
තරිදු ජයවර්ධන
ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.
COMMENTS
වට්ස් ඇප්, වයිබර් සියල්ල අවහිර නොව, සම්පුර්ණයෙන්ම නවතා දැමිය යුතුයි. ලංකාවේ මේවා තනිකර භාවිතා කරන්නේ වැඩකට නැති ඕපාදුප සහ කටකතා පැතිරවීමට පමණයි.
මේක ඉතාම අමණ ක්‍රියාවක්. ඉස්සරවෙලාම මේවට අනුබල දෙන දේශපාලකයන් අත් අඩංගුවට ගන්න.
ගෙදර ගියොත් අඹු නසියි. මග හිටියොත් තෝ නසියි කිව්වා වගේ තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. අද විද්‍යයුත් සමාජ ජාලා සමහරුන් ඉතාමත් නරක විදියට පාවිච්චි කරනවා ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් සමාජය තුල වෛරය හා ද්වේශය පතුරුවන්න මේ මානසික අබාධිතයන් පාලනය කිරිම මේ මොහොතේ අනිවාර්ය කරුණක් වෙලා.
ලංකාවේ එදා ඉඳන්ම වුනේ හිසරදේට කොට්ටය මාරු කරන එකයි. දැන් එතකොට පිටරට ඉන්න මිනිස්සු තමන්ගේ නෑදෑයින් ලංකාවේ යහතින් ඉන්නවාද කියලා දැන ගන්න ඕනෑ නැද්ද? පුළුවන් නම් පත්තර කන්තෝරුත් වහලා දාන්න. ඊට පස්සේ ලෝකෙම ඉන්න වාත කරුම මෙහෙ රිංගාවී රට වැසියන්ගේ මානුෂික අයිතීන් කඩ වෙලා... විමර්ශනයක් කරන්න ඕනෑ කියලා.
පය බරවාවට පිටිකර බෙහෙත් බැන්දා වගෙයි.
ඔක්කොම නවත්වන්න. බදු ගහනවා මදිවට... ෆ්‍රී අපිට පිටරට ඉන්න කෙනෙක්ට කතාකරන්න තියෙන එකත් නැති කරනවා.
අප්පෝ ආණ්ඩුව බය වෙලා. කෙලින් වැඩකර කට්ටියක් හිටියා නම් මෙහෙම වෙන්නේ හෙට...
නාරද වට්ස් ඇප්, වයිබර් ලංකාවේ සමහර මෝඩයින් භාවිතා කරන්නේ වැඩකට නැති ඕපාදූප සහ කටකතා පැතිරවීමට පමණයි වුණාට අපේ ආයතනයේ වැඩවලදී මේවා ඕනෑ ගනුදෙණු කරන්න පිටරට පාරිභෝගිකයින් සමග.. ඕන තරම් ආයතන මේක කරනවා. ඒ නිසා හරියන වැඩක් නෙමේ..
යහපාලන රජයේ නොහැකියාව, බැරිබැරියාව, නොදන්නාකම ප්‍රදර්ශනය කල එක් අවස්ථාවක් තමයි මේ! මේවා බ්ලොක් කරන්නේ නැතිව මොනිටර් කරලා අදාළ පුද්ගලයින් බෙල්ලෙන්ම අල්ලගන්න තිබුණා. දියුණු බුද්ධි ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරනවා කියන්නේ එ්කටයි. ලංකාවට විදෙස් මුදල් සම්පාදනය කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට - ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට - විදෙස් රටවල් සමග බිස්නස් කරන අපට මේ ගොබ්බ තීරණය තදින්ම බලපානවා... වට්ඇප්ස්, වයිබර් මොකට බ්ලොක් කළාද කියලා හිතාගන්නවත් බෑ ! ප්‍රථමික ගල් යුගයේ වැඩ ! විදෙස් නියෝජිතයන්ටත් හතර හිනා මේක අහලා ! ඉමෝ බ්ලොක් කළොත් අපි බිස්නස් කරලා හමාරයි!
මේ තත්ත්වයට විසඳුමක් සමාජ මාධ්‍ය පාලනය කිරීමේ පමණක් ලබන්න බැහැ මේවා මෙහෙය වන්නෝ අල්ලලා උපරිම දඩුවම් පැමිණවිය යුතුයි.
තත්වය පාලනයට ගත්ත හොද පියවරක්.
Free Wi-Fi දෙනවා කිව්වා. දුන්නට වැඩක් නෑ පාවිච්චි කරන්න බෑනේ.
අල් ජසිරා රූපවාහිනියේ සියලුම විස්තර දීල ඉවරයි. තවත් වහන්න්න දෙයක් නෑ.
මම ඉන්නේ ජර්මනියේ , හැමදාම වගේ අදත් ගෙදරට කතා කරන්න බැලුවා. තවම අදනම් කෝල් එක ගන්න බැරි උනා. ඔය කරන දෙය නිසා , මිනිස්සුන්ගේ සැකය වැඩිවෙන්න පුළුවන්. මිනිස්සු පීඩනයකට හසු නොකර, රජය මැදිහත්වෙලා කෙලින් තීරණ අරගෙන මහජනතාව දැනුවත් කරන්න. අව්ස්ථාවාදිව තමන්ගේ බලය ගැන නොසිතා වැඩ කරන්න. රටතුල මෙවැනි දේවල් සිදුනොවීමට නීති සකසන්න.
අතීසරේට අමුඩේ ගැහුවා වගේ...
සමාජ ජාල අවභාවිත කරන අයට යම් පාලනයක් අවශ්‍යයි
බොරැ වැඩ නොකර ගැටළුවට නියම විසදුමක් දුන්නා නම් තමයි හොඳ.
බොරැ වැඩ නොකර ගැටළුවට නියම විසදුමක් දුන්නා නම් තමයි හොඳ.
ලෝකය ඉදිරියට යද්දී අප යන්නේ ගල් යුගයට. පිටරටවල සිටින අපට මේ රටවල් සිට අමතා කතා කර විස්තර දැනගන්න තිබුන දේවල් නැතිකරන්න රට පාලනයට කොන්ද පන නැතිකම මිසක් වෙන මොනවාද ?
ඒවා මේවා බ්ලොක් කරලා හරියන්නේ නැත. සිංහල, මුස්ලිම් ,දෙමල අන්තවාදී නම් හිරේට.
ලංකාවේ ඉතින් හැමදාම ගත්තේ අනුවන තීරණ නේ. කවදද මොලේ තියෙන දේවල් කරේ. එකනේ අද ඔය වගේ ගැටළු වලට මූණ දෙන්න වෙලා තියෙන්නේ.
තාවකාලික නෙමෙයි... දිගටම අත්හිටුවිය යුතුයි. මැදපෙරදිග රටවල් වගේ... මෙම රටට ගැලපෙන්නේ නැහැ.
එෆ්.බී. තාවකාලිකව නොවේ... සම්පූර්ණයෙන්ම නවතා දමන්න. මේ රටේ තරුණ ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ මේ නිසයි.
මෙය හුදෙක් අර්ථ විරහිත ක්‍රියාවක්... අන්තර්ජාලයේ ඇති නොමිලේ පාවිච්චි කළ හැකි වී.පී.එන්. සොෆ්ට් වෙයාර් හරහා තවමත් කිසිඳු බාධාවකින් තොරව එෆ්.බී. ඇතුළු අනෙකුත් සමාජ ජාලා භාවිතා කළ හැකිවෙනවා.
යහපාලනයේ නොහැකියාව නැවත වරක් මනාව ඔප්පු කර ඇත.
මේ මෝඩ මිනිස්සු නිසා රට 1958 කාලයේ මානසික මට්ටමට ගියා හා සමානයි. එහෙම අයට මොන සමාජ ජාලා වෙබ් අඩවිද? සියල්ල තහනම් කරන්න.
මේ මෝඩ මිනිස්සු නිසා රට 1958 කාලයේ මානසික මට්ටමට ගියා හා සමානයි. එහෙම අයට මොන සමාජ ජාලා වෙබ් අඩවිද? සියල්ල තහනම් කරන්න.
ආණ්ඩුව බොර දියේ මාළු බානවා !!!
මේවා අක්‍රිය කරලා යම්තාක් දුරකට පවතින තත්වය පාලනය කරන්න පුළුවන් වෙයි. හැබයි මේ රටේ එදත්, අදත්, හෙටත් නැති උනේ නීතිය..
මිලියන ගණනක් පිටරට ඉන්න ලාංකිකයෝ ලංකාවට කතා කරන්නේ කොහොමද?... එතකොට දැන් ලංකාවේ තියෙන්නේ තලේබාන් නීතියද? වැඩ බැරි ආණ්ඩුව ගෙදර යන්න..
බැඳුම්කරේ කෝ දැන්? විශ්වාස බංගේ කෝ දැන්? මේවා යටගහන්න දේශපාලකයෝ නියම ගේමක් දුන්නේ. සාමාන්‍ය මිනිස්සු ගහගන්නේ නෑ. ඔක්කොම දේශපාලකයෝ කෝ පොලිස් ඇමති කෝ? රනිල් ලොක්කා එ්ක ගත්තා විතරයි.. ඔන්න වුණු දේ...
දැන්වත් ෆොන්සේකාට පොලීසිය දෙන්නකෝ... තවත් කළු ජූලියක් එනකං ඉන්නේ නැතුව...
මේ පුවත මේ වෙනකොට බලලා තියෙන්නේ 7231 යි, හැබැයි නාරදගේ කමෙන්ට් එකට .. 12015 ක් කැමති නැහැ.. මේ වගේ තමයි ෆේස් බුක් එකත්..
අර ලැප්ටොප් වන්නම නටන්න දුන්නේ නැති නිසා දෙයියෝ කෝප වෙලා ඇති ...
මොන විකාරයක්ද? අප විදේශගතව සිටිමු. අපගේ පවුල් සමඟ සන්නිවේදනය, කතා කිරීමට හැකි එකම මාර්ගය මෙයයි. මෙම ගැටළු ඔබට සමාජ මාධ්‍යයන් හසුරුවීමෙන් ඔබට විසඳාගත නොහැක. කරුණාකර මෙම ගැටළුවට තවත් විසඳුමක් සොයා ගන්න. නැතිනම් රට විනාශ වන තුරු ඔයාලා සතුටින් මෙම ප්රශ්නය පිට හැම දේම පටවලා ඔයාලගේ දේ ඉටුකර ගනියි..
තොරතුරු දැනගැනීමේ අයිතිය නේද මේ අවහිර කරන්නේ....? එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල්වලට
එතකොට නාරද, ගොන් බානකුයි, කරත්තයකුයි තියන කෙනෙක්ද?
සමහරු මේවා භාවිතා කරන්නේ වඳුරන්ට දැලිපිහි හම්බවුණා වගේ කිසිම ඉවක්බවක් නැහැ. බොහෝ අය කරන්නේ මිනිස්සු කුලප්පු කරන එකයි රටම ගිනි තියන එකයි තමයි . මාධ්‍ය සදාචාරය කියල එකක් ඇත්තෙම නැ . මේ නිසා එක යහපත සඳහා භාවිතා කරන්න විදිහක් නැ, එහෙම ඕන කෙනෙකුටවත් .
ඕව නවත්තන එක නෙමෙයි කරන්න ඕනේ ඕවා කරන එවුන් අල්ලලා අවුරුදු 3ක් විතර හිරේ ඇරියානම් මොකෙක්වත් ඕවා කරන්නේ නැහැ. ISP delails සහ IP ditails අරගත්තම නිකම්ම කොහෙන්ද පනිවිඩ යවන්නේ ඩවුන්ලෝඩ් කරන්නේ කියලා හොයාගන්න පුළුවන්. දැන් බලපන් අරාබියේ ඇමෙරිකාවේ කැනඩාවේ සහ අනෙකුත් දියුණු රටවල ඕවා පට ගාලා අල්ලලා දඬුවම් කරනවා. අරාබියේ එකෙක් අරාබියේ රජාට අපහස කරලා නිර්නාමික විදියට අන්තර්ජාලේ දවල් දාලා රැ කෑම වෙලාවට ඉස්සෙල්ලා උව අල්ලලා හිසත් ගසාදාලා. එකනේ එහෙ උන් වැරදි කරන්න බය. අපේ කොහෙද ඉස්ත්‍රී දුෂකයටයි බැංකු මන්කොල්ලකාරයටයි කළු කෝට් පැය 24න් ඇප .
පිහියෙන් පාන් ගෙඩිය කැප ගන්නත් පුලුහන් අත කපා ගන්නත් පුලුහන් කාගේ හරි බෙල්ලක් කපන්නත් පුලුහන් පාවිච්චි කරන්නාගේ අභිමතය තමා බලපාන්නේ. මේ කරන දෙයින් හොද නරක දෙකම නැතිවෙනවා. මේක යමපාලනයක්.
ලංකා බෙල්ල 4g වලින් තවම සොචිඅල් මෙදිඅ යන්න පුළුවන්
ශ්‍රී ලංකා කවමදාකවත් නිසි මගට යන්නී නැහැ. මෝඩ පිලියමක්. ප්‍රසන්නය කියන්නී ඕවය නිගමනයට යන අය ඔක්කොම නාකි උදවිය. නැතිනුම් යන්නේ කොහෙද කිවුවම මල්ලෙ පොල් කවුව වගේ තමා මේක
ෆී ඩේඩා දෙන්න ආපු සෙට් එකට අන්තිමට සල්ලි ගෙවල යන ඒවත් කපල දාන්න වුනා
අතීසාරයට ආණ්ඩුව අබුඩ ගැසීම ......
වට්ස් ඇප් - වයිබර් පේස් බූක් රටතුල තහනම් කල යුතුය ලංකාවේ සිටින විජාතික විවිද ආගමික කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් මේවා විශාල ලෙස අවබවිතට ලක් කරයි එසේම අසබ්ය දර්ශන වීඩියෝ ප්‍රචාරය කිරීම තදින්ම සිදුවේ තවද රටේ සිදුවන හා සිදු කරන දේට හත් පසින්ම වෙනස් ප්‍රවුර්ති ලෝකයට ලබා දෙන්නේ මේ විජාතික එන ජී ඔ හා ආගමික නායකයන් යයි කියා ගන්නා පුත්ගලයන්ගේ ක්‍රියා කාරකම් හේතුවෙනි එල් ටී ටී ඊ යුද සමයේද මෙය මෙයිටත් වඩා විශාල ලෙස සිදු විය නමුත් එහි ආගමික සිද්දියක් නොවූ නිසාත් එල් ටී ටී ඊ සංවිදානය ඉන්දියාවද තහනම් කර තිබු නිසා රජීවූ ගාන්ඳි ඝාතනයට ඔවුන් හහුල් වූ නිසාත් රටට ගැටළුවක් නොවීය අද සිදුවන්නේ ආගමික තත්වයක් ඉදිරියට තබමින් ලෝකයට පෙන්වීමයි මෙය සිදුකරන්නේ විජාතික එන් ජී ඔ හා ආගමික නායකයන් යයි කියා ගන්නා පුත්ගලයන් විසිනි
සමාජ ජාලා නරේකටම ජනතා ඇසට වැලිගසා පදී පඩි ගෙවමින් වෙනම පිරිසක් මෙහෙවුමක යොදාගෙන පෙර තිබු ආණ්ඩු වෙනස් කලේ දැන් ඉන්න පාලකයන්ම තමයි , මේ මොහොතේත් දෙපිටිකාටු වෙස් ගෙන සමාජ ජාලා ඇතුලේ වැඩිම ක්‍රියා කාරී බිහිසුණු ගිනි ඇවිලීම් කරන්නේ එවුන්මය. ඉතා සියුම්ව නිරීෂණය කරන විට විනා තේරුම් ගැනීමටවත් අපහසුයි ඒ සෙල්ලම..
අනිත් රටවල් වලත් මේ වගේ ප්‍රශ්නයක් වුණාම ඔය වගේ ෆේස්බූක්, වෛබර් එහෙම තහනම් කරලා තියනවද? ඒ අයත් මේවා අනුගමනය කරයිද දන්නේ නෑනේ...?
අගමැති නාඩි අපි විනාඩි
රටේ මේ තරම් ප්‍රශ්න තියෙන වෙලාවේ ඔය වගේ මෝඩ විකාර වැඩ කිරීම නෙවේ නුවණට හුරු. රටේ මේ තරම් කලකෝලාහල ඇති කරපු අයව අවුරුදු ගානකට හිරේ යවන්න ඕන
පුළුවන් නම් කෝල් ගන්න එකත් තහනම් කරන්නකො
වයර්ලස් ෆෝන් තහනම් කරන්න