IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සමාජ ජාලා අවහිර කිරීම ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය

මහනුවර ඇති වූ සිදුවීම් දාමයත් සමඟ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, වට්ස්අප්, වයිබර් යන සමාජ මාධ්‍ය සහ පණිවිඩ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු විය.

එපමණක් නොව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ ප්‍රචාරණය හා ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ද බොහෝ අදහස් පළ වී තිබිණි. මේ සම්බන්ධයෙන් ලිපියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.එන්.බී.සී පුවත් සේවයේ පළ වී තිබිණි. 

එම ලිපියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම එවන ලිපියක් ද පළ වී තිබිණි. ‘ඇමෙරිකාවට බැරි වූ දේ ශ්‍රී ලංකාව කරයි. වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රවෘත්ති නිසා ෆේස්බුක් පේනුව ගලවා දමයි’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ වී තිබිණි. 

එම ලිපියේ සාරාංශ පරිවර්තනයක් මෙහි දැක්වේ.

“ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පෙරණ සහ තෝරා බේරාගැනීමේ පද්ධතිය ප්‍රමාණවත් නැතැයි කියන රටවල් ගොන්නට තවත් රටක් එකතු වී තිබේ. අන්තර්ජාල අන්තර්ගතය වෛරී හා ප්‍රචණ්ඩකාරී බව පවසමින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සහ පණිවිඩ සේවා තහනම් කිරීමට කටයුතු කළේය.

අන්තර්ජාල සේවා සපයන්නන්ට ඉන්සටග්‍රම්, වට්ස්අප් සහ ෆේස්බුක් යන සමාජ හා පණිවුඩ මාධ්‍යවලට ප්‍රවේශවීම තහනම් කිරීම මගින් රටේ මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරවලට හේතු වූ වූ වෛරී ප්‍රකාශ හා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීම ආණ්ඩුවේ අරමුණ විය.  

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ වෛරී හා අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීමට වැළැක්වීමට ආණ්ඩුවක් කිසිවක් නොකළ බවට වසර ගණනක් තිස්සේ එල්ල වූ විවේචනවලින් පසුවය. 

ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණය ෆේස්බුක් සමාජ මාධ්‍යවල තිබෙන අනතුරුදායක හානිදායක අන්තර්ගතවලින් තොරවීම කොතරම් දුෂ්කර ද යන්න පෙන්නුම් කරයි. ෆේස්බුක්හි නිවහන ඇමෙරිකාවට ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වීම නවතාලීම දුෂ්කර වී තිබේ. 

වහා සිදුවීමට නියමිත ප්‍රචණ්ඩකාරී සිදුවීමකට හේතුවන්නක් හැරෙන්නට ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම ආකාරයකම ප්‍රකාශන ආරක්ෂා කිරීම හා භාෂණයේ අයිතිය සුරක්ෂිත කිරීම එලෙස වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීම පාලනය දුෂ්කර වී තිබේ. 

සී.එන්.බී.සි පුවත් සේවයට මේ කරුණු සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විද්‍යුත් තැපෑල ඔස්සේ නිවේදනයක් එවා තිබිණි. 

එහි මෙසේ දැක්වේ. 

“ “වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා. 

එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා”

ඡායාරූපය රොයිටර්

හර්ෂණ තුෂාර සිල්වා
සී.එන්.බී.සී ඇසුරිනි 
 



අදහස් (10)

සමාජ ජාලා අවහිර කිරීම ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය

sena Tuesday, 13 March 2018 05:58 PM

මාධ්‍ය අවහිර කිරීමෙන් සියලු ප්‍රශ්න විසදන්න බැහැ එයින් වන හානිය ඉතා විශාලය.

:       83       346

AmaraWednesday, 14 March 2018 04:38 AM

අවහිර කිරීම නිසා ජීවිත හානි වීමට ඇති ඉඩ අඩු අතර මේ ජාල නිසා දැනටමත් ජීවිත හානි සිදුවී ඇත. මේවා කාලය කා දමන දේ පමණි. අවහිර වීමත් සමග ඵලදායිත්වය ඉහළ ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.

:       52       12

සෙන්දේWednesday, 14 March 2018 05:26 AM

එහෙම අවහිර නොකළා නම් අද රට වටේටම වසංගතේ පැතිරිලා යුද්ධයකට මග පෑදිලා ඉවරයි... අපේ රටේ සදාචාරාත්මකව දේවල් පාවිච්චි කරන්න පුරුද්ද තියෙන්නේ බොහොම ටික දෙනාටයි....

:       27       3

රජින්ද Tuesday, 13 March 2018 08:04 PM

මට නම් මේ තහනම පිටුපස ඇති ආණ්ඩු විරෝධී ජනමතය ඔවුන් විසින් බලහත්කාරයෙන් පාලනය කිරීම යන ලක්ෂණය හොඳින්ම දැනෙනවා. එය අප වැනි ප්‍රජාතාන්ත්‍රික රටකට කිසිසේත්ම නොහොබිනා අන්තරායකාරී ප්‍රයත්නයක් ලෙසයි මා එය විග්‍රහ කරන්නේ...

:       0       35

CHANDA Tuesday, 13 March 2018 10:42 PM

මේ සිරිලකේ එදා සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කර රහ දන්නා අය, අද ඒවා අවහිර කරනවා දුටුවාම හිරිකිතේ මා සිත් පිනා යයි දෝරේ.. ගල ගලා...

:       1       19

consean citizens Wednesday, 14 March 2018 03:39 AM

ෆේස්බුක් මගින් ප්‍රධානම පෞද්ගලික රහස් අනාවරණය කර ගැනීම කරනු ලබනුයේ CIA සංවිදානය. අප පවත්වනු ලබන සියලු සමීපතම සම්බන්දතා මේ ඔස්සේ දැඩි විමර්ශනයකට ලක්කරන බව අනාවරණය කරගෙන ඇත. මෙය අප සිතනවාට වඩා සංකීර්ණ බරපතල තත්වයකි.

:       0       11

UDITHA Wednesday, 14 March 2018 04:36 AM

හිසරදේට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ..

:       0       8

Harshana Wednesday, 14 March 2018 06:09 AM

කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ. මහනුවර ප්‍රශ්නයක් නිසා කොහොමහරි අපිව ජාත්‍යන්තරයටත් අරන් ගියා.

:       0       22

ආකාෂ් Wednesday, 14 March 2018 07:02 AM

යකෝ, දැං එතකොට මුස්ලිම් අයට ගහලා තියෙන්නේ කවුද?

:       0       17

සමන් -දිවුලපිටිය Thursday, 15 March 2018 07:34 AM

සමාජ ජාල අවහිර කිරිම ඉතාමත්ම කාෙලා්චිත ක්‍රියාවක් බව කිව යුතුයි........ ලංකාව තුළ දිගටම ෙමම අවහිර කිරිම තිබිම සුදුසු බවට කිව යුතු අතර ෙමමගින් සමාජය තුල ෙබාරැව රැවටිම හා ජාතිවාදය පැතිරිම හා ව්‍යාජ ෙතාරතුරැ ජනතාව අතරට යාම වැලැක්විය හැකියි ලංකාව තුල සමාජ ජාල සමිපුර්ණෙයන්ම අවහිර කිරිම ෙහා් සිමා කිරිම සිදුකල යුතු බව මගේ මතය ෙවි............

:       27       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site