(සුජිත් හේවාජුලිගේ )
මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
රටේ ආර්ථික ගැටළුව විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම පටලවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.
ගොඩහේවා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමකදීය.
රටේ ප්‍රශ්න ගැන අද අගමැතිවරයා, ඇමැතිවරුන් කිසිවකුත් කතා නොකරන බව පැවසූ ගොඩහේවා මහතා ජනාධිපතිවරයාද බොහෝ කාලෙකින් ජාතිය අමතා නැතැයි ප්‍රකාශ කළේය.
මේ ආකාරයට ජනතා ප්‍රශ්න අමතක කරමින් කටයුතු කළහොත් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න යැයි පවසමින් නැවතත් ළඟදීම පාරට බසිනු ඇතැයිද ඔහු පැවසුවේය.
දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු වුවත් ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවකින් අවස්ථාව සැලසෙන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් ඔහු කීවේය.
කෙසේ නමුත් අද පවතින ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තියා අඩුම ගාණේ ආණ්ඩු පක්ෂයවත් හරියට නියෝජනය වෙනවා දැයි කියන ප්‍රශ්නය පවතින බවත් එකම ආසනයක් පවතින පක්ෂයක අයකුට අගමැතිකමදීම නිසා ඔහුට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතු වීමට පටන් ගෙන ඇති බවත් ගොඩහේවා මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථිර බලයක් නොමැති මේ ආණ්ඩුව රට වෙනුවෙන් වැදගත් අසීරු තීරණ ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව පැවසූ නාලක ගොඩහේවා මහතා රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හෝ ණයක් ලබාගෙන එදාවේල කළමනාකරණය කරන එක නොවේ යැයිද ප්‍රකාශ කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව වැනි පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට මේ කැබිනට් මණ්ඩලයට කිසිදිනක හැකියාවක් නොලැබෙන බවත් එසේ නොකර රජයේ වියදම් අඩු අඩු කර ගන්නේ කෙසේදැයි ප්‍රහේලිකාවක් බවත් ඔහු කීවේය.
ඉන්ධන,විදුලිය සහ ගෑස් හිඟයට සහ ඒවායේ අධික මිලට එකම විසඳුම ඒ ක්ෂේත්‍රවල රජයේ ඒකාධිකාරිය බිදීම බව පැවසූ හෙතෙම මේ කැබිනට් මණ්ඩලයට ඒ කිසිවක් කළ නොහැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
ඒක දැන්ද දන්නේ...? සර්ව ගේනකොට කියපු කතා හොඳට තිබුණු රටේ මේ තත්වෙට පත්කරපු අයට නම් හෙණම වදිනවා.
උඩබලාගෙන කෙළගැසීම හෙවත් නරි නාටක...
බුවා මේක අති සුපිරි පාලනයක් හොඳේ...
සියඹලාණ්ඩුවේද හිටියේ...?
මිදිත් තිතිතයි කියලා නරියෙක් කිව්වලු...
කණ කැස්බෑවා වියත් සිදුරෙන් අහස බැලීම..!
කොහොමත් මන්ත්‍රීතුමා මුළු සතියේම ජනාධිපතිට පැය 24 පුරාම අමතනවා. දෙමව්පියෝත් ඒ එක්කම මතක් කරනවා.
මේ අර කැස්බෑවා ගල්පරවල හැප්පිලා මැරෙනවා කිව්ව බුවා නේද? අනේ මෙයාගේ ආචාර්ය උපාධිය කොහෙන් ගත්තු එකක්ද?
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. මූල්‍ය විශේෂඥයෙක් විදිහට ේ ප්‍රශ්නෙ විසඳගන්න තියෙන්නේ ශ්‍රී ලංකා ජනතාව තුළින්මයි. අයියේ IMF අදාරය යනු අතමාරුවක් පමණයි. මේ කෙටි කාලයේදී, අපි චීනෙ ඉන්දියාවෙන් අනිකුත් රටවලින් අතමාරු ලෙස ඩොලර් බිලියන 6 කට වඩා අරන් තියෙනවා.. අයියා IMF එකෙන් උනත් ඩොලර් බිලියන 5කට වඩා බලාපොරොත්තු තියන්න බෑ. දැන් කළ යුත්තේ රුපියල පා කිරීම හා පොලී අනුපාතය වැඩි කිරීමයි. දැනටමත් ඩොලරයට සාපේක්ෂව ඉන්ධන මිල වැඩි කරල තියෙන්නෙ. බඩුමිල වැඩිවෙලා. නන්දලාල් ඇතුළු පිරිස ආර්ථිකය ඝාතනය කරමින් ඉන්නේ. ඔවුන් ඔස්ට්‍රේලියාව ඇතුළු පදිංචි රටවල් වලට යාවි.
ඔබ සඳහන් කළ ආයතන ප්‍රතිවිියුහගත කිරීම හෝ ඒවායෙ කිසියම් වෙනසක් ඇති කිරීමට උත්සාහ කළහොත් ඒවායේ වෘත්තීය සමිති මාෆියාව විසින් ඒ කඩාකප්පල් කර දමනු ඇති.
ආචාර්ය උපාධියක් ද ඇති ඔබ හට ද සත්‍ය වැටහීම්ට මෙතෙක් කල් ගතවීම පිළිගත් හැකි කරුණක් නොවේ. ඔබද තවත් අවස්ථාවාදී ජරා දේශපාලකයෙකු බව ජනතාවට වැටහේ, හොඳින් දනී.
ජනාධිපතිවරයා ජාතිය අමතන්නේ නැති තරමට හොඳයි. එතුමා ජාතිය අමතන විට රූපවාහිනිය කුඩු කරන්න තරම් සිතන ජනතාවක්ද රටේ නැතුවාම නොවේ. අර්බූදය ඇතිකිරීමට වගකිව යූත්තෙත් ඔබලා නම් වර්තමාන අගමැතිවරයාගේ පත්වීමත් ඔබලා ගෙන් නම් මේ ගැටළුව විසඳීය යුත්තේ ජනතාවද? ජනතාවට ඇත්තේ අරගලය පමණකි. එයද මර්ධනය කිරීමට ගත් උත්සාහය ඔබලාට අමතකද? මේ මොහොතේ රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමේ අයිතිය සහ හැකියාව ඇත්තේ ජනතා නියෝජිතයන්ට පමණකි. එය තේරුම් නොගෙන කතා කරන වියතුන් ගැන අපි ඇත්තටම කණගාටු වෙමු.
ගම්පහ හරක බාන බලන්න ඇවිල්ල වගේ.
මේ වගේ අයගේ කතාවලට අපේ ඇඟේ ලේ පුච්චාගන්න එක බොරු දෙයක්... ඔතාගත්තු දේවල් තමයි යනකොට අරන් යන්න වෙන්නේ...
වාරකන් කාලෙට කැස්බෑවෝ මැරෙනවා තමයි...
හිටපු සහ කරපු තැන් වල මොහුගේ රෙකොර්ඩ් එකනම් ගන්න දෙයක් නෑ . ඒවා ලිව්වොත් මෙහි පල කරන්නෙත් නෑ . කෙටියෙන්, නොම්මර එකේ වංක පුද්ගලයෙක්. ලැජ්ජයි, ඉංජිනේරුවෙක්.
මෙයා අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක්, දැන් කිසිවක් දන්නැති බබා, මෙයාව පතිකලේ වියතෙක් කියලා, ඒත් කරපු වියත්කමක් නෑ, බොරුකාරයෙක්
ප්‍රශ්න විසඳන්නට පෙර ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වෙන්න එපායැ. මදෑ වියතුන් ටිකක් පාර්ලිමේන්තුවට පත්කළා...
වියත් මගෙන් ඇවිල්ලා අපිව අන්දපු කෙනෙක් මේ.
මේ වෙලාවේදී කළ යුතු එකම දේ රුපියල් ඉන්ධන ගෑස් ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ඇති ඩොලර් ඉල්ලුම මතම පා කරවීමයි. ශ්‍රී ලංකාවේ රුපියල් හිඟයක් ඇති අතර ඊට පිළියමක් වශයෙන් කළ හැක්කේ භාණ්ඩාගාර බිල්පත් වැනි ණය අනුපාත 30% දක්වා ක්‍රමයෙන් වැඩි කිරීමයි. ඉන්දියාවෙන් ඩොලර් බිලියන හතරක් පමණ මේ ටික කාලයේ දී ලබාගෙන තියෙනවා. ඒවා තව අවුරුදු දෙක තුනකින් සමහරක් අවුරුද්දකින් ගෙවිය යුතුයි. මේ ආර්ථික ප්‍රශ්නය ගොඩ එන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් තුළින්මයි. ඒ නිසා විදේශ සමීක යන්ගෙන් ඩොලර් ලබාගැනීමත් අපනයන කරුවන් ගෙන් ඩොලර් ලබාගැනීමත් ඉක්මනින් කළ යුතුයි. නිෂ්පාදකයන්ට අවශ්‍ය විදුලිය අමුද්‍රව්‍ය නොකඩවා ලබා දිය යුතුයි. නැතිනම් විදේශ වලින් ලැබෙන ඇනවූම් සියල්ල බංගලාදේශය ඉන්දියාව හා වියට්නාමයට ගසාගෙන යනු ඇත.
බේත් වලින් හොරකම් කරපුව දැන්වත් කියපන්කෝ?
වියත්මගේ කට්ටිය කියක් මගේ ගියා නේද? 21ට අත උස්සපු කෙනා, පොහොර කාබාසිනියා කරපු කෙනා කරනකොට මොලේ තිබුණේ කොහේද? ගෝඨාභයට පිටුපාලා දැන් නව නාටකයක් පෙන්නනවා. 69 ලක්ෂයේ හරක් ටික රටට කරපු විනාසේ...
කැස්බෑවෙකුත් සියදිවි හානිකරහෙන ඔහොම කිවුවා පුතා
ඊයේ ඉපදිච්ච ලදරුවෙක් එහෙමත් නැත්තම් මානසික ආබාධයක් තියන තවත් පුද්ගලයෙක්.
තමාගේ ජනප්‍රියත්වය වර්ධනය කරගැනීමේ උත්සාහයක් ලෙසයි පෙනෙන්නේ ..... පසුකලෙක ඉහළ පුටුවක වාඩිවීමට කැමැත්තකුත් සමහරවිට හිතේ කොතනක හරි හැංගිලා තිබෙන්නත් බැරි නැහැ ...
දැන් ඉතින් ඡන්ද ටිකවත් බේරගන්න එපැයි... නැතුව ආයේ මේ සැප කොහෙන් ගන්නද? ආයෙමත් පොහොට්ටුවෙන් නැව් නගින්න කියලද?
ඔයාලගෙ බොරු අහල අතිවෙලා හොරුන් රැකපු හොරුන් බලයට ගෙනාව. රට විනාස කල ඔබ තව මොනවද කියන්නෙ. අපිද රට පාලනය කලේ? තොපිඩ ? අද දුක්විදින ජනතාවගෙ කඳුළු වලට ඔයා වගකියනවද? . දැන්වත් ඔයා කට වහගෙන ඉන්න.
හලෝ ඔතන ලැගලා ඉන්නේ නැතිව එළියට යන්න.. ප්‍රතිපත්තිගරුක මිනිහෙක් විදියට. ඒකයි නියම මිනිසෙකුගේ ගතිය...!
ඒක නම් පහත් වැඩක්...
අපිට දෙන්න කරලා පෙන්නන්නම් කියලා කියපු කෙනෙක්... 2015 -2019...!
දූෂිත පවුල් පාලන ආණ්ඩුව එක්ක එකතුවෙලා මේ රට වලපල්ලටම වැටෙනකම් බලන් හිටියා. දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ...
දැන් ටික දවසකට කලින් මොකක්ද ඇමැතිකමක් ගත්තා නේද ගෝඨාභයගෙන්...?
අපි ගම්පහ කියලා කියන්නත් ලැජ්ජයි... අපි හිතුවා වියත් මගෙන් ආවහම වැඩ්ඩෙක් කියලා... දැන්නේ තේරෙන්නේ...!
රාජපක්ෂලාට ..දීපු නාලක දැන් ආණ්ඩුව පට්ට ගහන්න හදනවා. ආණ්ඩුව පැත්තක තියලා නාලකයගෙ .. පතුරු ගහන්න ඕන. නොදකින් රාජපක්ෂලාට කඩේ ගිය .....
මහා ලොකුවට කළමනාකරණය ගැන කතා කලාට මෙයා දන්නේ පේව්මන්ට් වොකින් පාත් හදවන්න විතරයි. ඒවායින් රටේ ආර්ථිකයට ඩොලර් එනවද?