
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ.
"ගෝඨා රනිල් ශාපය අවසන් කරමු" තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොල අසලින් අද පස්වරු 3.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සමගි වනිතා බලවේගය, සමගි තරුණ බලවේගය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කොටුව දුම්රිය දුම්රියපොළ ඉදිරිපිටමාර්ගය ඉදිරිපස විරෝධතාවයේ නිරත වූහ.
රටම අකමැති රනිල් අගමැති, ගෝඨා ගෝ හෝම්, ගෝඨා පිස්සෙක්, රනිල් ගෝඨා මේ අහන්න වැඩබැරිනම් ගෙදර යන්න, හොරා හොරා රනිල් හොරා ගෝඨා හොරා, ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවෝ කළු පැහැති ධජ ප්‍රදර්ශනය කරමින්, ගෑස් සිලින්ඩර රැගෙන, මුලුතැන්ගේ උපකරණ වලට ශබ්ද කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
මේ මොහොතේ රටට අවශ්‍යම විපක්ෂ නායකවරයෙක් සහ කණ්ඩායමක්. දැන් හෙට උදේ ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්වෙයි.. මෙයා ජනාධිපති වෙයි. නියම නායකත්වය නම් අසීරු මොහොතේ අභියෝග බාර ගැනීම... මෙයා පස්මහ බැලුම් බලබලා ලියුම් ලිව්වා. රනිල් දුන්නු ගමන් ගත්තා...!
මෙයාලාට පිස්සු තමයි. අපිට කන්න නැතිව ඉන්නවා. මෙයාලාට ඕනේ අගමැතිකම සහ රට කරන්න. මොවුන් ඒකටත් වඩා හපන් අය...
පට්ට සෙනඟක් ඉන්නේ.. NPP එකේ රැස්වීම්වලට මේ වගේ කී ගුණයක් හිටියාද?
මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා.. නමුත් සජබ නඩේ ඊටත් වඩා එපා. මේ මහ ලොකු කෙරුමන් ටික අගමැතිකම දෙන්න හැදුවාම එපා කිව්වා. දැන් අඳෝනා නගනවා.
බලයට තියෙන කෑදර කමින් තම මව්බිම තවතවත් අරාජික කරන අපතයින් පිරිසක්...
රනිල් කවදාවත් ඔතැනින් අයින්වෙන්නේ නැති බව මෙයාලා දන්නවා. අනික මෙතුවක් කාලෙකට එජාපයේ නායකකමින් එළවාගන්න බැරිවුණු මේ ගොල්ලන්ට ඔය බෝඩ් කෑල්ලකින්.. රනිල්ව එළවන්න ලැබෙන්නේ නැහැ. ඒක දැන දැන රනිල්ගේ කොන්ත්‍රාත් එකට ජනාධිපති යවන්න මේ හදන්නේ... කොහොමහරි ලොක්කව එළවලා දාන්න. එතකොට මට රජකම ලැබෙනවා. එදාට ඔක්කෝටම ඇමැතිකම් දෙන්නම් කිව්වා නේද?
මොවුන් මේ වෙලාවේ බලයේ හිටියා නම් කොරෝනා වලින් රටින් අඩක්ම විනාශය...
හරි කෙනෙක් හිටියා නම් නන්දසේන ආයෙත් ඇමරිකාවේ තෙල් ගහනවා මේ වෙනකොටත්...
තිබ්බ බලය රැක ගත්තේ නැතුව පක්ෂය කඩාගෙන ගෙන ගොස් ඇමෙරිකානුවන්ට බලය අරන් දුන්නු සජිත් නාගානන්ද මහතාට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? දැන් ඉතින් හැමදාම විපක්ෂය තමයි. පොහොට්ටුව ජයවේවා...!
සිංහල මෝඩ හැත්තට තව වෙලා මදි වගේ... තවමත් කාලකණ්ණි පිටිපස්සේ යනබවයි පෙනෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ?
ඔය පිරිසම තමයි 2020 පෙළපාලි ගියේ... අගමැතිකම දීලත් ගන්න බය වෙච්චි සජියා කොහෙද ජනාධිපතිකම කරන්නේ? අපි සජබයට දෙන්නෙත් නැහැ වෙන දෙන්න කෙනෙකුත් නැහැ. ජෙප්පන් නම් එපා එපා එපාමයි...
සජිත්ට ලැබුණු ඡන්ද ලක්ෂ 52කම ඇවිල්ලා හිටියාද? එහෙම නම් බොහෝමත්ම හොඳයි..!
එදාම ජවිපෙ රැස්වීමට ආපු සෙනඟ දිහා බැලුවාම සජිත්ට මොනවා හිතුණද දන්නේ නැහැ...? කරන්න දෙයක් නැහැ. අනාගතය පැහැදිලියි නේද සජිත්තුමා...!