IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රවිට එරෙහි බැඳුන්කර නඩුව 27 විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් කොටි 150 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ  බවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ විභාග ලබන අප්‍රේල් 27 වනදා ආරම්භ කිරීමට  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) තීරණය කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මුලින් චෝදනා විසි දෙකක් යටතේ නඩු පවරනු ලැබූවත් විත්තිය වෙනුවෙන් ගෙනා මූලික විරෝධතාවක් පිළිගත් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල චෝදනා 11කින් මවුන් නිදොස් කොට නිදහස් කිරීම නිසා ඉතිරි චෝදනා 11 යටතේ වූ මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය .

2016 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකල බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට  විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.

මෙලෙස චෝදනා නගා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ වරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිවය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා 11 පවත්වාගෙන යාමට නොහැකි බවට මෙම අධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ඇපෑලක් ඉදිරිපත් කොට ඇතැයි පැවසීය.

එම ඇපෑල ලබන  21 වන දා සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතව ඇති හෙයින් එදිනෙන් පසුව මෙම නඩුව කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරුවන්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට සුදුසු යැයි හැඟෙන ඕනෑම නියෝගයක් කරන්නයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඉතිරි වී ඇති චෝදනා 11 පිළිබඳ විභාගය අප්‍රේල් මස 27, 28 සහ 29 යන දිනවල පැවැත්වීමට තීරණය කළේය.



අදහස් (3)

රවිට එරෙහි බැඳුන්කර නඩුව 27 විභාගයට

bandara Wednesday, 26 January 2022 09:55 PM

ඇස්වහක්, කටවහක්, හෝවහක් නෑ. මෙතුමා සියලු දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන් චෝදනා වලින් නිදහස් වෙනවා...

:       0       0

Surain Thursday, 27 January 2022 12:21 AM

මාස 03න් 03ට ඔහොම කල්ගියාම...!

:       0       0

fairoos Thursday, 27 January 2022 04:18 PM

ඉතුරු නඩු 11ත් නිදහස් කරලා දැම්මොත් ඉවරයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site