
(අංජුල මහික වීරරත්න)
රටේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා ඇරැඹූ වගා සංග්‍රාමයට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුවට අද පැවසීය.
ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි වගා සංග්‍රාමය සැලසුම් එන සතියේ දී සකස් කර අවසන් වුව හොත් කැබිනට් මණ්ඩලයට එම සැලසුම ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමට ඇමැතිවරුට හැකියාව ලැබෙන බවයි.ඒ සැලසුම සුමාන දෙක තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
මෙම කමිටු රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර,මහත්වරු ද සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි තිගාම්බරන්,වී.රාධා ක්‍රිෂ්ණන් මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
අපේ සහාය දෙන්නේ අපේ රජයක් ආවොත් විතරයි. මිනිසුන් හාමතේ ඉන්නකොට තමයි අපට වාසි...!
ඇයි නාමල් කුමාරයාගේ නිල් බලකායට කුමක් වෙලාද?
සජබ සහ ජවිපෙ ඉස්සරහින් දක්වන ගමන් ඔබතුමාට තමයි වියගහ අල්ලගෙන මඩේ යන්න වෙන්නේ... කොහොම හරි රටට කෑම ලැබෙන්න ත්‍රිවිධ රත්නත්‍රයෙන්, දෙවිපිහිටෙන් අදහස සාර්ථක වේවායි පතමි...!
රනිල් කියන්නත් කලින් ඒ සඳහා ADK වැඩ පටන් ගත්තා නොච්චියා ගමින්..., නමුත් ඔබතුමාගේ පක්ෂය කටින් බතල කොළ හිටුවන එක විතරයි කරන්නේ..!
මොවුන් එක්ක මොන වගා සංග්‍රාමද? මොවුන් පන්නලා ඉන්න ඕනේ පළමුව...
ගසාකන්නන්ගේ වවන් කෑම....!
කළදුටුකල වල ඉහගන්න ඉන්න ජෙප්පන්ට මොන වගා සංග්‍රාමද? ජෙප්පන් බලාගෙන ඉන්නේ වගාකර කන්න නොවෙයි තිබෙන දෙයත් උලාගෙන කන්න. බලාගෙන ඉන්නවා බන්දෙසියක තියලා රට බාරදෙනතුරු මාස හයෙන් රට ගොඩගන්න. ඒ ගොල්ලන් ගණන් හදන්නේ අපායේ මාස වලින්...
සංග්‍රාමය...? එකියන්නේ යුද්ධයක් නේ. කාව රකින්නද යුද්ධකරන්න කියන්නේ ...?
අමුතුවෙන් එකතු කරගන්න දෙයක් නැහැ. ඔහෙලා මෙතන බොරු කියන්නයි, සෝබන වලටයිකාලෙ කනකොට ජවිපයෙන් සමූහ ගොවිපළවල් පටන් අරගෙන...