IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සා.පෙළ උපකාරක පන්ති-දේශන 27 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(ඩයනා උදයංගනී)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
එම නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
 
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වනදා සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්වෙන අතර ඊට අයදුම්කරුවන් සංඛ්‍යාව 7,17,008 දෙනකු පෙනී සිටීමට නියමිත බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
 
 
පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ අසූ තුන්දහස් නවසිය පනස් අට දෙනෙකු ද ඒ අතර වන බවයි සනත් පූජිත මහතා කීවේය.
 
මෙවර විශේෂ විභාග මධ්‍යස්ථාන 8 ක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
 
සිරභාරයේ සිටින රැඳවියන් සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා මහරගම අපේක්ෂා රෝහල, සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, හෝමාගම වටරැක සුනීත විද්‍යාලය, රත්මලාන අන්ධ විද්‍යාලය, තංගල්ල, හලාවත සහ මාතර යන ස්ථානයන්හි එම විශේෂ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (1)

සා.පෙළ උපකාරක පන්ති-දේශන 27 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Rohana Monday, 25 November 2019 02:32 PM

හරියට මැතිවරණ වලට දෙන නිහඬ කාල පරිච්චේදය වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site