IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි දෙකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

 (ටී.කේ.ජී.කපිල)
 
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව   පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පවසති.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි සැකකරු විසින් ඔහුගේ ගමන් මල්ලේ කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 901 ක් බර මෙම මත්ද්‍රව්‍ය තොගය සෙඟවා ගෙන පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසාම් මොහොමඩ් අක්‍රම් නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද(07)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින 07 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත යොමු කිරීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.



අදහස් (5)

කෝටි දෙකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Nuwan Tuesday, 07 May 2019 07:14 AM

වැරදි වෙලාවේ ආවේ සහෝ!

:       0       77

Dilan Tuesday, 07 May 2019 07:36 AM

අඩු කඩන්න ඕනේ මේ වගේ අයගේ්‍.....

:       0       39

sandy123 Tuesday, 07 May 2019 07:38 AM

මදුෂ් ආවා. ඉතින් ඕක මොකක්ද?

:       0       14

රවින් Tuesday, 07 May 2019 07:52 AM

හ්ම්ම් චාන්ස් එකක් ගන්න හිතාගෙන වෙන්න ඇති. ඕං ආයෙත් මානව කාරයෝ පටන් ගන්න වගේ. වයසක මනුස්සයකුට හිරි හැර කරලා කියලා කියන්න බැරි නැහැ. බලන්න මෙයාගේ වත ගොත හරියට හොයන්න . එතකොට පිට පස්සේ ඉන්න අයියලා ටික අහුවෙයි.

:       0       12

නිමල් Tuesday, 07 May 2019 09:00 AM

තව පෙළපාලි කීයක්වත් තියන්න වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 970 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site