
(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් ලැබූ මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්විණි
මෙම සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබු ලාබාලම සිසුවා ද වේ.
විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් මෙම උළෙල සංවිධානය කරනු ලැබිය.
එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු හා එයට සහභාගී වු සිසුන් ඇතුළු මවුපියන් ද මෙහි දැක්වෙයි.
ඒ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීම සදහා තේරී ඇත.
දෙවුම් සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර තිබේ.

COMMENTS
ජයවේවා ... !!! ජයවේවා .. !!! ජයවේවා ... !!!
ඔබ සැබෑම දක්ෂයෙක්. ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න...
සුබපැතුම්...!
රජයේ පාසලකින් කොහොමද අඩු වයසකින් ඕ ලෙවල් ලියන්නේ කියලා කවුරු හරි කියලා දෙන්න...
මේ විශ්වයම ජයගන්න . සනහස් පුතාට චිත්ත ෙධෙර්යවාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි.බුදු සරණයි.
මෙවැනි වාසනාවන්ත දරුවෙකුගේ ජයග්‍රහණය බලා සතුටුවෙන්න බැරි මන්ද මානසික අය සිටීම ගැන හරිම කණගාටුයි.
මොළය වර්ධනය වන ආකාරය ගොඩනඟන්නේ කෙසේදැයි අනෙක් දරුවන්ට දැන ගැනීමට සලස්වන්න.
හොඳ වැඩක් සුබ පැතුම්.
අපිත් කැමතියි දැනගන්න කොහොමද ඒක කලේ කියලා.
මෙවැනි පුවතක් පළ කරන විට මෙම දරුවා සාමාන්‍ය පෙළ කළදා, අ.පො.ස. උ.පෙළ කළේ මොන විෂයයන්ද, ආදී වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත් ආකාරය විද්‍යාත්මකව පැහැදිලි වන ලෙස පුවත පළ කරනවානම් කොපමණ වටිනවාද, නිකන් ඕපදූපයක් පළ කරනවා වගේ පුවත පළ කරනවාට වඩා.
වයස අවුරුදු 5න් පාසල් කාලය ඇරඹූ කෙනෙක් සමහර විට විශේෂ දක්ෂ තාවය නිසා, ද්විත්ව ඉහල දැමීමක් සිදු උනා නම් 14 වෙද්දි AL සමත් වෙන්න පිලිවන්. වයස 60 පැනපු අයත් OL ලිව්වාය කියන අය ගැන ධනාත්මක අදහස් ඇත්නම්.. "ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ" කියනවා නම්... එහෙම නම් වයසින් අඩු උනත් මොලේ වර්ධනය වී නම්.. අනික ඒ දරුවට නීතිමය තහනමකුත් නැත්නම් මොකටෙයි සෘණාත්මකව සිතන්නෙ.. ලංකාවෙ එහෙම උනත් වෙන රට වල මෙහෙමයි වෙන්නේ.. මේ ඉන් 2ක් පමනයි.. වයස: මොෂේ 11 දී 2009 ගණිතය පිළිබඳ උපාධිය ලත් ලොස් ඇන්ජලීස් වල චිකාගෝ හි වයස: 14 දි අලියා සබූර් ව්යවහාරික ගණිතය පිළිබඳ උපාධිය සනහස් රණසිංහ දරුවට සුබ පතනව
මේ ළමයා දක්ෂ ළමයෙක්. පුතා ඔයාට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.
එල කොල්ලෙක් සුපිරි ගේමක් ගහලා. අපේ උන් ඒකටත් මරාගන්නවා කමෙන්ට් වලින්. අපි හරි වෙනස් ජාතියක් හාන්දුරුවනේ........
මේ දරුවාට අපි ඉතා සිතින් සුභ පතනවා. අනේ වරදවා හිතන්න එපා. මේ දරුවට කුහක කමට ලෙඩක් අදින්න නෙමෙයි මෙහෙම අහන්නේ. රටේ අනිත් මෙවැනි දක්ෂ ළමුන්ටත් මේ ආකාරයට ඉක්මනින් තමන්ගේ තරුණ වයස නාස්ති වෙන්න නොදී මේ විදියට සරසවි වරම් ලැබීමට පුළුවන් මෙම සාර්ථක විදිය පැහැදිලි කරලා දෙන්න.
ඔබට තෙරුවන් සරණයි. පොඩි දරුවෙක්, දක්ෂයෙක්. අන්තරේ එවුන්ගෙන් බේරගන්න. උන්ට දක්ෂයෝ පෙන්න බැහැ.