(අංජුල මහික වීරරත්න)
රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මෙම ක්‍රියාමාර්ගයෙන් පසු වෙළෙඳපොලේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව ද අමාත්‍යවරයා කීය.
පෞද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට පොහොර අලෙවි කිරීම නිසා ගොවීන් මුහුණ පාන ගැටලුවට පිළියමක් ලෙස මෙි පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව පොහොර මිල තීරණය කිරීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඕකම ගෝඨාභයගේ අන්ධ කයිප්පු දැක්මේත් තිබ්බා වගේ මතකයි...!
පෙර තිබුණු ආකාරයට පොහොර සංස්ථාව ඇතුළු රාජ්‍ය අංශවලින් පොහොර ගෙන්වන අතර, පුද්ගලික අංශයටත් පොහොර ගෙන්වීමට අවසර දෙන්න.
මෙය ඉතාමත් අමන යෝජනාවකි. රජයේ පඩි ගෙවීමටවත් මුදල් නැති ආණ්ඩුව සහනාධාර ගෙවන්නේ කෙසේද? නැවත වතාවක් ජනතාව මුලාකර අපහසුවෙන් වුවද රසායනික පොහොර මාෆියාවෙන් ගැලවීමට පාර සොයාදුන් අයගේ උත්සාහය කඩාකප්පල් කිරීමේ වෑයමක් පමණි.
ඇමතිතුමෝ, අපේ කුඹුරු වපුරලා සති 4ක් වෙනවා. දැන් යූරියා ගහන්න කාලේ හරි. මේ සතියේ අඩු මිලට ගන්න තියෙන්නේ කොහෙද කියලා කියන්න?... ඔබට පින්.
දැන්ද මතක් වුනේ...? කඩකාරයින් ඇතිතරම් හම්බ කරා. පොහොර ගෙන්නපු අයත් හොඳට පෝසත් කළා. අවසානෙට ගොවියා පාරට වැටුණා. දැන්ද මතක් වුනේ? මේකෙනුත් මේ අය ගසාකයි. ඒකනේ මේ අයට යන්න බෑ කියන්නේ.. කියන්න ගොඩක් තියෙනවා. එන්නකෝ මෙහෙට... කියලා දෙන්න හොඳට...