(විනීතා එම් ගමගේ)
නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින් ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම විශ්ව විද්‍යාලයේ මෙම පෝස්ටර් ව්‍යාපාරයෙන් පසු නවකවදය සිද්ධීන් කිසිවක් වාර්තා නොවූ බවත් නවක සිසුන් ඒ පිළිබඳ සතුටින් පසුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යාපනයේ බිහිවී ඇති විවිධ නම්වලින් හඳුන්වන කල්ලි කිහිපයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ජන ජීවිතයේ නොයෙක් කටයුතුවල දී මොවුන් මැදිහත් වී සිටින බවත් යාපනයෙන් වාර්තා වේ.
මෙම පිරිස් නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන ඇතුළු නීති විරෝධී කි‍්‍රයාකාරකම් කෙරෙන ස්ථානවලට ගොස් පුද්ගලයන්ට තර්ජනය කරන බවත් මේ නිසා සාමාන්‍ය ජනතාව දිනාගැනීමට ඔවුන් සමත් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
නවක වදය නරක වුවත් එයින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට නවකයින් ගරු කරන තත්වයක් ඇතිවෙනවා. එයින් හොඳකට තිබුනේ එය පමණයි. මොවුන් එයටත් ප්‍රතිකර්මයක් කරන අතරතුර ජාතිවාදය නැතිකිරීමටත් යමක් කරනවානම් හොඳයි.
උතුරේ නවක වදය, හොර මත්පැන් නැති කරන අය "කල්ලි". දකුණේ මේවා උනාට දැක්කේ නෑ වගේ ඉන්න කට්ටිය "පොලිසිය"
එනපොට නං අමුතුයි වගේ
මේ පැත්තටත් ආවානම් හොඳයි. තියන බොල් සීනු වලට වඩා.
නියමයි... දකුණටත් මේ වගේ කල්ලියක් තියනවනම්
රජයට පාලනය කරන්න බැරි දේවල් මේ කණ්ඩායම් වලට පාලනය කරන්න කරන්න පුළුවන් කියා වැරදි මතයක් ඇති කරන්නයි මේ හදන්නේ. ත්‍රස්තවාදය ඇතිවෙන්න පෙරත් ටෙලෝ ,ප්ලොට් එල් ටි ටි කියා නොයෙක් සංවිදාන ඇතිවුනා ඒ නිසා මේ කටයුතු ගැන රජය මෙන්ම සංහිදියාව අගයන දමිල පක්ෂත් දැඩි අවධානය යොමුකළ යුතුයි.
මේ පිළිබඳව දකුණේ සරසවි උත්තමයින්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට නවකයෝ බලා සිටි. එක්කෙනෙක් හෝ ඉදිරියට එන්න.
පාලකයෝ නීතිය ක්‍රයාත්මක නොකලානං, ජනතාව නීතිය අතට ගනීවි හෝ මෙවැනි කල්ලිය ඉදිරිපත් වේවි.
අනේ ආවා ඔයාලගෙ බ්‍රාන්ච් එකක් කොළඹත් ආරම්බ කරන්නකෝ.....
මොන මොන අදහස් තිබුනත් බහුජන සමාජය එම අදහස් අනුමත නොකලත් නවක වදය නවත්වන්න පුළුවන් වීම සියලු දෙනා අනුමත කලයුතුවේ.
විශ්ව විද්‍යාලය තුළ පමණක් නොවේ, මේ රටේ සියලුම අංශ වල පවතින මාෆියා සංගම් කල්ලි වලට එරෙහිව, රටේ හැම තැනම "ආවා" සංවිධාන බිහිවීමට කාලය එළඹිලා.
රොබින් හුඩ් වගේ කල්ලියක්. ඒ වගේ සෙට් එකක් දකුණටත් ආවනං. දේශපාලුවන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දුන්නනං නියමයි
"අවා" කොළඹට "අවා" නම් මෙහෙ නිවටයොත් කලබල වෙයි. "අවා" ජයවේවා
මොන කල්ලිය හරි කමක් නැහැ.. මේ හීනමානය හේතුකොට ගත් නවකවදය නැති කරනවා නම්... මේ නවක වදකාර සිසුන්ගේ මව්පියන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුයි. තමන්ගේ ළමයාව උගතෙකු කරන්න කියා වධකයෙකු කර සමාජගත කිරීමේ වගකීම ඔවුන් භාර ගත යුතුයි. මේවාට පාසල, ඉගැන් වූ ගුරුවරු, අන්තරේ, කුරුටුගාමි පක්ෂය හෝ පවතින සමාජ ක්‍රමය නිදහසට කාරණා නොවේ...
පගාගහන රජයේ නිලධාරීන්ට සහ හොර දේශපාලකයන්ට විරුද්ධව මේ වගේ කල්ලියක් ආරම්භ කරන්න කාලය පැමිණ ඇත.
අද සරසවි වල සිටින සිසුන් අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන් බැවින්, මේ නවකවදයට වගකිව යුත්තේ සිසුන් මිස ඔවුන්ගේ දෙමව්පියන් හෝ වෙන කිසිවෙකු නොවේ. මෙය මර්දනය කළ හැකි හොඳම ක්‍රමය නම් ඔත්තුකරුවන් මගින් වධකයින් හඳුනාගෙන, සරසවියෙන් පිටතදී ඔවුන්ව අල්වා, එවැනිම වදවලට ඔවුන්ව භාජනය කිරීමෙනි.
මේක මේ දෙගොල්ලොම එකතුවෙලා කරපු වැඩක්... LTTE එක වෙන ආකාරයකින් නැගිටින්නයි හදන්නේ.
කොළඹටත් 'ගියා' කියලාවත් කල්ලියක් ඕනෑ.
රටක නීතිය බලු වෙන කොට අවනීතිය රජ වෙනවා කියන්නේ මේකටයි...
දැන් මේකේ මේ නමත් මාරු කරලයි තියෙන්නේ.. ඉස්සර " ආවා කල්ලිය " දැන් "දාලා දුවපු කල්ලිය "
මේක ගොඩක් අය හොදයි කියල දාලා තිබ්බට බරපතල තත්වයක්. විශ්ව විද්‍යාල ශිෂයෝ උනත් මේ කල්ලි සමග එකතු වෙලා ඉන්න පුළුවන්. ඔව්න්ම පෝස්ටර් ගහල ඒවාට පිලිතුරුත් ගැහැව්වා වෙන්න හොදටම ඉඩ තියෙනවා. මේක අරමුණ තමා ජනතාව දිනා ගැනීම. ඊලග පියවර ආරක්ෂක අංශ වලට විරුද්ධව ජනතාව මෙහයවන එක. ඉස්සරහට උත්ගොෂණ එහෙම බලාගන්න පුළුවන් වෙයි. මේකත් අවසානයේ සන්නද්ධ අරගලයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
ඔහොම තමා කට්ටිය පටන් ගන්නෙ.
ආවා මේවා මොක හරි කමක් නැහැ නවක වදය නවත්වනවා නම් හොදයි
පාර්ලිමේන්තුවත් ආවා කල්ලියට බාර දුන්නොත් විනය හදයි
එක එක කල්ලි වල නැගී සිටීම කලින්ම නැවතීමක් කලේ නැතිනම් එහි අනිසි ප්‍රතිවිපාක විදීමට සිදු වන්නේ සාමාන්‍ය මහා ජනතාවටමය. මෙය කොටි ත්‍රස්තයන් වැනි තස්ත්‍ර කණ්ඩායමක ආරම්භ විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙවැනි කණ්ඩායම්වල අවශ්‍යතාවයක් නොමැත.මහජනතාවගේ ගැටළු විසදීමට ත්‍රිවිද හමුදා සහ පොලිසිය පවතී. නිය පොත්තෙන් කපා දැමීමට ඇති දෙය නිය පොත්තෙන්ම කපා දැමිය යුතුය.
ඉතිං ඒ මිනිස්සු හිත් දිනාගන්න පෙර උඹලා දිනාගනිල්ලාකො. කුහක නුඹලා නොකරන දේවල් ඔවුන් කරනවා. ඊට පස්සෙ මිනිස්සු ඒ පැත්තට හැරෙනවා. ඒක ඉතාමත් සාධාරණයි.
මොන ආයතනය තුළ ක්‍රියාත්මක කලත් එම පහත් ක්‍රියාව සදහා නවකයන් යොමු කරවන මානසික රෝගින් සියලු දෙනාවම පොලු මුගුරු වලින් සහ ගල් වලින් ගසා මරා දැමිය යුතුයි.