චන්දන ප‍්‍රනාන්දු
වයික්කාල අලුත්තොට මාර්ගයේ මහජනයාට පීඩාවන ආකාරයෙන් යතුරුපැදියක් පදවා මාර්ගයේ ගමන් ගත් ත‍්‍රීරෝද රථයක ගැටී එහි ගමන් ගත් කාන්තාවකට හා කුඩා දරුවෙකුට තුවාල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයකුට මාරවිල මහෙස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා මහතා රුපියල් 104,000 දඩයක් නියම කළේය.
ඉකුත් මැයි 27 වැනි දා වයික්කාල අලුත්තොට මාර්ගයේ ට්‍රේල් වාර්ගයේ යතුරුපැදියක නැගී එය තනි රෝදයෙන් පදවමින් මාර්ගයේ ගමන් ගත් ජනතාවට අවහිරයක් ලෙස යතුරුපැදිය පදවමින් සිටියදී මෙලෙස ත‍්‍රීරෝද ගැටී ඇති බව පොලිසිය කීය.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාව හා කුඩා දරුවාව රෝහල් ගත කළ බව පොලිසිය කීය.
සැකකාර යතුරුපැදිකරුව එදිනම අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙලෙස දඩයක් නියම වුයේ දකුණු මිරිස්සන්කොටුවේ පදිංචි ඩබ් ජේනුක මල්ෂාන් නැමති 18 හැවිරිදි තරුණයකුටය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තනි රෝදෙන් යතුරුපැදියේ ගිය තරුණයාට ලක්ෂයක් දඩ
jayatissa Tuesday, 05 June 2018 06:27 AM
නියම දඬුවම .අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ මොළේ අමරුකාරයෝ. පොඩි ළමයකුට පාරේ යන්න බැහැ. ගරු අධිකරණට හිස නමා ආචාර කරනවා .
ඩී. ජයදේව Tuesday, 05 June 2018 06:37 AM
දැන් අසනීප තත්වය බොහෝ දුරට සුව වෙලා ඇති
SAMARAPALA Tuesday, 05 June 2018 07:32 AM
තරුණ කාලය හපන්කම් පෙන්වන කාලයක්. ඒවා පෙන්වන්න වෙනත් මාර්ග වලට යොමුකරන්න ඕනේ. අවාසනාවකට අපේ රටේ තරුණයින් හරි මගකට යොමුකරන්න ක්‍රමවේද නැහැ.එක රජයෙන් කලයුතු කාර්යක්.අර 225 සා.පෙ අසමතුන් 94 ඉන්නකොට මොන කතාද!
RaveendraTuesday, 05 June 2018 10:00 AM
ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. වෙනත් රටවල මෙවැනි ක්‍රියාකාරකම් සදහා වෙනමම ස්ථාන තිබෙන අතර පොදු මාර්ගවල මෙසේ ක්‍රියා කලොත් මේවා දැඩි දඩුවම් ලබන වරදවල්වේ. තවද ඔබ දියවන්නාඔයේ 225 ගේ සුදුසුකම් පිලිබදව සදහන් කිරීම එතරම් යෝග්‍ය නොවෙන බව අපගේ විස්වාසයයි.
Bamunuarachchi Tuesday, 05 June 2018 05:54 PM
මේ වගේ අයට බෙහෙත් කොරන්න පුළුවන් දොස්තරලාට නොවෙයි පාරේ ඉන්න මිනිසුන්ට.