
( තිළිණි ද සිල්වා)
එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නම් කරනු මෙම කාර්යා සාධක බලකායේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් කටයුතු කරති.
ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබෙන අතර ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.



COMMENTS
කරනව නම් බොහොම හොද දෙයක්.නැත්නම් වැඩක් නැහැ.මේ රටේ පොලිසියට,අල්ලස් එකට,විගණකාධිපතිට මෙතෙක් එක නීතියක් තිබුණෙ නැහැ.මට හොදට අද්දැකීම් තියෙනව.අපිට අවසානෙදි පිහිට වෙන්නෙ ගරැ අධිකරණය පමණකි. මොනව නැතත් කමක් නැහැ. ඒකත් විනාශ කරන්න එපා හාමුදුරැවනේ.
නීතිය පිලිබඳ කිසිම අවබෝදයක් නොමැති අයලුන් මෙවැනි දෙයකට විද්‍යාත්මකව පත්කෙරුවා විය හැක
අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීම නොහොත් , හොරුන් මිනී මරුවන් නිදහස් වී ගිය පසු. නීතිය ස්ථාපිත කිරිම .
තවත් වැඩකට නැති නාඩගමක්
ඒ කියන්නේ අපිට රටකුත් එක නීතියකුත් තිබිලා නැද්ද මෙච්චර කල් ?
ඥාණසාර නීතිපතිද නීති හදන්න ? රට ඉවරයි
මෙවැනි කටයුත්තක් සඳහා සභාපතිකම සුදුසු වන්නේ අපක්ෂපාති පුද්ගලයෙකි. එහෙත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ හැසිරීම් සළකනවිට එය නිවැරදි විය නොහැකියි. ජනතා අප්‍රසාදයට පත්වි ඇති වර්තමාන රජය ජාතිකත්වය හරහා ගලවාදීමේ කොන්ත්‍රාත්තුව ඥානසාරහිමි බාරගෙන ඇත. ඩඩ්ලි සිරිසේන හාල්මිල පාලනය කරන්නත්, නිශ්ශංක සේනාධිපති හිරේ යවන අය තීරණය කරන්නත් වගේ ඥානසාරහිමි රටේ නීතිය යෝජනා කරන්නා නොවිය යුතුය.
භික්ෂුවකගේ සිත කය වචනය සංවරය ගැන දහමේ හොඳින් පෙන්වා දී තිබෙනවා.සභාපති උන්නාන්සේ ගරු අධිකරණයේදී විනිසුරු තුමාට බැන තර්ජනය කොට සිරගතවූ සැටි අපහට තාමත් හොඳින් මතකය.
මේකට ඥාණසාර හිමි වගේ උසාවි තුල බන්ධනාගාර තුල අත්දැකීම් ඇති ජනාධිපති සමාවක් යටතේ නැවත සමාජ ගතවූ කලින් අඩුම තරමේ මාර්ග නීති උල්ලනංඝන චෝදනා වක් හෝ නොමැති ආදර්ශමත් පඬි රුවණක් මුල් පුටුවේ තැබීම ජනාධිපතිවරයාගේ තවත් බුද්ධිමත් තීරණයක්. සමහරෙකුට මෙවන් දූරදර්ශී තීරණ නිරතුරුවම ගැනීම ඇතැමෙකු එතුමාට තිබෙන මානසික ව්‍යාධියක් හෝ විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස හෝ හුවා දක්වනු ඇත. තවත් මදි පාඩුවක් වේනම් ජනවර්ග තුලනය සඳහා කන්ජි පාන් ඉම්රාන් තුමාවත් එක්කර ගැනීමත් වඩාත්ම සුදුසුයි.
ඒක තමයි කියන්නේ චීනට, ඉන්දියාවට ඇමෙරිකාවටත් රට සම්පත් විකුනණවා. ඉතින් කොහොමද එක රටක් කියල කියන්නේ. අනික එක නීතිය හෝ ක්‍රයාත්මක කරන්න අදාළ ආයතනවල සහ බලධාරීන්ගේ වගකීම මිස මේක බොරු වැඩක්. අද රටතුල ආණ්ඩුවට එරහිව උද්ගතවී ඇති තත්වය වෙන පැත්තට හරවන්න කරන උත්සාහයක් මේක. මේක හරියට පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රයාත්මක නොකර, ඕක අධ්‍යනය කරන්න උග්ගත්කම නැති පිරිසක් පත් කරලා යටපත් කළා වගේ මේකත්. ඒ කොමිසම් වාර්තාවේ චෝදනා කල අයත් මේ කමිටුවට ඇතුලත් කල එක ලොකු විහිළුවක්.
හැම දේකම සෘණාත්මකව දැකීම මේ රටේ මිනිසුන් ගේ සාමාන්‍ය සිරිතකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ පක්ෂ බදාගෙන සිටීම විය හැකිය. ඔවුන්ගේ අදහස්වලින් ඔවුනටවත් රටටවත් දියුණුවක් නැත. ජනාධිපති තුමාගේ මේ උත්සහාය සාර්ථක වේවා ! යි පතමු. ඒ ගැන සුබවාදීව සිතමින් අවසන් ප්‍රතිඵල දක්වා උපේක්ෂාවෙන් සිටිමු.
දෙමළ මනුස්සයො බෑ කිව්වද, ඔවුන් ගන්න එපා කිව්වද ? මේක තවත් ඇස්බැන්ඳුමක් ද?
සර් දැන් ජනාධිපතිකම විහිලුවකට අරන් .එයා මාර ආතල් එකක් ගන්නේ ලබන සැරේ ගෙදර යන්න වෙන බව දැනගෙන
ආණ්ඩුවේ හැලුව ප්‍රදර්ශනය කරන උච්චස්තම අවස්තාව. එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනවාමයි . තුන වසරේ ළමයෙකුට ඔය නායකත්වය ලබාදුන්නානම් මේ සාදුටත් වඩා හොඳටම කරාවි..
දැන් හරිනේ .මේගොල්ලෝ, රටේ තියන ටිකත් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව සර් ගෙන් අරගෙන
තවත් කොමිටියක්, අනේ මන්ද, හැමදාම අළුත් අළුත් කොමිටි, වාර්තා හදනවා දෙනවා, ඒත් ඇත්තටම ක්‍රියාත්මක වුන දෙයක්නම් නෑ, අන්තිමේට අවුරුදු පහම කොමිටි දාලා විසඳුම් නැතුව, ඒවා ක්‍රියාත්ම කරන්නට බලය ඉල්ලනවා. කවදාවත් නැතිව 3/2 බලයක් තිබිලත් මොනම වෙනසක්වත් කරන්න බැරිද? ඉස්සරලා කෙනෙක් කොමෙන්ට් කරලා තිබුණා මෙච්චර කාලයකට මේ රටේ එක නීතියක් තිබිල නැද්ද එතකොට? අන්තිමට නීති ගේන අයම ලස්සනට නීති නමල තමන්ට ඕනෑ දේ කරගන්නවා, අසරණ ජනතාව
අයෝමා කරුණාකරලා ඔය මනුස්සයාව මානසික වෛද්‍ය වරයෙක් ට පෙන්නන්න
ඉතාම අසංවර ,සිවුරකුත් දාගෙන සියලුම පව් වැඩ කරන කෙනෙක් කොහොමද මෙවැනි දෙයකට උපදෙස් දෙන්නේ ?අහෝ රටකට ගිය කලක්
අනේ මේ ...
දැන් ඒකත් හරි... දැන් ලොක් ඩවුන් අපිට බලාගන්න පුළුවන්.. හාමුදුරුවන්ගෙයි, ගෝඨාභයගෙයි වැඩ දැන් අවසන් වෙමින් පවතියි. මේ ගොල්ලෝ යන්නේ යහපාලනය ගියාට වඩා ලංකාව විනාශ කරන්න.
සර් දන්නවා චන්ද ගන්න නියම බඩුව සර් චන්ද ආතල් ගන්න දස්සයා කොහොමත්. ඒ උනත් සින්හල ජනතාව මෝඩයෝ උන කාලෙ ඉවරයි
අනගාරික ධර්මපාල තුමා නාවත් කවදාවත් ලංකාවේ නොයිපද වේවා කියලා පැතුමක් සසර වසන තුරු නිවන් නිවන් දකින තුරු
ජනාධිපති තුමා අතගාපු හැම එකෙන්ම නා ගත්තා . මේ වැඩෙන් ඉහළින්ම නා ගන්නයි හදන්නෙ.
ඥානසාර හිමි මෙහෙයවන්නේ ගෝටාභය කිය තවත් කියන්න දෙයක්ද? මේ තීන්දු තීරන ගත්තේ කවදාද? මෙවැනි දෙයක් සාකච්චා කරනවා කියලාවත් කිසිම පත්තරේක තිබුනේ නැහැ. ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ඇවිත් මාසයක්වත් නැහැ ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස පත්කෙරුනා!!. දැන් පාර්ලිමේන්තු වරප්‍රසාදත් තියෙනවා මොනවා කරයි කියලද හිතන්නේ? මහින්ද පැරදුනු දවසේ සිට සෑම පන්සලකටම වට්ටියක් උස්සන් ගිහින් හාමුදුරුවරුන්ට අල්ලස් දී/ ඥානසාර / සිංහල රාවය/ රාවනා බලය ඩෑන් ප්‍රසාද් වගේ කිසි දේකට නැති අය ලවා රටතුල අතු විශාල මුස්ලීම් විරෝදයක් නිර්මානය කරා. (වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ යට ඇදුම්, මුස්ලීම් කඩ වර්ජණය) ගෝඨාභයට චන්දේ දුන් 69 ලක්ශයෙන් 90% බලා පොරොත්තුව මුස්ලීම් විරෝධය. හැබැයි චන්දෙ දුන්නු කට්ටියට එක ඉටු උනේ නැහැ ගෝඨාභයගෙන් . දැන් ගෝඨාභයට තියෙන එකම ගැලවීමත් මුස්ලිම් විරෝදය. එයට හරි වෙලාව තමා දැන් ඇවිත් තියෙන්නේ. ඉතිහාසයා පුරා බහුතරයක් ශ්‍රී ලංකාවේ සිංහලයන්ට කාලෙන් කාලෙකට කුමක් හෝ ජාතියක්/ආගමක් සමඟ කෝලාහලයක් ඇති කර යුතුමයි. ඉතිහාසය පුරා සිදුවුනෙත් ඕකමයි. 1983ට පෙර දෙමල කිය කිව්වොත් කපල දුන්
800 වාරායක් බන කියපු එකට හම්බවුනා එහෙනම්
අනේ හාමුදුරුවනේ ! කරුණාකරල බණක් භාවනාවක් කරගෙන පන්සලකට වෙලා ඉන්නවද . මෙන්න වැන්දා . බුදුහාමුදුරුවෝ ඕවා කරන්න කියල නැහැනෙ .
ඇත්තටම මුන්ට පිස්සුද? මට නං මේ ගැන කිසිම සැැකයක් නෑ. ඔබටත් එසේමද?
රටේ නීතිය ,උගතුන්ගේ නිර්දේශ අනුව ඔය චයිනා වලින් ආව පොහොර නැව ආපසු යවන්නකෝ නිවට නොවී ,මෙරට අනාගත පරපුරට හොඳ රටක් විදියට භාර දෙන්න
කවද්ද ඔය ගැසට් එක රිවර්ස් කරන්නේ?
කියන්න තියන දේවල් එක්කොම කට්ටිය කියල නේ. මට කියන්න තියෙන්නෙ එකයි. ඔය බුද්ධිමත් සාමාජිකයින් ටික හිතට එකගව ක්‍රියා කරනව නම් වහාම ඉල්ලා අස්විය යතුය.
අපේ හාමුදුරුවනේ එකම නීතියක් කියලා ෂර්යා නීති ඇතුලත් කරන්න දෙන්න එපා. එකම නීතියල් කියලා බුරුකා දමන්න ඉඩ දුන්නොත් අපේ සිංහල ගහනුන්ටත් බුරුකා දමන්න වෙනවා. ඒ නිසා බුරුකා , හරක් මැරීම, පව්ලේ ළමයි 2 දෙනාට වැඩිනම් නොමිලේ අද්‍යාපන, රජයේ රැකියා පහසුකම් දීම නවත්වන්න. එම නීතිවලට අකමැති සුලුජාතිකයින් ඉන්නවානම් කැමති තොටකින් තොලොංචි වෙන්න සලස්වන්න. සිංහල බෞද්ධ අපි ඔබ සමගයි.
මට හිතෙනවා ලංකාවේ පුත්තරයින් කියා ගන්න අයට පිස්සු කියලා. එතකොට අර හමබයෙක් ශර්යා නිතී ඉල්ලනකොට නිශ්ශබ්දව බලන් ඉන්න එකාට පිස්සුනම් මට හිතෙනවා මගේ කීම හරි කියලා.
කමෙන්ට් වලට දාන ඩිස්ලයික් වලින්ම පේනවා තවමත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදකින හරකා ටිකක් කියලා
කටවල් වහන කාර්ය සාධක බලකාය කීවා නම් නේද හරි...
හැමබයෝ මෙරටට කිසිම කර්මාන්තයක් කෘෂිකර්මයක් ගෙනාවේ නැහැ ආවේ හිස් අතින් ගම්මිරිස් හොයාගෙන. ඇවිත් සිංහලයාගේම නිෂ්පාදන අඩුමිලට අරගෙන සිංහලයාටම වැඩි මිලට විකුනලා පොහොසත්වෙලා සිංහලයා ගේම ඉඩකඩම් අයිතිකරගත් බව නොදකින පාහර සිහලයෝ තවමත් මෙරටේ ඉන්නවා. මොවුන් හිතා ගෙන ඉන්නේ හමබයින් නැතිව අපිට මෙරටේ ජීවත් වෙන්න බැහැ කියලා. අපිට දෙමල මිනිස්සු සමග ජීවත් වෙන්න පුළුවං, මොකද ඔවුන්ගේ සංස්කෘතිය අපේ සංස්කෘතියට ගැලපෙනවා. හම්බ සංස්කෘතිය අහසට පොලව වගේ වෙනස්. මෙරටට ගැලපෙන්නේ නැහැ.
ඒ කියන්න 2019 අප්‍රේල් 21 ඔහෙලා පෙන්නනපු හම්බ හෙළුව බල බල ඉන්න කියලාද කියන්නේ? රික්කාර්
මේ රජය පත් කර ගත්තේ ලාබෙට කන්න නොවෙයි කියලා පුන පුනා කියන්නේ ඕකයි අපේ හාමුදුරුවනේ.
රටට අබ සරණයි. කොන්ත්‍රාත් ජාතිවදියෝනේ දැන් මේ රටේ නීතී හදන්නේ... අඩුම ගානේ නීතිය කියන්නේ මොකක්ද කියලවත් දන්න කෙනෙක්ද?
හොඳ වැඩක්...
ජනාධිපති කාරක සාධන බලකාය...
මේක මාර වැඩක්නේ ... කොමෙන්ට් වලින් 95%කම අප්‍රසාදය පලකරපුව... හැබැයි අන්ලයික් වැඩියි.
අනේ දැන්වත් බොරුව අතහැරලා ජනතාවට දැනෙන සහනයක් දෙන්න... නැතිනම් 1977දී වූ දේ වෙන්නේ... ආපසු ආත්මෙකට බලේට එන්න බැරිවෙයි...
අර කොටුවේ උන්නාන්සේත් ඕකට දා ගත්තා නම් හොඳ නැද්ද?
වැඩිපුර කතා අවශ්‍ය නැහැ... අශිෂ්ඨයින්ගේ රටේ කරලියේ සිටිය හැක්කේ ඊට ගැලපෙන අමනයින්ට මිස, ශිෂ්ඨයින්ට නොවේ. හයිටිය, ඇෆ්ගනිස්තානය, සිරියාව, මියන්මාරය වැනි මිලේච්ජ අඥාන ජාතීන් ජීවත් වෙන රටවලට අද අත්වී ඇති ඉරණම මේ අයගේ පාරාදීසයටත් අත්වෙන බව සක්කරයාටවත් වළක්වන්න බැහැ. කොහොමත් රටට බරක් වූ මේ රටේ පිම්පියන් රැල මේ රට විනාශ කළා. එක අතකට ඉතින් දරුමල්ලෙක් නැති එලොවටත් නැති, මෙලොවටත් නැති පාපතරයින්ට මොන ලෝකයක්ද? බඩ පැලෙන්න කාලා බීලා පාලකයින්ට ආවඩමින් ජීවත් වෙනවා හැර?
බම්බුආරච්චි හිතන්නේ එයා කියන ඔක්කොම දේ හරි අනිත් හැමෝම වැරැදියි කියලා. එක නීතියක් කොහේද තියෙන්නේ..? තමන්ගේ අය මිනීමැරුමක් කරලා හිරේ ගියත් බේරාගන්නවා. නඩු නිදොස්කොට නිදහස්. පොහොර නැහැ. සීනි නැහැ. හාල් ගිනි ගණන්. පිටි ඇතුළු සැමදේ ගිනි ගණන්... ජනතාව හිඟා නොකා හිඟා කනවා. නූගත් මෝඩ රැළක් පිස්සු කෙළිනා විට ඒවා හොඳයි කියනා බම්බු ආරච්චිලා තරම් ගොබ්බයින් තවත් ඉන්නවද? එහෙව් බම්බු ආරච්චිලා සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන පිස්සුවෙන් මෙන් බෙරිහන් දෙනවා. තමන්ගේ නිරුවත පෙනිලා මිනිසුන් හූ කියනා බව මේ ගොබ්බයන්ට පේන්නේ නැහැ. චික් විතරක්.. මෙහෙව් නොසණ්ඩාලයින්..
ලංකාවට එක් රටක් එක නීතියක් ගේන්න නඩු අහන්න එක භාෂාවක් තිබුනොත් හොඳයි. භාෂා කිහිපයකින් නඩු ඇසීමෙන් එක රටක් එක නීතියක් ගේන්න ප්‍රයෝගික කරගන්න බැරිවෙනවා. සිංහල ක්‍රියාපද මුලික භාෂාවක්. අනෙකුත් භාෂා බොහෝදුරට නාමපද මුලික භාෂා. එමනිස එකම නිතිය වුවද මිනිසුන් විසින් නීති තේරුම් ගන්නේ විවිධාකාරයෙන්. ප්‍රථමයෙන් ලංකාවට එක රාජ්‍ය හා පරිපාලන භාෂාවක් තිබුනොත් හොඳයි. අනෙකුත් භාෂා විදේශ වෙළඳ කටයුතු සන්දහා යොදා ගැනීමට තිබුනොත් හොඳයි.
දැන් ඇති ඔය බයිලාව වාදනය කළා
නීතියක් රීතියක් සදාචාරයක් නැති හොරකමට හුරුවී ඇතිරටක එකරටක් එකනීතියක් ඇතිකරන්න ඥානසාර හිමිට භාරදීල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
බළලා පැන්න මල්ලෙන් එලියට
නීතිපතිවරයාගේ ප්‍රයෝජනය කුමක්ද? ගෝඨාභය ඔවුන්ගේ වැටුප් ගෙවනවාද? රියල් ජෝකර්!
කොහොම හරි ජාතිවාදී හැඟීමක් ඇතිකරලා ඡන්දේ දිනවලා දෙයිද.?
එකම රටක් එකම නීතියක් කියන එකේ අදහස එක් එක් ජන කොට්ටාසවලට වෙනත් නීති අයින් කර එකම නීතියක් ගෙනෙන එක විතරක් නෙමෙයි, සෑම පුරවැසියෙකුටම එකම නීතියක් කියන එකත් වැදගත්. එක්තරා දමිළ රජු කෙනෙක් තමාගේ පුතාට අශ්ව කරත්තය කකුල් දෙක උඩින් දක්කලා දඬුවම් කරපු කතාවක් අහල තියෙනවා මම ලංකා ඉතිහාසේ.
එක රටක් තිබ්බට නීති ගොඩයි .තමන්ගේ මිනිස්සුන්ට නීතිය යනු පාලකයාගේ කැමැත්ත වෙලා .අනික මේ හාමුදුරුවෝ නීතිය උල්ලංගනය කල කෙනෙක් සහ නීතියෙන් දඬුවම් ලැබූ කෙනෙක් .එහෙම කෙනෙක් කොහොමද මේ තැනට පත් කරන්නේ ?ආණ්ඩුවට කඩේ ගිය නිසා වෙන්න ඇති
ඉපැරණි රුහුණු, මායා සහ පිහිටි "ත්‍රී සිංහලේ" ආකෘතිය අනුගමනය කරන්න. මෙමගින් ජාතික සමගිය සහ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කළ හැකිය.
ලොක්කාට බැරි දේ සිල්වත් උත්තමයන් ලවා කරවන්නේ ඇයි? එක රටකට එක නීතියක් ක්‍රියාත්මක කිරීම පොලිසියටනේ භාර? පොලිසිය හරියට මෙහෙයවලා හාමුදුරුවන්ට පන්සලේ වැඩටික කරගන්න දුන්නම ඉවරයිනේ.
ඔය බමුනු ආරච්චි කියන්නේ ඔන්න මෙන්න ඉන්න විශ්‍රාම ගිය පොරක්... මුණුබුරෙක්වත් හිටියා නම්, ඔය විදිහට බැලයෙක් වෙලා මෙතන පැය ගණන් කොටන්නේ නෑ.. මම හිතන්නේ තනියම ඉන්න මොන්ගල් පොරක්.. පව් වැඩේ... හිතින් පැසවනවා...
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ශ්‍රී සරණංකර හිමි, දවමොට්ටවේ අමරවංශ හිමිවරු වැනි බොහෝ හිමිවරු පැත්තකට වෙලා නම්, භාවනා කළා නම් මේ වෙනකොට සිරිබිරිස් කෙනෙක් නැහැ.. එහෙනම් මෙතැන කමෙන්ට් කරන්නේ එක්කෝ සින්නලිංගම් කෙනෙක්, නැතිනම් මොහොමඩ් ලෙබ්බේ කෙනෙක්... බෞද්ධ ශාසනය රකින හාමුදුරු ගොල්ලන් වෙනයි.. බෞද්ධයා නිවන් මගට යොමු කරන හාමුදුරුවරුන් වෙනයි. ඔබ බෞද්ධයෙක් නම් පටලවා ගන්න එපා. ඔබ මුස්ලිම් නම් නොදන්නා දේවල් කතා නොකර ඉන්න.
කලබගෑනි වැඩි පංතියක විනය අඩුම දරුවා පංතියෙ මොනිටර් බවට පත්කිරීම ඉතා හොද විනය පාලන ක්‍රමයක් කියලයි ගුරුවරු කියන්නෙ. අපේ රටත් ඒ වගේ පංතියකට සමාන කරනව වගේ.