නෙ නෑ.

මේ ළඟදී ත‍්‍රීවීල් පාක් එකක හිටපු ඉලන්දාරි වගයක් අඩෝ ආටියා කියලා කිව්වා. මම ඒත් හිනාවෙලා යන්න ගියා.

 

එහෙම කිව්වාම කේන්ති යන්නෙ නැද්ද?

ආටිහාමු කියන්නෙ සැර පරුෂ චරිතයක්. මේ චරිතයට සමහරු කැමති නෑ. ඒ අය තමයි ඔය අර විදියට කතාකරන්න ඇත්තේ.

 

කොහොමද ඉතින් ඔබ ආටිහාමු වුණේ...

ඔය බට්ටි ටෙලි නාට්‍යයෙ චරිතයක්නෙ. මේකෙ ප‍්‍රධාන චරිත රඟපෑවෙ රොජර් සෙනෙවිරත්නයි දමිතා අබේරත්නයි. ඔය පවුලෙ තාත්තා තමයි ආටිහාමු. මේ ආටිහාමු කියන්නෙ බොහොම සැර පරුෂ දරදඬු පාලකයෙක්. හැබැයි අනෙක් හැම චරිතයකටම වැඩියෙන් ආටිහාමු ජනප‍්‍රිය වුණා.

 

බට්ටිගෙන් පස්සෙ ටෙලිනාට්‍ය කීයක් කළාද?

සීයක් විතර.

 

ඒත් හාමු චරිතද?

වැඩි හරියක්ම හාමු චරිත.

සේපාලිකා නාට්‍යයෙ දිසානායක හාමු වුණේ බට්ටි නාට්‍යයට පස්සෙ. මේ චරිතයත් ගොඩක් ජනප‍්‍රිය වුණා.

 

2016-05-19-ENT-51නමුත් ඔබට දිසානායක හාමු වෙන්න බැරිවුනා?

බැරිවුණා මම දිගටම ආටිහාමුම තමා.

 

ඔබත් නළුවෙක් වෙන්න සිහින දැකපු කෙනෙක්ද?

අපෝයි නැහැ.

 

එහෙමනම් නළුවෙක් වුණේ කොහොමද?

ඒක අහම්බයක්. සෝමසිරි දෙහිපිටිය කියන්නෙ මගේ මිත‍්‍රයෙක්. එයයි මමයි දෙන්නාම වැඩ කළේ මහාමාර්ග දෙපාර්තමේන්තුවෙ. මම කාර්මික නිලධාරියෙක්. සෝමසිරි ගබඩා පාලක. එයා තමයි මට නිතර කියන්නෙ මගෙ පෙනුම නළුවෙකුට මරු කියලා. ඔහොම කියන හැමදාම වගේ මම අහනවා උඹට පිස්සුද කියලා. මං කියනවට උඹ එකකට සම්බන්ධ වෙලා බලපං කියලා. එතකොට සෝමසිරි කියනවා.

 

මොකක්ද එක වුණේ.

තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ චිත‍්‍රපටිය. මේකෙ බේබි මහත්තයා වුණේ මම.

 

බේබි මහත්තයාගෙ වයස කොහොමද?

අවුරුදු විසි අටක් විතර ඇති.

 

වැඬේ අල්ලලා ගියාද?

අපහසුවක් වුණේ නෑ, හිටපු කට්ටියත් මට උපරිම සහයෝගය දුන්නා. වැඬේ රසවත් වුණා.

 

ආසා හිතුණාද?

ඔව් ආසා හිතුණා.

 

ඊට පස්සෙ?

මම සාගරයක් මැද හිරගෙදර දොස්තරගෙ චරිතය කළා. සක්විති සුවයෙ කන්තෝරුවක ඩ‍්‍රාෆ්මන් චරිතය කළා.

 

ඔය හැම චරිතයක්ම ලැබෙන්නෙ සෝමසිරි දෙහිපිටිය හරහාද?

මෙහෙමයි. හුඟක් නළු නිළියෝ, අධ්‍යක්ෂවරු සෝමසිරි දෙහිපිටිය මුණගැහෙන්න එනවා. සිරිල් වික‍්‍රමගේ, බන්දුල විතානගේ, විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ එහෙම. ඔහොම ආපු වෙලාවක පතී මගේ හොඳ යාලූවෙක් වෙනවා. ඊට පස්සෙ පතීගෙ වැඩවලදි මම නළුවට අමතරව කාර්මික පැත්තෙ රාජකාරිත් කරනවා.

 

2016-05-19-ENT-46පතිරාජව ෆිට් කරගත්තෙ?

එයත් නුවර මමත් නුවර. ඒ නුවරකමට අපි දෙන්න ටක්ගාල යාලූ වුණෙ. කොහොම හරි මගෙ රංගන ගුරුවරයා වුණේ පතිරාජ කිව්වොත් හරි.

 

මුලින්ම පතී එක්ක කරපු නිර්මාණය.

ගඟුලෙන් එගොඩට. ඒක තමයි ලංකාවෙ හයවැනි ටෙලිනාට්‍යය.

 

එතකොට පළමුවතාවට හාමු මහත්තයෙක් වුණේ?

ඇල්ල ළඟ වලව්වෙ. මම තමයි ආතර් හාමු. මගෙ බිරිඳ වුණේ අයිරාංගනී සේරසිංහ.

 

හැමදාම හාමු මහත්තයෙක් වෙන්න ලැබෙන්නෙ...

මං හිතන්නෙ මගෙ පෙනුම. අනික එක පාරක් එක චරිතයක් සාර්ථකව කළාම හැමදාම ඒ චරිතයමනෙ ලැබෙන්නෙ.

 

මොකක්ද මේ මහණ වුණු කතාව?

මේක මේ අලූත් ටෙලි නාට්‍යයක චරිතයක්. මම වනවාසී හාමුදුරු කෙනෙක්. හැබැයි යකාටවත් බය නැහැ.

 

මේ පළමුවැනි හාමුදුරු චරිතයද?

ඔව්.

 

මීට කලින් කවුරුවත් මහණවෙන්න කතා කළේ නෑ.

මොකද නැත්තෙ. ඒත් මම රැවුල කොණ්ඬේ කපන්න කැමති වුණේ නෑ.

 

මේ වතාවෙ කැමති වුණේ?

වනවාසී හාමුදුරුවරු රැවුල් කොන්ඩ කපන්නෙ නැහැනෙ.

 

රැවුලට ආදරෙයි..?

මට වැඩ ගොඩක් තියෙනවා. රැවුල කැපුවොත් ඒ වැඩ පාඩුවෙනවා.

 

මේ දවස්වල රඟපාන නාට්‍ය එහෙම.

සිල්ලර කාසි තාත්තා, බිඟු නාට්‍යයේ ප‍්‍රධාන චරිතය, මිහිදුම් කළුවරේ වලව්වක හාමු, කුරුලූ පිහාටු නාට්‍යයේ මේජර් සීයා.

 

ආටිහාමු ගෙදරටත් හාමු වගේද?

අපෝයි නෑ. මම බොහොම අහිංසක, ආදරණීය මනුස්සයෙක්. මං කියන්නෙ බොරු කියලා හිතෙනවා නම් වයිෆ්ගෙන් අහන්න.

 

ශාන්ත කුමාර විතාන 

 

sandalla

 

2016-05-19-ENT-44 2016-05-19-ENT-45
2016-05-19-ENT-47
2016-05-19-ENT-49
2016-05-19-ENT-53
2016-05-19-ENT-54
2016-05-19-ENT-55
2016-05-19-ENT-56
2016-05-19-ENT-50

 



අදහස් (0)

'ආටිහාමු පැවිදි බිමට'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site