IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදේශ ඇමති නිව්යෝකහීදී ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනිය හමුවෙයි

( තිළිණි ද සිල්වා )

රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන්  ප්‍රගතියක් අත් කර ගෙන තිබියදී , ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් මානව හිමිකම් කවුන්සිලය තුළ පැවතීම නුසුදුසු බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය වෙත දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයට පෙර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මැතිනිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බවත්  ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරියට පෙන්වා දුන් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ  මෙම කාර්යන් යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනි වන බවය.

මෙම හමුවේදී ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත,  ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාගේ ගේ උණුසුම් සුභ පැතුම් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වෙත  පිරිනැමූවාය.

 දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව ද එහිදී  ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය  සඳහන් කළාය.

ඉන් පසුව අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා  වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඕස්ට්‍රේලියාව සතු අත්දැකීම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය. 

මිනිස් ජාවාරම සම්බන්ධයෙන්, මෙය මානුෂීය ඛේදවාචකයක් බවත් මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

 රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍ය පේන් මැතිනියට දැනුම් දුන්නේය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා  ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාංශය හා වර්තමාන තත්වය පිළිබඳව තක්සේරු කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිස ක්‍රම සහ විධි හඳුනා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කරන විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුතුව කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධව ද ඔහු විස්තර කළේය.

දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බවත්, මෙම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් පැවතීම අපරිණත හා නුසුදුසු බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනිවන බවත් ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ ඉතා උණුසුම් හා සුවිශේෂී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටින බව ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය. 

අමාත්‍ය පීරිස් මහතා විසින් දක්වා ඇති ක්ෂේත්‍රවල, විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඇය සාදරයෙන් පිළිගත්තාය. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා සුහද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ.



අදහස් (1)

විදේශ ඇමති නිව්යෝකහීදී ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනිය හමුවෙයි

jagath Wednesday, 22 September 2021 10:18 AM

ඇද ඇද කිව්වට කවුරුත් අහන්නේ නැති පාටයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site