IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කටාන ව්‍යාපාරිකයකුගේ නිවසකින් කෝටි තුනක් කොල්ලකති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් අද  කටාන කිඹුලාපිටිය අක්කර  50 ප්‍රදේශයේ  ව්‍යාපාරික නිවසකට කඩා වැදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පිස්තෝල අත දරාගත්  පස්දෙනෙකුගෙන් යුත් පිරිසක්  කොල්ලය සඳහා පැමිණ ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.



අදහස් (10)

කටාන ව්‍යාපාරිකයකුගේ නිවසකින් කෝටි තුනක් කොල්ලකති

සිරිබිරි Wednesday, 30 September 2020 08:25 AM

අපි හිතුවේ ඕවා දැන් වෙන්නේ නෑ කියලයි. රටේ ආරක්ෂාව උපරිමයෙන් තියනවා කියලා නේද කියන්නේ?

:       10       27

sampath Wednesday, 30 September 2020 10:11 AM

මේ තරම් ලොකු මුදලක් මුදල්වලින් තියාගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද? නැතිනම් කළු සල්ලිද? විද්‍යුත් ලෙසින් ගනුදෙණු කළා නම් හොරු, මංකොල්ල කාරයෝ නැත්තටම නැති නොවුණත් භාගයක් අඩුවෙනවා. ඒ වගේම ටැක්ස්, වංචා කිරීම් පාලනය වෙනවා.

:       0       17

apal mudalaliWednesday, 30 September 2020 11:11 AM

කලු සල්ලි නොවේ... පොලී සල්ලි සහ ඇපල් සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඕක ජනතාවගෙන් අපි අයකර ගන්නවා.

:       0       3

AnuraThursday, 01 October 2020 02:35 AM

දැන් බැංකුවල පොලියක් දෙන්නේ නැති හින්දා, සල්ලි ටික ගෙදර තියාගන්න ඇති ...

:       0       0

thilak Wednesday, 30 September 2020 10:29 AM

අද පොලිසියක් තිබුණාට, බොහෝවිට පොලිසිය ක්‍රියා කිරීමට පටන් ගන්නේ අපරාධයක් සිදුවූවාට පසුවයි. රටේ අපරාධ වර්ධනය වීමට තව හේතුවක් නම්, අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබීමයි. අද තමන්ගේ පුද්ගල ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට අවසර දිය යුතුයි.

:       1       12

lanka polisWednesday, 30 September 2020 11:14 AM

සොර කණ්ඩායම් නායකයාණෙනි, සොරකම සිදුවීමට පෙර අපිට දන්වන්න. අපි ක්‍රියාත්මක වෙන්නම්... වහාම වළක්වනවා අනිවාර්යෙන්ම...

:       1       6

NuwanWednesday, 30 September 2020 11:33 AM

මෙන්න මේ කතාව සහතික ඇත්ත. යමක් කමක් තියෙන කෙනෙකුට පවුලේ ආරක්ෂාව සදහා ගිනි අවියක් ලබාගැනීමට යම්කිසි සහනයක් දිය යුතුයි. ගෙදර මිනිස්සුන්ට වෙඩිතියලා කොල්ලකාලා ගියාට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ.

:       0       9

Dinesh Wednesday, 30 September 2020 10:48 AM

ළඟින්ම ඇසුරු කළ අය විය හැකියි.

:       0       10

Rohana Thursday, 01 October 2020 01:17 AM

සල්ලි බැංකුවල තැන්පත් කරන්න අපහසු ප්‍රශ්නයක් තිබෙන බව නම් පේන්න තියෙනවා.

:       0       0

kamal Thursday, 01 October 2020 08:17 AM

කුඩේ කුඩු... වෙන මොනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site