IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ වලට තවමත්  වැසි ඇද වැටෙමින් පවතින බැවින් ගිංගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවත් පොල්අතුමෝදර ගඟ පිටාර මටිටමට ලඟා වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.  
 
අද (09) උදෑසන 6.00න් අවසන් වූ පැය විසිහතර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වි ඇති අතර එය මිලි මීටර් 85කි. යක්කලමුල්ලට මිලිමීටර් 75ක වර්ෂාපතනයක් පතිත වී ඇත. 
 
පොල් අතුමෝදර ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් යක්කලමුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වේ. 
 
දිගින් දිගටම වැසි ඇදවටෙන බැවින් ගාල්ල දිස්ත්‍රික්කය පුරා පහත් බිම් ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශ වල පිහිටි නිවාස වලට ගලාගිය ජලය බැස නොගොස් එලෙසම පවතින බවත් ආපදා අංශ පවසයි.
 
මේ අතර අද උදෑසන 5.00ට පමණ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලින් තද සුළං තත්ත්වයක් වාර්තා වූ නමුත් මෙතෙක් හානි කිසිවක් වාර්තා වී නොමැත. 
 
දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී කර්නල් දම්පත් රත්නායක මහතා පැවසුයේ උණගස් රැඳී අවහිර වී තිබූ අගලිය මුල්කඩ පාලම හා අවිත්තාව පාලමේ උ ණ ගස් ඉවත් කිරීමේ කටයුතු නාවුක හමුදාව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සිදුකළ බවයි.
 
 අද වක්වැල්ල පාලමේ උණගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
 
හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ක්‍රියාත්මක වීම සඳහා මුදවා ගැනීමේ භට පිරිස් නෙළුව, තවලම හා නාගොඩ  ප්‍රදේශ වල ස්ථානගත කර ඇති බවද එම ඒකකය පවසයි.



අදහස් (0)

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site