(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.
ජනාධිපතිවරණයට සම්බන්ධ පොස්ටර් සැකකරුගේ නිවසේ තිබූ බවත් එහි වර්ග දෙකක පෝස්ටර් 3850 ක් මාදම්පේ පොලීසිය බාරයට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පවත්වයි.
සැකකරු සහ පෝස්ටර් තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨගේද, සජිත්ගේද, අනුරගේද අදාළ නැත. කවුරු උනත් වැඩේ වැරදිනම් ඇතුලටම දැමිය යුතුය.
පොඩි ප්‍රශ්නකට තියෙන්නේ පෝස්ටර් ටික ගෙදර තිබිලා අල්ල ගත්ත එකයි. පොදු ස්ථානයක නොවේ. පෞද්ගලික ස්ථානයක තියාගැනීම තහනම්ද?
මේ සැරේ අපේක්ෂකයන් කවුරුත් වැඩිය පෝස්ටර් ඇලෙව්වේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. නොගහ ඉතිරි උන පෝස්ටර් ද දන්නේ නැහැ.
දැන් වීරවංශ කියයි මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා...