(නිමල කොඩිතුවක්කු)
තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයකු ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කරන බවත් විපක්ෂනායක කාර්යාලයේ අද(3) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බවත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත් ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්පල බවද ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
බයි වහල්ලුන් සහ ජාතිවාදීන් ඉන්නකන් රටට අබසරණයි.
අනේ යන්න... කට විතරයි..!
සටනට එන්න. අපේ පූර්ණ සහයෝගය දෙනවා.
ඔබතුමා කතානායක...!
ලංකාව කියන්නේ ස්වාභාවික සම්පත් උපරිමයෙන් තියෙන රටක්... කොටින්ම කිව්වොත් අපි ඉන්නේ විශාල මඩ තැවරුණු මැණික් ගලක් උඩ... අතීතයේ ලංකාවේ වියළි දණ්ඩක් වුවද පැලවේ කියලයි කිව්වේ... සාමාන්‍යයෙන් වියළි දණ්ඩක් පැලවෙන්නේ නැහැනේ... නමුත් ලංකා භූමිය එවැනි සශ්‍රීක බිමක් කියලයි එදා පිළිගත්තේ.. දැනට විදේශ විද්වතෙක් ලංකාව ලෝකයේ දියුණුම රටක් කරන්න සම්පත් තියෙන රටක් බව කියලා තියෙනවා... ඔහුගේ සොයාගැනීම අනුව මිණිරන්, ඉල්මනයිට්, පොස්පේට් හා යපස් ඉන් කීපයක් වෙනවා. ඉතින් ඔබතුමා මේ රට සංවර්ධනය සඳහා ඒවා ප්‍රයෝජනයට ගන්නවාද නැත්නම් විදේශ ණය අරගෙන ජනතා කුස පුරවනවාද හා රටේ සංවර්ධනය සඳහා ගන්නා ක්‍රියා මාර්ග මැතිවරණයට කළින්ම ජනතාවට ඉදිරිපත් කරන්න අපට මැතිවරණය පසුවී දින සියය, දෙසීය වැඩක් නැහැ. මැතිවරණය පසුවී පළමු මාසයේ සිට සංවර්ධනය අරඹන්න අවුරුදු 76ක් ප්‍රමාද වෙලා තියෙන්නේ තවත් ඉවසන්න අමාරුයි. එහෙම කරනවා නම් ජයවේවා...!
මේ රටේ අනාගත නායකයා නාමල් රාජපක්ෂ පමණයි.
ඔව්, රජකම ගන්න ඩීල්දාලා ජනතාව හොඳට හිටපු ගිය ආණ්ඩුවත් පැන්නුවේ කව්ද? දැන් මේ ආණ්ඩුවත් පන්නනවා කියලා 21 හබක් කරන්නෙත් ඩීල් එකක් තමයි. දැන් හැමෝම දන්නවා කව්ද දූෂිතයා කියලා...
විපක්ශ කන්ඩායම් සියල්ල එකතුවෙලා මෙ ආණ්ඩුව පලවා හරින්න අනතුරුව චන්දෙකදි ජන්මතය විමසා බලාගන්න
තමුන්ට පුළුවන් ඉටිගෙඩිය...
සජිත් මහත්තයෝ.. කියව කියවා ඉන්න කාලයක් නැහැ. බහින්න එළියට... අපි අපගේ උපරිම සහයෝගය දෙනවා.
විශ්ව තේරුම් ගත්තා. අනාගතය මොකක්ද කියල. ජවේවා..