IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක්


 
(දයාරත්න ඇඹෝගම)


රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ  සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මාට්) පංති ඉවත් කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියෝ අද (25) අනුරාධපුර මැදි විදුහල ඉදිරි‍පිට උද්ඝෝෂණයක නිරත වෙති.


මෙම උද්ඝෝෂණයට එක්වු අනුරාධපුර මැදි විදුහලේ ආදි සිසු සංගමයේ ලේකම් දිමුතු චින්තක දේවප්‍රිය මහතා මෙසේ පැවසිය.


සි.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් පිහිටවු මැදි විදුහල් 54 න් එකක් තමයි අනුරාධපුර මැදි විදුහල. මෙම විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් සිසුන්. ඒ වාගේ අපොස සාමන්‍ය පෙළ උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන්.


එසේ තිබියදි සාමාන්‍ය පෙළ අසමත් සිසුන්. එසේම ඔවුන් විනය විරෝධී ආකාරයටත් හැසිරෙනවා.මේ නිසා පාසලේ විනය පිරිහිලා තිබෙනවා. එම නිසා මෙම ස්මාට් පංති වෙනත් ස්ථානයක පිහිටුවන ලෙස ඉල්ලා සිටිනවා.



අදහස් (11)

අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක්

sunil gikiyange Friday, 25 May 2018 07:24 AM

අැයි අනික් ළමයි ඉගෙන ගන්න හොද නැද්ද. පාසල තිබිය යුත්තේ අදක්ෂ ළමයා ගොඩ දැමීමට මිස දක්ෂ අයට පමණක් ගොඩ යෑමට නොව. දක්ෂ ළමයා ගෙදර හිටියත් ඉගෙන ගන්නවා. අභිමානය විතරක් තිබුණාම හරිද. කන්නංගර මහතා හිටියානම් දිවි නහගන්නවා

:       257       496

Damintha MadusankaSaturday, 26 May 2018 01:56 AM

මේ වැඩේ වැරදියි කියන මිනිසුන්ගේ ළමයි මේ පාසල් වල හිටියා නම් ඔවුන්ට දැනේවි මේ කරපු දේ හරිද වැරදිද කියලා..... ඔය දේවල් විනිශ්චය කිරීමට පෙර ඒ පිළිබඳ පූර්ව දැනුමක් ලබා ගන්න....මොකද මේ ආදිශිෂ්‍යෙයා් තමයි මේ පාසලේ ක්‍රියාකාරී කණ්ඩායමේ අයටත් කැක්කුමක් තියෙනවා තමන් ඉගෙනගෙන හොද තැනකට ආපු පාසල් මාතාව සුරකින්න.......මොකද ආශාවට උද්ඝෝෂණ කරන්නේ නෑ නේද? දහසකුත් වැඩ දාලා මෙතනට එන්න ඇත්තේ්‍.......

:       16       1

ලුම්බිණි Friday, 25 May 2018 08:53 AM

අභිමානය රැක ගන්න පන්ති නැවැත්විය යුතුද?

:       133       249

himal Friday, 25 May 2018 09:11 AM

පාසැල් තියෙන්නේ එක එක්කෙනාගේ අභිමානය පෙන්වන්න නෙවෙයි ළමයින්ට යහ මඟ පෙන්වන්න, උගන්වන්න. සාමාන්‍ය පෙළ අසමත් වූ පමණින් සිසුවෙකු විනය විරෝධී වැඩ කරන්නෙ නෑ. පාසලේ විනය බලන්න තමයි විදුහල්පති කෙනෙක් ඉන්නේ. මේ දේ දැක්කා නම් කන්නන්ගර මහත්තයා ආයෙමත් මැරෙනවා.

:       35       186

ජානක ලියනගේ Friday, 25 May 2018 09:15 AM

අනේ මේ වගේ මෝඩයෝ ඉන්න රටක්. ඔය වගේ දේවල් වලට අල්ලගෙන පිකටින් කරනවනම් මේ රට කිසි දවසක ගොඩ ගත නොහැකිය

:       27       150

සී ජේ රත්නායක Friday, 25 May 2018 09:31 AM

උගත් අබුධිමතුන් බහුතරක් බිහිවෙනවා යැයි කන්නන්ගර මහතා සිහිනෙන්වත් දුටුවානම්......

:       30       132

mahaththaya Friday, 25 May 2018 10:19 AM

ඔයාල දන්නේ නැද්ද ස්මාර්ට් පන්තිය කියන වැඩසටහන අධ්‍යාපනය වනසන තවත් මෝඩ වැඩසටහනක් කියල..... ලොක්කන්ගේ බෝර්ඩ් මීටින් රැස්වීම් වලින් ගත්තු මෙලෝ රහක් නැති වැඩසටහනක්....

:       198       87

tommy Friday, 25 May 2018 10:56 AM

සාමාන්‍ය පෙළ සමත් මෙන්ම අසමත් සිසුන්ටත් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට සැලසීම හොඳ දෙයක්. නමුත්, මෙහි ඇති තවත් පැතිකඩක් විය හැක්කේ, අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදක්වන සිසුන් කිහිපදෙනෙක් විසින්, මුළු පාසලේම විනය බිඳ දමමින්, අන් සියලු සිසුන්ගේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කිරීමට තැත් කිරීමයි. එවැනි තත්වයක් මේ පාසලෙත් උද්ගතව ඇත්නම්, එවැනි සිසුන්ට පාසලේ වෙනම ස්ථානයක ඉගැන්වීමේ කටයුතු කිරීමේ වැරද්දක් නැහැ.

:       14       13

සමන් Friday, 25 May 2018 02:29 PM

මම කැමති ස්මාර්ට් පන්තියට යන්න... මම විභාගෙ ෆේල් වුනාට අවුලක් නෑ

:       0       2

palitha Friday, 25 May 2018 07:25 PM

ඔක්කොටම පිස්සු ...........දෙමාපියොත් එකයි......නිලධාරීනුත් එකයි...........

:       0       0

rocky Saturday, 26 May 2018 04:40 AM

අමතර පන්ති සහ ටියුෂන් දීම මුළුමනින්ම තහනම් කල යුතුයි. පන්ති විභාග වලින් අසමත් වන සිසුන් ට තවත් අවස්ථාවක් දී ඉන් පසු පාසලෙන් ඉවත් කල යුතුයි. පාසලෙන් බැහැර ඉගැවීමේ ක්‍රමය, සිසුන්ගේ විනය පිරිහීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ටියුෂන් දීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු අපරාධයක් බවට පත් කිරීම සුදුසුයයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site