IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කුණු කන්දේ ඛේදවාචකයෙන් පැන යන්න දේශපාලනඥයින්ට බෑ

 (විනීතා එම් ගමගේ)

මීතොටමුල්ලේ කුණු කන්දේ ඛේදවාචකයෙන් මඟහැර යන්නට දේශපාලකයින්ට කිසිසේත්ම ඉඩදෙන්නේ නැතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කරයි.

කොළඹ මධ්‍යම පාන්තික ෆැන්ටසියක් මවා කොළඹ කුණු මීතොටමුල්ල පෙදෙසෙට ගෙනගොස් දැමීම ගැන චෝදනාව සම්පූර්ණයෙන්ම එල්ලවන්නේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැයි ද හෙතෙම පවසයි.

මෙම ස්ථානයේ කුණු දමමින් ඔවුන් අධිකරණ නියෝග පවා කඩ කර ඇතැයි හෙට්ටිආරච්චි මහතා කියයි.

හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීය.

         ‘‘මේ අවස්ථාවේ ජාතියම ඛේදවාචකයකට මුහුණ දී සිටිනවා. මීතොටමුල්ලේ මිනිසුන් උද්ඝෝෂණ කරමින් ඉල්ලූවේ කුණු ඉවත් කරන්න කියලයි. අවාසනාවන්ත විදියට දේශපාලකයින් ප‍්‍රශ්නය මඟ හැරියා. මේ  නිසා ඊට කොහෙත්ම සම්බන්ධ නැති ජනතාවක් මහ පොළවේ පණ පිටින්ම වැළලූණා.“

“මේ සිද්ධ වුනේ ස්වභාවික ආපදාවක්  නම් හිත හදාගත හැකියි. වගකීම නොසලකා හැරීම නිසා කාටවත් මේ ප‍්‍රශ්නයට පිළිතුරු නැහැ. දවසකට ටොන් 1200 ක් වන කොළඹ කුණු හෙට සිට දමන්නේ කොහේටද? තාවකාලික විසඳුමක් කියල පටන්  ගත්තට මේකට විසඳුමක් නොදී සිටීම නිසයි ජනතාවට මේ තරම් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවුණේ. “

“පැවැති රජයේ සමහර කියනවා අහවලා හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. ගෝඨාභය මහත්තයා කියනවා ඔහු සූදානම් කර තිබුණලූ කෝච්චියේ කුණු පුත්තලමට ඇදල එහෙදි ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්න. නමුත් ආණ්ඩුව පෙරළුනු නිසාලූ බැරිවුණේ. “

හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  



අදහස් (3)

කුණු කන්දේ ඛේදවාචකයෙන් පැන යන්න දේශපාලනඥයින්ට බෑ

aravinda Tuesday, 18 April 2017 12:15 PM

දේශපාලකයන්ට මෙන්ම පුරවැසි සංවිධාන යයි කියාගන්නා අයටත් මේ ඛේදවාචකයෙ ඒකාකාර වගකීමක් තිබෙනවා. කොළඹ වැනි අධික ජන ගණත්වයක් ඇති ප්‍රදේශයක කුණු එකතු කොට ගොඩ ගසා තිබීම ප්‍රයෝගික විසදුමක් නොවේ. ප්‍රයෝගිකව කල යුතුව තිබෙන්නේ නගරය තුල තවකාලික කුණු එකතු කරන ස්ථාන ඇතිකොට, වරින් වර ඒවා නගරයෙන් පිටත ස්ථිර ස්ථාන වලට ගෙන යාමයි. රජය පසුගිය අවරුදු කීපය තුල කසල බැහැර කිරීමට ජන ගනත්වයෙන් අඩු, මඩකලපුව සහ වග වැනි ප්‍රදේශය මේ සඳහා යෝජනා කල අතර, මේ සංවිධාන කලේ ඒවාට විරුද්ද වීම පමණි. මෙවැනි ඛේදවාචක වැළක්විය හැක්කේ හැම දෙයක්ම විකල්ප වලින් තොරව විවේචනය කිරීමෙන් නොව, රජය සමග සහයෝගයෙන් ප්‍රශ්නයට විසදුමක් සෙවීමෙනි.

:       0       3

Saman Tuesday, 18 April 2017 07:00 PM

මෙහෙම කියන්නෙ කුණුගොඩ ලඟම ජීවත්වුන කෙනෙක්ය. ‘‘ මම 1980 ඉඳන් මේ ගමේ ජීවත් වෙනවා. 1990 කොළොන්නාව නගර සභාවෙන් ඒ වෙලාවේ කුණු මෙතැනට ගෙනත් දැමීමට මිනිස්සු විරුද්ධ වුණා. ඒත් විරෝධ නොතකා කුණු ගෙනත් දැම්මා. පසුව කොළඹ නගර සභාවේ කුණුත් ගෙනැවිත් දැම්මා. පුරපති ගනේෂලිංගම් මහතා කුණු දැමීම තහනම් කළා. නැවත 2009 බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය දරුණු වුණාම එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තාවකාලික පදනම මත මෙතැන අක්කර 2ක කුණු දාන්න ඉඩ දුන්නා. නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ නියෝග කඩකර දිගටම කොළඹ කුණු මෙතැන දැම්මා. කුණු කන්ද අක්කර 18ක් පුරා අඩි 250ක් උසට අද වර්ධනය වනතුරු ජනතාවගේ හඬට කවුරුවත් කන් දුන්නේ නැහැ

:       6       1

siri Wednesday, 19 April 2017 06:31 AM

හෙට්ටිආරච්චි මහත්තයෝ ,මට හිතෙන විදියට ඔයා ආණ්ඩුවේ හරි වෙන මොකක් හැර එකකින් යැපෙනවා කියලයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site