(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් 13 දෙනෙක් අද(29) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති පළාත් සභා මන්ත්‍රි එස්.එම් රංජිත් සමරකෝන් මහතාගේ අනුරාධපුර පිහිටි මහජන සම්බන්ධිකරණ කාර්යාලයේදි ඔවුහු අද(29)පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව දැනුම් දුන්හ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමති එස්.එස් රංජිත් සමරකෝන්, හිටපු ඇමතිවරුන්වන එච්.බි සේමසිංහ, කේ.එච් නන්දසේන, හිටපු සභාපති ටි.එම්.ආර් සිරිපාල, මන්ත්‍රිවරුන්වන කේ.පි සරත් කුමාරසිරි, ගමගේ විරසේන, උපාලි විජේකෝන්,කල්යානි කරල්ලියද්ද, ජනක් මහේන්ද්‍ර අධිකාරි, අබ්දුල් හුසේන්, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ඇමතිවරයකුවු ආර්.එම්.පි.බි රත්නායක, මන්ත්‍රිවරුන්වන ජි.ජි චන්ද්‍රසේන සහ අමරකිර්ති අතුකෝරල යන මහත්වරුන් මෙසේ සාමාජිකත්වය ලබා ගත් බව රංජිත් සමරකෝන් මහතා තහවුරු කළේය.

COMMENTS
ලබන පාර 10 දෙනෙක් ගෙදර. අලුත් තරුණයින්ට අහ දෙන එක ලොකි දෙයක්.
ඔබලා කිසිම දෙයක් මහජනතාව වෙත නොකරපු බව ඔය පළාතේ සියලු දෙනා පැහැදිලිවම දන්නා දෙයක්. එම නිසා ඔබට මහජන මතයක් නැති බව සියලුදෙනාම දන්නා පොදු නියමයක්. ඔබලා සමග මහජනතාව නොයන බව ඔබලාගේ අභ්‍යන්තරය හොඳින්ම දන්නා බව පමණක් ඔබට කියනු කැමැත්තෙමි.
නියමයි... නියමෙට පක්ෂේ සුද්ද වෙනවා...
ඇයි මෙච්චර පරක්කු වුණේ? ඇමතිකම් ආපහු දෙනකන් හිටියද?
රටේ නීතිය හරියට ක්‍රියාත්මක වවුණානම්, ඔය සේරම ඉදිරියේ අනාථ වෙනවා.
අනේ මෙන්න කට්ටියක් සිය දිවි නසාගන්න යනවෝ, බඩ යන පක්ෂෙට බැඳෙන්නේ මහා රජා සමග එකට හිටිය පිරිස තමයි.
ඉස්සර වගේ හිතු හැටියට හම්බ කරන්ඩ බෑ නේද මචෝ. මෙයින් බාගයක්ම ලබන මැතිවරණයේදී දොට්ට බබෝ. ජනතා විමුක්ති පෙරමුනට මහඟු අවස්ථාවක් තියෙනවා ඉදිරියට ඒමට. බුරුතු පුටින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හොරු අයින් වේ.... අපි ජනාධිපතිතුමාත්.ඉල්ලනේ තරුණ ජවය පක්ෂයටත් ලබාගන්ඩ කියයි .
අපිටත් ඕනෑ ඔය ටික තමයි. ඒ පක්ෂය දෙකට කැඩුණාම අපි ගොඩ. එතකොට අපි නිකම්ම දිනුම්.
ගිලෙන බව ස්ථිරවම දැන දැනම සොරකම් කරන පිරිසක්...
තමන් විසින්ම තමන්ගේ මරණ සහතිකය ලියාගන්නවා. අපි මොන කරන්නද? අනේ යන්න අපට වද නොදී... කුණු යන්නේ කුනුගොඩට තමයි.
ජයවේවා. ජය නියතයි !!!
අයියලාගේ සයිස් එක දැක්කහම නියෝජනය කරන්නේ කාවද කියල හිතාගන්න පුළුවන්!
හොඳට බලන්න ඔය ඇගවල් දිහා .ජරාව කාල තියෙන තරම පේනවා.ඒ වැඩට හොඳම තැන තමයි මහා හොරා ලඟට යනඑක
කීපදෙනෙකු ඉන්නවා. අනිත් පළාත් සභාවලත් ඔවුන් අයින් වෙන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට හොඳයි. මෙම රටේ මිනිස්සු බුද්ධිමත්. මිනීමැරූවන් තක්කඩින් සහ හොරු මින් ඉදිරියේ කිසිම පක්ෂයකින් බලයට ගෙන නොඑනු ඇත. මෛත්‍රි මැතිතුමා යන මග හරි. ඔබතුමාට සියලු දේවතා ආරක්ෂාව ලැබේවා. !!!
ඔය අපේ නායකයෝද කතා කරන්නේ? මෙච්චර කල් කාපුවා ආපහු ගෙවන්න. සබරගමුවේ මහාකෙනාවත් යවන්න ඕනෑ.
ඔය හොරු ටික යන එක උතුරු මැද පළාතේ ජනතාවට කරන ලොකුම දෙයක්. යන්නේ නියම තැනට.
දක්ෂ තරුණ කොටසක් මෙවර පළාත් සභාවට යවමු. පරණ හොරුන් ගෙදරම අරිමු.
ඇඟවල් දිහා බැලුවම පේනවා පට්ට හොරු. මේ 13 දෙනාවෙන්න ඇති එදා ජේසුතුමා පවා දුන්නේ? තරුණ උගත් කොල්ලෝ දාන්න.
සයිස් එකෙන් පේනවා සංවර්ධනයේ මහිමය! ඔහේලට දිග නිවාඩුවක් ලබාගන්න එක කොහොමටත් ගුණයි! පරාජය ෂුවර් බව දන්නා පට්ට තක්කඩි කණ්ඩායමක්!