(යොහාන් භාසුර)
මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය.
ඇනවුම්කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණ හොත් මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.
COMMENTS
හරියට වැඩක් කරගන්ඩ බැරුව බොරු බේගල් ගහලා දැන් සමාව ඉල්ලනවා . දේශපාලුවන් කවදත් කෙරුවේ ජනතාව රවට්ටපු එක .
ඔබ කියන්නේ ඇත්තටමද?
මෙයාම දන්නේ නැහැ මෙයා මොනවාද කියන්නේ, රටේ මොනවාද වෙන්නේ කියලාවත්.... මෙයා එකක් කියනවා, අගමැති රනිල් තව එකක් කියනවා.. අතරමං වූ මහින්දානන්ද කියනවා එක්සත් අරාබිවලින් තෙල් ගේනවයි කියලා. කොහොමහරි රටතුළ අවශ්‍ය තෙල් නැහැ. ඒකයි ඇත්ත.
කටාර් වලින් බඩු හරී... ජයවේවා..!
අනේ නිකන් බොරු කෙබර ඇද බාන්නේ නැතිව ඉන්න. අපි ඔබලාගේ බොරුවලට ඇන්දෙන්නේ නැහැ. දැන් ඔක්කොම ඉල්ලලා අස්වෙලා යන්න.
තවත් පච වෙන්නේ නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩදීලා මේ ආණ්ඩුව සහ නන්දසේන ගෙදර යන්න
මෙයාගේ කණ්ඩායම 1971 රටට කරපු අපරාධය ගැන දන්නවා ඇති නේද? රට විනාශ කරන්න පටන්ගත් ආරම්භය ඒක නේද? දැන් බයිලා ගහනවා.
අර ලොකු පුතා මුදල් අධ්‍යක්ෂක හැටියට රස්සාවක් කරන අලුත් කොම්පැනියෙන්ද දෙන්නේ?
අපි ලොක්කා 9 වැනිදා යවලා 10 තෙල් ගහගන්නම්...!
මේ ටොම් පච කියන මැෂිමක්... මහින්දගේ මොකක් හරි නෑදෑකමක් ශුවර් එකටම ඇති..!
හෙට මම රටටම ඉන්ධන දෙනවා, අද රෑ ටෝකනයෙන් ගතවෙනවා.
එහෙනම් අපේ රටට අයිති අමෙරිකාවේ දේපළ ටික බේරාගන්න ඕනේ ඩොලර් මිලියන 250 දැන් හොයාගෙන ඇති එහෙනම්
බොරු කියල වැඩක් නෑ. මේක අසාර්ථක ආණ්ඩුවක්. අඩුම වශයෙන් ඉන්ධන ගෑස් විදුලිය පොහොර බෙහෙත් හිගයක් නැතුව සැපයිය හැකි ආණ්ඩුවක් පත්කර ගනිමු. ඔබලා ඉල්ලා අස්වෙන්න. ජනතාවට දුක් දිදී ඉන්නවාට වඩා ඒක හොදයි.
ඔව්, ඔව්... ජනතාවට අපහසුවක් වුණාට මොකද? ඔවුන්ගේ වී8 වලට කොළොන්නාවෙන් තෙල් දෙනවනේ... ලැජ්ජා නැති අය. මොවුන්ට ඡන්දෙ දුන්න අය කොහේද? කෙනෙක් අල්ල ගත්තා නම් ගමන් බිමන් යන්න පාවිච්චි කරන්න පුළුවන් මේ තෙලුත් නැති කාලේ...!