ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දිය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දිව්යාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි. මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසරකට පමණ පෙර සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය අයෙකි.
සැකකාර ශ්‍රී ලාංකිකයා තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඩ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා සහ අනෙක් සැකකරුවන් සතුව තිබූ එලෙස සකස් කරන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 144ක් ද සොයාගෙන තිබේ. ඊට අමතරව එම ව්‍යාජ කාඩ්පත් බෙදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව ඩෙකෑන් හෙලරඩ් පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇත.
- 125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියාවට සනීපද? ... සරණාගතයන් ගන්න අනෙක් රටවලටත් ටික කාලෙකින් වෙන්නේ මේක තමයි.