එෆ්.අස්ලම්
පුද්ගල පහරදීමක් සිදුකර තියුණු ආයුධ වලින් කපා කොටා දැමීමට පැමිණි ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු යාපනය කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සාමාජිකයින් තිදෙනා සන්තකයේ තිබූ කඩුවක් සහ රැම්බෝ වර්ගයේ පිහියක් ඔවුන් පැමිණි යතුරුපැදිය ද සමගින් පොලිසිය බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයින් වන සදාරත්නම් තහිදරන් සහ කුමාරස්වාමි ජරුෂන්, ඥානලිංගම් ජානුෂන් නැමති තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
කෝපායි ප්‍රදේශයේ ගජලක්ෂන් නැමති තරුණයකුට පහරදීම සඳහා ආවා සාමාජිකයින් හය දෙනෙකු කෝපායි ප්‍රදේශයට පැමිණ ඇති අතර මොවුන්ව දැක එම තරුණයා පලා යාමට තැත් කර ඇත.
මෙහිදී තාප්පයක් යැයි සිතමින් පැනීමේදී ළිඳකට වැටී ඇති එම තරුණයා ළිදෙහි යකඩ ආධාරකයක් අල්වාගෙන දිවි බේරාගෙන සිටියෙදී ආවා සාමාජිකයින් විසින් ඔහුට ගල්වලින් පහර දී තිබිණි.
මෙම අපරාධය දුටු ගම්වාසීන් කඩිනමින් ඒ බව පොලිසියට දැනුම් දීමත් සමඟ කෝපායි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.කහදවල මහතා ප්‍රමුඛ නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ළිදෙහි වැටී සිටි තරුණයා මුදාගනිමින් පහර දීම සිදුකළ ආවා සාමජිකයින් අතරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට