IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


'හොරෙන් රට පැනීම සියයට තිහකින් වැඩිවෙලා'

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද සියයට 30කින් පමණ  වැඩිවී ඇතැයි  ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.

විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙම පැනයෑම සුලභව  සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි  නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි  නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඒ සම්බන්ධයෙන්  මේ දිනවල නිරන්තර සෙවිල්ලෙන්  පසුවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන්  දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

ආර්ථික ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම උතුරේ ප්‍රදේශවලින් ජනතාව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට හොර රහසේ පැන යෑමද ශීඝ්‍රයෙන් වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

පසුගිය කාලයේදී උතුරේ පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසක්   මේ ආකාරයට  ඉන්දියාවට පලා ගොස් ඇති අතර කිහිපදෙනෙක් එසේ පැන යෑමට උත්සාහ උත්සාහ දැරූ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස පැන යෑම සඳහා සමහර පුද්ගලයන් විවිධ බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ඇතැයි පැවසෙන අතර මේ හේතුවෙන් එම යාත්‍රා සම්බන්ධයෙන්ද මේ දිනවල  විශේෂ සෝදිසියකින් පසුවන බව ආරක්ෂක අංශ පවසයි.



අදහස් (6)

'හොරෙන් රට පැනීම සියයට තිහකින් වැඩිවෙලා'

Pradeep Kumara Saturday, 30 April 2022 02:57 PM

තම ජීවිතයත් පරදුවට තියලා මේ මිනිස්සු මෙහෙම හරි රටින් පැනගන්න හදන්නේ එදාමෙදා තුර සිටි අපේ පාලකයින්ගේ ක්‍රියාවල ප්‍රතිඵල නිසයි. ඔවුන්ට රටේ ඉන්න හැකියාවක්වත් නැත්නම් අඩුම තරමේ තමන් කැමැති දිහාවකට ගිහින් ඉන්නවත් දෙන්න..

:       3       42

රටවැසියාSaturday, 30 April 2022 06:46 PM

ප්‍රදීප් කුමාර.... ලංකාවේ දේශපාලකයින්ට බැනලා වැඩක් නැහැ..! තම තමාගේ මොළය තියෙන්නේ තමාගේ ඔලුවේමය..! රටෙන් පැන්නා කියලා හැමදේම තමන් ළඟට එන්නේ නැහැ. යන්න හදන රටේ භාෂාව හොඳට දැනගත යුතුයි..! නැතිනම් ඔහු අසරණයෙක් වෙනවාමයි..! ඊට අමතරව දැන් යුරෝපා රටකට ඇතුළුවුණොත් ඒ කෙනාගේ දත්ත සොයනවා. රටට ඇතුළත් වුනේ කොහොමද කියලා..! ඒ "ඇසේ දත්ත ලබාගනිමින්" ඒකට කියන්නේ රෙටිනා චෙක් කියලා! රටට හොරෙන් ඇතුලු වුණා නම් වැලේවැල් නැහැ. ඒ වගේ කෙනෙක්ව යාලුවෙක් ගෙදරක නවත්වාගෙන හිටියා නම් යාලුවා කෙලින්ම කූඩුවේ දානවා! ඉන්පසු නඩු..!

:       23       6

Banda Saturday, 30 April 2022 06:29 PM

මේ රට යන අයට යන්න දීපල්ලා...!

:       1       22

නිසන්ක Sunday, 01 May 2022 08:41 AM

ඉන්න හිතෙන රටක් හදපු එකේ ප්‍රතිඵල තමයි ඒ ඉතින්.....

:       0       0

Rohana Sunday, 01 May 2022 09:33 PM

හොරෙන් හෝ නීත්‍යානුකූලව රට හැර යන්නේ මේ රටේ ජීවත්වීම අසීරු නිසයි. පාලකයින් රට කා දමලා තියෙනකොට මිනිසුන් රට හැරයාම වළක්වන්න බැහැ.

:       0       1

ආර්. ඇම්. සරත්චන්ද්‍ර Monday, 02 May 2022 08:58 AM

ලංකාවේ අය විතර ඉරිසියා කාරයින් ලෝකයේ කොහෙවත් නෑ. ඉන්දියාවේ මොන ක්‍රමයකින් හෝ ඉංජිනේරුවන් බිහිකර පිටරටට පටවලා මුදල් හොයනවා. ඉන්දියාව A/L යාන්තම් පාස් අයට Bachelor of Engineering උපාධිය දීලා රටපටවලා මුදල් ඒ රටට ගලාගෙන එනවා. අපේ එවුන්ට ඒ චානස් එක ලංකාවේ එවුන් දෙන්නේ නැහැ. හොරෙන් හරි ගිහිල්ලා ලංකාවට නේද කීයක් හරි එවන්නේ...? නාවික රැකවල් වැඩිනොකර ඒ අයව පිටමන් කරලා කීයක් හෝ ලංකාවට ගෙන්වා ගනිව්. මේ වගේ කාලකණ්ණි ජාතියක් මේ ලෝකේම නැහැ. අනිත් එකාගේ පාර වහන එකමයි දන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site