අජන්ත කුමාර අගලකඩ
ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.
ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.
ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.
COMMENTS
රවිය තව අවුරුදු 10 කට සෙට්...
මෙයට කොමිස් දීලා ගිවිසුම් අත්සන්කරන්න එපා 2020 දී ගිවිසුම් අහෝසි වෙනවා. එතකොට දීපු කොමිස් අපරාදේ
ඔන්න බළල මල්ලෙන් එලියට පැන්න සතොස කෑව ආර්ථිකේ කෑව මහ බැංකුව කෑව දැන් විදුලි බලෙත් කන්නයි හදන්නෙ. කෑව කියන්නෙ විනාශ කරා විතරක් නෙවේ හොරා කෑව පරම්පරා සියගානකට හම්බකරා
ඇයි මහ බැංකුවෙන් කාපු එක මදිද? ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගන්නවා නං, ඇමතිකෙනක් මොනවටද? ඕක කාර්යාල සහායකුටත් කරන්න පුළුවන්.
ලෝකයේ දියුණු රටවල් එම රටවල විදුලිය අඩු මුදලට තම රටේ විදුලිය අසල්වැසි රටේ අනෙක් කෙළවර දක්වා ගෙනයාමට හැකිනම් (කාලෝමීටර 7000ක) ලංකාවට ඉන්දියාවෙන් අඩු මුදලට විදුලිය ලබාගත නොහැකිද?
හොර තක්කඩි ගසා කන්න අලුත් යෝජනා කරනවා මිසක්, රට දියුණු කරන යෝජනාවක් කරන්න කවුරුවත් නැහැ. මෙවුන් මේ සියලු සැලසුම් කරන්නේ මැරුණම අරගෙන යන්න වගේනේ?
බළලා මල්ලෙන් එළියට පැන්නද මන්දා...............
ඕක බොහොම ඉහළින් සම්මත වෙයි. හැමෝගෙම සාක්කු පිරෙයි. යන්න කලින් ආයෝජනය කිරීම වැදගත්
කොහොමද ටිකිරි මොලේ? දැන්වත් රටේ මිනිස්සු අර ගෝඨාභාගේ ඇමෙරිකා පුරවැසිකම අහෝසි උනාද නැද්ද වගේ අනුන්ගේ ඕපාදුප බල බලා ඉන්නේ නැතුව මේ ආණ්ඩුවෙන් රට තුරන් කන විදිහ දිහා ඇස් ඇරලා බැලුවොත් හොදයි
මදි මදි, තව විදුලිය සල්ලිවලට අරගෙන ජනතාවට වැඩි මිලට විකුනන්න ඕන,, ඇස් ඇරෙන්න තව මදි.
අර අපේ ආර්ථික ඔස්තාර්ලා චීනෙට නොමිලයේ වගේ දුන්නු "ගලක් තිබුණු" වරායේ තිබිල චිනු ගලවල අයින් කරපු "සුළං බලාගාර" තිබුනානම් විදුලි නිෂ්පාදනය මේ.වො 03 විදුලිබල මණ්ඩලයේ අර "විමල් මන්ත්‍රීතුමා" කියන විදියට "තක්කඩියා" අමැතිතුමත් එක්ක එකතුවෙලා ඉන්දියාවෙන් කොමිස් කුට්ටියට විතරක් ආනයනය කරපු "ජෙනරේටර්" පනහ (50) හරියට වැඩ කරානම් විදුලි නිෂ්පාදනය මේ.වො 10 කොහොමද ගැහිල්ල?
නියම බිස්නස් එකක්. ඡන්දෙන් පැරදිලා ගෙදර හිටියත් බැංකුවට එහෙමත් නැත්නම් වෙන තැනකට කොමිස් සල්ලි. නැවක් ගිලෙන්න යද්දී එහි සිටින මියන් හිමින් සැරේ අන්තිම තැනේදී මාරු වෙනවාලු. මේ වගේ ගිවිසුමක් අත්සන් කරලා ගෙදර හිටියත් මිලියන ගණනක් දෙයියනේ කියලා ගෙදරටම එනවානේ. අපි බලාගෙන ඉමු මේ යෝජනාවට ඡන්දෙ විමසද්දී පක්ෂව අත උස්සන කීදෙනෙක් ඉන්නවාද කියලා.
මේ අමාත්‍යාංශය වෙන කෙනෙකුට දෙන්න. මේක නැත්නම් බංකොලොත් වේවි.
මේකෙන් හොද කොමිස් මුදලක් එනවා ඇති.. එක වතාවක් වරද පිලි අරගෙන ඇමති කමෙන් අයින් උනා ,
විදුලිය මිලට ගැනීමට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ නොකඩවා රටට අවැසි විදුලිය නිපදවීමේ අනාගත වැඩපිළිවෙලක් නේද ඇමතිතුමා. මොකද ස්ථිර විසඳුමකට නොගිහින් තාවකාලික විසඳුමකට යන්නේ?
අවුරුදු 5 යෝජනා ඕනෑ නැත මේ ඉන්න අවුරුද්දට මොන මගුලක් කොරලා හරි කමක් නැහැ විදුලිය දෙනවා. අවුරුදු 4 ම රට නන්නත්තාර කොරලා හොඳ කුට්ටියකුත් කඩාගෙන යන්නයි කල්පනාව. මහින්ද මහතා ආවාම හොරකම් කරන ගමන් හරි තවත් විදුලි බලාගාරයක් හදාවි. ඒගොල්ලෝ හොරකම් කරන ගමන් රටට අවුරුදු සියගාණක් පවතින ස්ථීර වැඩක් කොලා. බැංකුවත් කොල්ලකාලා අවුරුදු සියගානකින් ගොඩ එන්න බැරි විදියට රට කාබාසිනියා කොලා.
රවී මේ කරන්න හදන්නේ කොම්පැනියක් එක්ක ඩීල් එකක් දාල, ඊළඟ අවුරුදු පහටම ඩොලර් කෝටි ගානක කොමිස් ගහගෙන රට බිල්ලට දීල මාරු වෙලා යන්න. මොහුගේ සියලු වැඩ ගැන විමසිල්ලෙන් සිටිය යුතයි. මොහු කරපු හැම අමාත්‍යංශයෙන්ම හොරකම් කරලා බංකොලොත් කරලා දැම්මා. අහිංසක ජනතාව තවම මේ අය වෙනුවෙන් පව් ගෙවනවා.
එදා 2001 2004 ගුවන්සේවාව විකුණන් කොමිස් ගත්තා 2015 මහ බැංකුව විනාශ කළා..... දැන් පාවෙන බලාගාර වලින් දේනන හදන්නෙ අටිටි හැලෙන්න මෙ වගෙ අය එදා යුන්පි එකෙ හිටියෙ නැහැ.........
හා හා හා............... හැරෙනකොට දන්නවා මොකටද කියල. ඩීල් දාගන්න දඟලපු දැඟලිල්ලක් .........
තැටිය රත් වුනාම රොටිය පුච්චා ගැනීමේ කලාව පරතෙරටම දත් අපේ කළුවර ඇමතිතුමා ආලෝක පුජාවට සැරසෙන වගයි. දෙන්න සාදුකාරයක්!!!
හ්ම්ම් තවත් සුපිරි නිවසක්ද?
මෙයා ආවොත් හැම ප්‍රශ්නයටම ප්ලාස්ටර් ගහල ගාන කඩා ගන්න විතරයි දන්නේ. අවුරුදු පහකට විදුලිය අරන් ඊට පස්සෙ මොකද කරන්නේ. හැම එකාම හිතන්නේ කුට්ටිය ගන්න විතරයි මේ රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ලැජ්ජ නැතුව කියන හැටි.
ඒ සල්ලි වලින් අලුත් බලාගාරයක් හදන්නත් පුළුවන් ඇති
වසර පහක කතාවකට වඩා අපට දැන් වැදගත් වෙන්නේ දැනට තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නයි , ඇමතිතුමනි. ……. පුළුවන් ඉටිගෙඩියක් කරන්න… මේ හුරතල් කතාවලට වෙලාවක් නෙවෙයි
ඊළඟ මැතිවරණයේදීත් මහජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල විදුලිබල ඇමති වෙන්න වගේ අදහස. දැන්ම අනුමත කරගන්න එක කෝකටත් හොඳයිනෙ. හොර ගෙඩිය අපි අහුවෙයි ඕවට. දැනට සතුටින් ඉන්නකො හොඳේ.
වැරදි වැඩක්, කරුණාකර ජලාශවල වතුර හරියට කළමනාකරණය කරන්න. එතකොට විදුලි ප්‍රශ්නය හරි යයි, නමුත් ඔය කරන්න යන්නේ කොමිස් ගහන්න. කොහොමද අවුරුදු පහක කොමිස් ප්‍රමාණය
මේක අපූරු රටක් බලශක්ති පිළිබඳව තීරණ ගන්නේ "මෝඩ " දේශපාලකයෝ ඉන්ජිනීරුවන් , විශ්ශඥයන් , පැත්තක .අඩුම තරමේ මේ විෂය පිළිබඳව කැබිනට් එකේ ඉන්න විදුලි ඉන්ජිනේරුවරයාගෙන් වත් වැඩක් නොගන්න රටක් මේක
ආ ඔය බලලා මල්ලෙන් එලිය ට පනින්නේ....
කන්න විදුලි මන්ඩලෙත්.. ඇමතියෙක්නම් හදන්න බලාගාර..
විදුලිය ගන්න සමාගමේ අයිතිකාරයා දෙන දෙයක් දෙන්න. ඔය සුපිරි නිවාසෙකට කුලිය වාගේ පොඩි දෙයක් දුන්නම ඇති.
වසර 5 ක් විදුලිය ගන්නා වියදමින් විදුලි බලාගාර කිහිපයක් අලුතින් සෑදිය හැකියි. අහෝ අදූරදර්ශී නායකයින්ට ගිය රටක්. මේකෙන් ලැබෙන කොමිස් කුට්ටිය කොයි තරම් ඇත්ද. ජනාධිපති වත් මේව දකින්නේ නැද්ද?
මෙන්න තවත් මහා බැංකුව වගේ ගුන්ඩුවක්.
පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න විදුලිබල ඇමති කෙනෙක් ඕනේ නැනේ. ඔය වැඩේ නම් මටත් කරන්න පුළුවන්. මහින්දට බැන්නට ඒ කාලේ හදපු නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහල කොත්මලේ වගේ ඒවා නොතිබුනා නම් දවසම විදුලිය නැ.
අපිනම් දන්නවා හැරෙනකොටම කෙහෙල් ගහට කියලා...
නරියට කුකුලන් භාරදීම
අනේ අපිට කොන්ද පණ තියන නායකයෙක් හිටියනම්..
ඔන්න ඕකත් විකුණලා දාන්න කාටහරි .... අහෝ ශ්‍රී ලංකා
මේ දවස්වල රවි මහත්තයා කතා කරන්නේ නිකං බබා වගේ......
රට කන ඇමති හැත්තටනම් වැහි නැති හෙන පාත් වෙන්න ඕනේ. දියුනු වෙච්ච රට වල පාලකයෝ වැඩ කලේ රටේ සහ ජනතාවගේ සුබසිද්දියට. ඒකට මෙහෙ ඉන්න අය හිතන්නේ තමන්ගේ සනුහරේ ගොඩ දාන්නේ කොහොමද කියලා.
විදුලි මණ්ඩලය තවත් හොරගුහාවක් කරන්න නේද වලි කන්නේ?
මම දැනුවත්ව රට තුල මෙගා වොට්ස් 30 කට වැඩිය සූර්ය ශක්තියෙන් නිපදවන විදුලි බලාගාර හදන්න රටේ පෞද්ගලික සමාගම් විසින් අයදුම්පත් දාල අවුරුදු ගණනාවක් වෙනවා. මේ සේරම අයදුම්පත් යටගහල පිටින් විදුලිය මිලදී ගන්න යනවා. මේවා මොන තරම් අපරාධද? සූර්ය ශක්තියෙන් නිපදවන විදුලි බලාගාර ටික හැදුවනම් රටේ සල්ලි ඉතුරුවෙනවා. පරිසරයටත් හොඳයි. ඒවා හදන්න ගියාමත් ඇමති ඉදන් පහල ඉන්න ඉන්ජිනේරුවාගේ පටන් හැම කෙනාටම පගාව දෙන්න ඕන. නැතිනම් මොකක් හරි බොරුවක් කියල වැඩේ කල් දම දමා ඉන්නවා. ඉතින් කොහොමද ආයෝජකයෝ ඇවිත් රට දියුණු කරන්නේ?
කෝ මේ ගෝඨාභය මහත්තයට පණ්ඩිත කතා කිව්වා නේද...? චතුරි අනේ මේකටත් මොනවා හරි ලියන්නකෝ... රට, ජාතියට ආදරෙන්...
අනේ ඇත්තට ඇමතියන් නම් කොහොමත් ගවයින්නේ... ඔය අමාත්‍යාංශයේ ආචාර්ය ඉන්න ලේකම්ටවත් අටපාස් මොලයක් නැද්ද? ඇමතියට මේ තරම් අදූරදර්ශී තීරණ ගන්න දෙන්නේ... ඇයි මොවුන්ට බැරි මේ රටට වැටෙන මේ ගිනි අව්වෙන් ප්‍රයෝජනයක් ගන්න. සූර්ය බලාගාර ටිකක් හදන්න. ඒකට වැයවන මූලික පිරිවැය වැඩි වුණාට දිගු කාලීන වාසිය හා පාරිසරික ලාභය වැඩියි. මේ කාක්කන්ට තේරුණත් නිලධාරියාගේ සිට මහ එකා දක්වා හවුලේ රට කනවා මිසක් මේ රටට වැඩක් කරන්න රට ගොඩගන්න වුවමනාවක් නෑ...
ඇමතිතුමා නෝනාගෙන් අහලා බලන්න ඔයාට නොකියා නෝනට උදව් කරන අයත් විදුලිය විකුණන්න බලාගෙන ඇති...
මේ අය දන්නේ මිලදී ගන්න සහ රටේ හැමදෙයක්ම පිටරටට විකුණන්න විතරයි. අවුරුදු 70ක් මේ අය කලේත් ඕක තමයි. කිසිම දෙයක් සැලසුම් ඇතිව කලේ නැත... දීර්ඝ කාලීනව සිතා බලා රටේ නිපදවීමට කිසිම සැලැස්මක් නැහැ.
අවුරුදු 5 කට මොකටද? අවුරුද්දකට අරගෙන ඉතුරු සල්ලි ටිකෙන් බලාගාරයක් හදන්න. වයිෆ්ට ගෙයක් හම්බ වෙලා ඇති...
කලින්ම ජලාශ ටික හිස් කලේ මේකට තමයි.
විදුලිය සල්ලි වලට ගන්න ඇමතියෙක් මොකටද ඉල්ලලා අස්වෙන්න.
මෙයා මෙච්චර හොරා කාලත්, මුන්ට කඩේ යන අමබරුවෝ ඉන්නවා කියල මෙය හොදටම දන්නවා.. ඊලග පාරත් උඩින්ම දිනයි..
විශිෂ්ට තීරණයක් මැතිතුමනි
යම් විදිහකට විදුලි උත්පාදන පිරිවැය අඩු උනත් අවුරුදු පහක් තිස්සේ මෙම ගිවිසුම ප්‍රකාරව ක්‍රියා කරන්න ලංකා ආණ්ඩුවට සිදුවේවි.