(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබෙන ගුජරාටය පදනම් කරගත් ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එසේම ඉන්දියාවේ ඉහළම ඖෂධ අපනයන කවුන්සිලයද ඉන්දියානා ඖෂධ සමාගමට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
ඉන්දියානා ඖෂධ සමාගම සැපයු අක්ෂි ඖෂධ භාවිත කිරීමෙන් රෝගීන් 30 දෙනකුගේ ඇස්වල ආසාදන තත්ත්වයක් ඇතිවූ බව ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයට පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දීය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණය ආරම්භ කර තිබේ.
අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වීමෙන් ඉන්දියානා සමාගම ඉන්දියානු ඖෂධ කර්මාන්තයට නරක නමක් ගෙන දී ඇති බවත් ඉන් ඉන්දීය ඖෂධ කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වන බවත් ඖෂධ අපනයන කවුන්සිලයේ අධ්‍යක්ෂක ජනරාල් උදය භාස්කර් මහතා ඉන්දියානා සමාගමට ලිපියක් යොමු කරමින් පවසා ඇත.
COMMENTS
මෙහෙ සන්තෝසම් ගත්ත අයට මොකද කරන්නේ..? වැහි නැති හෙණ ගහනකන් බලන් ඉන්නවද?
ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි. ඔහු යටතේ පවතින දෙපාර්තමේනතුවේ සිදුවන අකටයුත්තට ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි. ඉන්දියාවේ අරියලූර් නම් ස්ථානයේ සිදුවූ දුම්රිය අනතුරට එවකට සිටි දුම්රිය භාර ඇමැති ලාල් බහදූර් ශාස්ත්‍රි වහාම ඉල්ලා අස්වුණා. ලික්වේ එවැනි ඇමැති ඉන්නවද...?