IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා

(තිළිණි  ද සිල්වා  සහ රංජන්  කටුගම්පොළ) 
 
කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික  සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම  මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 2 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.
 
ලලිත් වීරතුංග මහතා ගොනු කළ එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.
 
තම ඉල්ලීම ප්‍රතික්ෂේප  කරමින් ඉකුත් ජනවාරි 29 වැනි දා මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා තමන්ට විදේශ ගතවීමට අවසර දෙන ලෙසද ලලිත් වීරතුංග මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා ඇත.
 



අදහස් (3)

හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා

Prabath Tuesday, 27 February 2018 10:17 AM

මේ මහජන මුදල් කෝටි ගනම් කොල්ල කාපු අයට කිසිම බුරුලක් දෙන්න එපා.මොකද මේවා රුපියල් සත නෙමෙයි .කෝටි ගනම් මහජන මුදල්.ගමේ අහිංසකයකුට නම් රට යනවා තියා ගෙදර අයට බලන්නවත් බැහැ. හිරේ විලන්න්ගුවේම තමයි.යහපාලනය කියන්නේ මේකද?

:       143       427

naradha Tuesday, 27 February 2018 11:06 AM

මේ අයට මේ කොල්ලකෑම් වලට අණදුන් දේශපාලකයන් මේවට වගකිව යුතුයි.

:       1       69

athula Tuesday, 27 February 2018 03:50 PM

මෙයට එළියේ ඉන්න දුන්නහම දැන් අයෙමත් ගුවන් චාරිකා , ඇඟිල්ල දන්නා දුන්නහම ඔලුවත් දන්නා හදනවා කියන්නේ මේවට තමයි.

:       1       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site