(මනෝප‍්‍රිය ගුණසේකර)
විත්තිකරුවකුට ඇප ලබාදීම සඳහා මහෙස්ත‍්‍රාත්වරයා පෙළඹවීම සඳහා කූට ලෙස සකස් කළ ලේඛනයක් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරු වු මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණයේ විශ්වාසය බිඳ දමා ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මාස 36ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
සාමාන්‍ය පොලිස් නිලධාරියකුට වඩා වැඩියෙන් විශ්වාසය තබන අධිකරණය බාරව කටයුතු කරන පොලිස් නිලධාරියකු වු විත්තිකරු මහෙස්ත‍්‍රාත්වරයා රැවටීම මඟින් වැරදි ආකාරයෙන් කටයුතු කිරීමට ඔහු පොළඹවා ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 29,500/-ක දඩයක්ද ඔහුට නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක එම්.එම්. සරත් බිබිල මහතාටය.
2025 දෙසැම්බර් මස 04
455
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇප දීමට මහෙස්ත්‍රාත් පෙළඹවීයැයි උසාවි මුරපොළේ ස්ථානාධිපති මාස 36ක් හිරේට
සතයපාල Thursday, 21 June 2018 01:12 PM
අපේ අධිකරණ පද්ධතිය ඉතිහාස ගත වෙනවා මේ වගේ දඩුවම් දෙන්න ගියොත් කූඨ ලේබනයක් උසාවියට ඉදිරිපත් කලවිට බරපතල වැඩ සහිතව වසර තුනක් වත්කම් ප්‍ර කාශය ඉදිරිපත් නොකිරීමට රුපියල් දාහක දඩයක් !