(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාවනැල්ල රඹුක්කන මාර්ගයේදී කසළ තේ තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකයා කියයි.
කසළ තේ කිලෝ 18,725ක් එම ලොරි රථ තුනෙහි තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 37, 39 සහ 46 වියේ පසුවන බවත්, ඔවුන් වෙලම්බඩ, ලීමගහකොටුව සහ හත්දෙස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
විදේශ රටකට අපනයනය කිරීම සඳහා ලොරි තුනකින් කසළ තේ තොගය පෑලියගොඩට ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විශාල ජනතාවක් කුඩා ඉඩම්වල සුළුවෙන් තේ වගාවක් කරගෙන දරුපවුල් රැකගැනීම කරනවා. මේ අයට 2015 ට පෙර අමු දළු කිලෝ එකකට ලැබුනේ රුපියල් තිහත්, හතලිහත් අතර මුදලක්.. ඉන් එදිනෙදා කාලා බීලා නොව ලෙවකාලා ජීවත් වූ පිරිසට තරමක් සහනයක්.. පසුගිය කාලේ සමහර ප්‍රදේශයක දළු කිලෝ එකකට රුපියල් සියයක් පමණ මුදලක් ලැබුණු අතර සමහර පළාතක රුපියල් අනූවත් ඉක්ම ගියේ නැහැ. දැනට මාස ගණනක සිටම මිල බැසීම නිසා සුළු තේ ඉඩම් හිමියන් සිටින්නේ ඉතාම අසීරුවෙන්.. දැනටම ඔවුන්ට සහනාධාරයක් අවශ්‍ය තත්වයක් පවතිනවා. එහෙම තියෙද්දී මෙවැනි දේ සිදුකිරීමෙන් ලංකා තේ නම මැකීයාමට ඉඩකඩ ඇතිවෙනවාට අමතරව සුළු තේ ඉඩම් හිමි පවුල් ලක්ෂ ගණනකට ජීවත්වීමේ මාර්ගයක් නැතිවෙනවා. මෙම හොරුන්ට දැඩිම දඬුුුුවම් පැමිණවිය යුතුයි.
ගම්පොළ ගෙලිඔය දවුලගල පැත්තේ ඉන්න සංවිධානාත්මක මුස්ලිම් ජාතික කණ්ඩායමක් මේ පිටිපස්සේ ඉන්නවා. දැන් ඔන්න කියන්න ගනියි... මම ජාතිවාදියෙක් කියලා.