(අජන්ත කුමාර අගලකඩ)
රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත.
පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව,සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.
එපමණක් නොව,රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව ඇත. අත්‍යවශ්‍ය සේවාවලට රජය විසින් ඉකුත් සතියේ සීමා සහිත ලෙස ඉන්ධන සපයනු ලැබුවද අත්‍යවශ්‍ය සේවා රැසක් ඉකුත් සතියේදී ද අඩාළ වී තිබිණි
මේ තත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.
ඩීසල් නැවක් ලබන සතියේ ද ,පෙට්‍රල් නැවක් ලබන විසි දෙවැනි දා ද මෙරටට පැමිණෙන බව රජය ඉකුත් ප්‍රකාශ කළේය .
COMMENTS
රට කරගෙන යන්න බැරි බව දැන්වත් තේරුම් අරන් තවත් රට ප්‍රපාතයට නායකයෝ ඉවත්වෙලා රට කරන්න පුළුවන් කණ්ඩායමකට බාරදෙන්න තෙල් නැවක් ගෙන්න ගන්න සල්ලි නැති රටක් ලෝකයේ කොහේද තියෙන්නේ? නායකයෝ කියලා ඔය පුටුවල ඉන්න ලැජ්ජාවක් තවම නැතිද?
භූමිතෙල් නැවක් එන්නේ නැද්ද? බොරතෙල් ගේන්නේ නැතුව ඇයි පෙට්‍රල්, ඩීසල් පිරිසිදු කරපුවාම ගෙන්නන්නේ..? මේ ගැන පැහැදිලි විස්තරයක් දාන්න පුළුවන්ද?
ඡන්දයකට යන්න... වෙන කිසිම විසඳුමක් නැහැ...
ඉන්න හිටින්න රටක් කියලා වැඩක් නැහැ. මේ අපරාධය කරපු අයට නම් හෙණම වදින්න ඕනේ...
කුරුණෑගල පන්නල පොලිසියේ අහිංසක පොලිස් නිලධාරින් ස්ථානාධිපති ප්‍රමුඛ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රථවලටත් ඉන්ධන ලබාගන්න ගිහින් ඊයේ 2 හූ හඬ මධ්‍යයේ පුරවපු බූලි කෑන් ආපහු පන්නලා අයිඕසි ඉන්ධන හලටම දෙන ආකාරය සීසීටීවි කැමරාවල ලස්සනට තියෙනවා..
ජාති, ආගම් භේදය අවුස්සා, නොයෙකුත් රැවිටිලි හා ඉච්චා බස් දොඩමින්, දුසිල්වත් අයගේ උපදෙස් ලබමින් ගෙනා සෞභාග්‍යයේ අසිරිය බලනු මැන මිනිසුනේ...!
ඉන්ධන නැව් එනහැටි බලබලා මෙහෙම ඉන්න පුළුවන්ද? කරන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර නොවෙයි අමෙරිකාවටම යන්න...!
වත්මන් අසාර්ථක ජනාධිපති සාර්ථක වනතුරු බලයේ හිටියොත් මිනිස්සු බඩගින්නෙන් මැරෙනවා. කවදාවත් අවුරුදු සීයක් බලයේ හිටියත් පවා මේ ජනාධිපති සාර්ථක වෙන්නේම නැහැ. ඉතිහාසයේ කිසිම ජනාධිපති කෙනෙක්ට නොලැබූ ජනවරම, තුනෙන් දෙක සහිත පාර්ලිමේන්තු බලය, 20 වැනි ව්‍යවස්ථා හරහා අසීමිත බලතල, සහෝදර අගමැති, සහෝදර මුදල් ඇමති මේවා සේරම තමන් සතුව තියාගෙන කරන්න බැරිනම්, තවදුරටත් බලයේ හිටියට වැඩක් වෙන්නේ නැහැ.
රට ලේ විලක් නොකර නම්බු පිටින් ජනාධිපති ඇමැති, මන්ත්‍රී ඔක්කොමලා අස්වෙලා ගෙදර යන්න.
වහන්න දෙයක් නෑ... තව, එකම විකල්පය සේරම ගෙදර යන්න...
මයිනා පරපුරටම ජයෙන් ජයම වේවා...!
රට වහලා අලි-පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගියානම් රටට යහපතක් වේවි.
ඇයි කාටවත්ම මෙයාලා හොරකම් කරපු සල්ලි ආයෙ පවර ගන්න උවමනාවක් නැත්තේ? එහෙම කලොත් ඊලගට රට බාරගන්න අයවත් හොරකමේ ආනිසංස දැනගනීවි
මාස හයකට වැඩි කාලයක් අපි විදේශ අරමුදල්වලින් ආරක්ෂා වූ අතර අපි හිඟන්නන් බවට පත් විය. අපට තවදුරටත් එය කළ හැකිද?
225 ඇතුළු මහ දූෂිත නිලධාරි නඩයේ සියලු දෙනාම හැඳිගැවිලා යන්න ඕනේ...!
අස්වෙලා ගෙදර යන්න.
තවත් මොනවද වැහෙන්න තියෙන්නේ.?
මේ අයව දැන්වත් එලවලා දැම්මේ නැත්නම් තවතවත් මේ රට කාල විකුණලා තමයි යන්නේ .
I O C තෙල් නැත්තම් රජයට ගන්න.
දැනටමත් රට වැසී ඇත. තවත් මොනවද කියවන්නේ..?
රට විනාස කරන අයව අල්ලන්න ආවෙ නියම මිනිහෙක් කියලා හිතූවට අනේ මන්දා අපිට වහ කන්න වෙවිද
මහ විනාශයක් අපේ ශ්‍රී ලංකාවට මොකද මෙ සිද්ධ වෙන්නෙ