IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


'සියලු මාර්ග නියමිත කාලයට සංවර්ධනය කරනවා'

(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පැවසීය.

දිවයිනේ සියලුම අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කර ඇති බව කී ලේකම්වරයා මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41 කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බව ද සඳහන් කළේය.

කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කර, නවීන තාක්ෂණයෙන් යුත් ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර තිබෙන බව කී ඒ මහතා භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිතා කරමින් මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට සැලසුම් කර ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව ද පැවසීය.

ත්‍රිකුණාමලය කින්නියා, කුරුඤ්ඤන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව ද පැවසීය.

“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ලේකම්වරයා එසේ පැවසීය.



අදහස් (4)

'සියලු මාර්ග නියමිත කාලයට සංවර්ධනය කරනවා'

ගමේ එකාලා Thursday, 25 November 2021 04:14 PM

සව් බාගයේ දැක්ම පෙන්වන්ඩ දැනුයි මතක් වෙලා තියෙන්නේ ?

:       0       0

Sunil Thursday, 25 November 2021 04:25 PM

කඩවත මීරිගම කොටසත් සංවර්ධනය කෙරෙන්නේ නියමිත කාලයටද.?

:       0       0

ROHAN Thursday, 25 November 2021 05:04 PM

ගාලු පාරේ ගමනාගමනය ඉවත් කරන්න. වාද්දුවට පැය 2යි

:       0       0

mp Friday, 26 November 2021 04:46 AM

එක පොරොන්දුවක් තමයි එළවළු නහුතෙට වැඩි කරන එකක්... අනිත් එක තමයි වැඩිහිටි මිනිසුන්ගේ ආදායම වන බැංකු පොළිය බින්දුවට බැස්සවීම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site