තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයක දී අනාවරණය විය.
මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇතැයි ද එහිදී අනාවරණය විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළෙඳ නිලධාරීගේ වැටුප් හා වෙනත් දීමනා දල ශ්‍රී ලංකා ගුවන් සේවය ආශ්‍රීත වෙනත් තොරතුරුද ඉල්ලමින් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ගොනු කළ අභියාචනයක් විභාග කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය විය.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිලල එහි සාමාජිකයන් වන විනිසුරු රෝහිනී වල්ගමල ජ්‍යෙෂ්ඨ නීතීඥ ක්‍රිෂාලි පින්ටො ජයවර්ධනල ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්රටන් යන මහත්ම මහත්මීන් ඉදිරියේ මෙම විභාගය පැවැත්විණි.
අභියාචනය යොමු කළ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු නීතීඥවරු පස් දෙනෙක් පෙනී සිටියහග ශ්රීඇ ලංකන් ගුවන් සේවය වෙනුවෙන් නීතීඥ ආචාර්ය ශිවාජි ෆීලික්ස් පෙනී සිටියේය.
අභියාචනය යොමු කළ ගුවන් නියමුවන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති කපිතාන් රුවන් විතාවගේල කපිතාන් මලික් ලතීෆ් සහ එස් එම් කංකානම්ගේ යන මහත්ම මහත්මීහු පෙනී කොමිසමට පැමිණ සිටි අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නීති අංශයේ සමූහ ප්‍රධානී එම් ඒ රණසිංහ සහ සමූහ නෛතික කටයුතු කළමනාකාරිනී ශියාරා සෙල්වමුත්තු මහත්මිය පැමිණ සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරී, මානව සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ සහ ප්‍රධාන වෙළඳ නිධාරීගේ වැටුප් සහ වෙතන් දීමනාද, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ පකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය අතර සිදුවූ ලිපි හුවමාරුවට අදාල ලියැවිලි දල එම සමාගම් දෙක අතර එළැඹි ගිවිසුම සහ ඊට අදාල ලියැවිලි දල විධායක පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් පාර්ශ්වයන්ට දැරීමට සිදුවූ පිරිවැයට අදාළ තොරතුරු ද ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ඉල්ලා තිබිණි.
මෙම තොරතුරු ඉල්ලමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තොරතුරු නිලධාරියාට තොරතුරු ඉල්ලුමක් යොමු කිරීමෙන් පසු ඔහු ඉල්ලුමෙන් තොරතුරු කිහිපයක් පමණක් ලබා දුන් බවත්ල ඉන් පසු නම් කළ නිලධාරීට අභියාචනා කිරීමේදී ද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් කියමින් ගුවන් නියමුවන්ගේ සන්සදය තොරතුරු කොමිෂන් සභාවට අභියාචනය ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකා ගුවන් සේවය කලකට ඉහත ලෝකයේ හොඳම ගුවන් යානා සේවාවන් 10න් එකක් ලෙස නම් දරා සිටියත් වර්තමානයේ සිදුවන කළමනාකරණ අක්ර0මිකතා සහ දූෂණය නිසා එය ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති බවත්, සමාගම වාර්ෂිකවම සැලකිය යුතු අලාභ තත්ත්වයකට ගොදුරු වී ඇති බවත්, පකිස්තාන ගිවිසුමේ එරට අත්සන්කරු අපරාධ විමර්ශනයකට ලක්ව ඇති නිසා එම ගිවිසුම අවලංගු කර ඇති බවත් අභියාචකයන්ගේ පාර්ශ්වයේ නීතීඥවරු පෙන්වා දුන්හග ඉල්ලා ඇති තොරතුරු මහජන සුභසිද්ධියට අදාළ කාරණයක් සේ සලකා නිකුත් කරන ලෙස ද නීතීඥවරු ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මූලික විරෝධයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ එම ආයතනය තොරතුරු පනතට යටතට නොගැනෙන බවයිග කෙසේ වෙතත් තොරතුරු කොමිෂන් සභාව එම විරෝධය ඉවත දමමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තොරතුරු පනතේ 43 වගන්තේ ගැනෙනි පොදු අධිකාරියක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව පැවැති දීර්ඝ විභාගයකින් පසු අදාළ තොරතුරු මහජන ශුභ සිද්ධියට හේතුවන නිසා මුදා හරින ලෙස තොරතුරු කොමිසම නියෝග කළේය.
එලෙස නිකුත් කළ තොරතුරුවලින් අනාවරණය වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් 3.270.000ක් බවයි. එම වැටුපට අමතරව ආයතනයෙන් වාහනයක්, රියදුරෙකු, සම්පූර්ණ තෙල් වියදම ඇතුළු දීමනා රැසක් ලැබෙන බව ද අනාවරණය විය.
ආයතනයේ මානව සම්පත් කළමනාකාර ප්‍රධානීගේ මූලික වැටුප රුපියල් 998.004ක් බවත්ල දුරකතන දීමනා ලෙස 3500ක් සහ විනෝදාත්මක දීමනා ලෙස රුපියල් 12000ක් ලැබෙන බවත් මසකට තෙල් ලීරට 340ක් ලැබෙන බවත් තොරතුරු කොමිසමේදී අනාවරණය විය.
ආයතනයේ ප්‍රධාන වෙළඳ නිලධාරීගේ මූලික වැටුප ලෙස බ්රිදතාන්යල පවුම් 9500ක් හෙවත් රුපියල් ලක්ෂ 19ක් සඳහන් වී තිබි. ඊට අමතරව උපරිමය 250.000කට යටත් නවාතැන් දීමනාල වාහනයක්, රියදුරෙක්, සම්පූර්ණ ඉන්ධන දීමනා ඇතුළු වෙනත් පහසුකම් ද හිමිවේ.
පකිස්තාන අන්ර්ජාතික ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති කර ගත් ගිවිසුම්ල ගිවිසුම් අවලංගු කිරීමෙන් ඇතිවූ පාඩුව ඇතුළු විස්තර ද ශ්‍රී ලංකන් ගුවන් සේවය තොරතුරු කොමිසමට ලබා දී තිබේ. එසේම සංවේදී තවත් තොරතුරු කිහිපයක් සංස්කරණයකින් පසු කොමිසමේ අනුමැතියට යොමු කර තිබේ.
COMMENTS
මේක මහා අපරාදයක්! බැදුම්කරයට වඩා භයානක වගේ පෙනෙන්නේ! ඉතින් කොහොමද මේ ආයතනය ලාභ ලබන්නේ? මේ ආණ්ඩුව නිදිද?
මගේ සම්පූර්ණ වැටුප අවුරුදු 3 ක් එකතු කලොත් ලක්ෂ 36 ක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ වුනාට මට ලැබෙන වැටුප හොඳටම ඇති.
මේක හරිම අසාධාරණයක් මේවා කාගේ මුදල්ද ශ්‍රී ලංකන් හැමදාම පාඩු
කෝ මේ දුෂණ වංචා ඒකකය! විශාල වැටුපක් එක් පුද්ගලයකුට ගෙවීම ගැන සැක සහිතය.අනිවර්යයෙන් යේ 20 සේ කැලි බලවත් උදවීයට බේදී යන වා හැක. වහාම මොහු ගේ බැංකු ගිණුම් චෙක් පත් විමර්ශනය කල යුත ය. අහිංසක මිනිසුන්ගේ දහදීය මාහාන්සියෙන් හම්බ කරපු බදු මුදල් නේද මේ.
මටනම් හිතෙන්නේ තව වැඩි කළ යුතුයි කියල . පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගෙ ගාණට ගේන්න ඕනේ .
එහෙම ගෙව්වත් කමක්න ලබා ලබනවනම්. ශ්‍රී ලන්කන් පාඩු ලබනවා කියන්නේ මොවුන් අසාර්ථකයි කියන එකනේ. අනෙක මේ ලංකාවේ. ප්‍රතිශතයක් විදියට ගත්තොත් සාමාන්‍ය අදායම වගේ කීගුනයක්ද? කවුද මෙයාලව පත්කරන්නේ. ගිය ආණ්ඩුවේ වැරදීම කියවනකම්.. මේවා ගැන හොයල බලන්නේ නැද්ද?
කෝ මේ දේශීය අදායම් කොමසාරිස් ....
හොරු අල්ලන්න අපේ මෝඩයොත් ගැහුවනෙ කතිරේ. නාගානන්ද මහත්තයාට රට බාරදෙමු.
ලංකාවේ හැම ආයතනයකම වගේ මුල් පුටුවලට පත්වෙන අය හදන්නෙම පුළුවන් තරම් ගසා කන්න. බය වෙන්න දේකුත් නැහැ, ලොක්කෙකුගේ කුස්සියේ වළං හේදුවහම ඔක්කොම යට යනවා. මේක විගනකාධිපතිට යටත් නැති ආයතනයක් නේද?
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ කාලේ මස්සිනාට දීපු වරප්‍රසාද දිගටම යනවා වගෙයි. එදා බැරි උනාට දැන් ගුවන් නියමුවන්ගේ සංසදය බය නැතුව කතා කරනවා. එකත් ලොකු ජයග්‍රහණයක්.
වර්තමානයේ විදුලි සංදේශ පැත්තේ මාසෙට ලක්ෂ සියයට වැඩිය මුලික වැටුපක් ගන්න කට්ටිය ඉන්නවා.
අනේ අර බ්‍රිතාන්‍යය ජාතික පීටර් හිල් මහතා කොච්චර හුරුබුහුටි විදියට මනා අවබෝධයෙන් ඔය ශ්‍රී ලන්කන් එක හොඳට ලාභ ලබමින් කරගෙන ගියාද? ඒ මනුස්සයව එලෙව්වා. එකක් අපි හොඳට මතක තියාගන්න ඕනි. අපේ කියන මිනිස්සුන්ට පඩි ගත්තට වැඩ නම් බැරි මොකද දන්නවද, මේ අය අදාල වෘත්තීය සුදුසුකම් ඇති අය නොවන නිසා.
ජනතාවට මොලයක් නැති වුනහම ඔහොම තමයි ඕනෑම කෙනෙක් මන්ත්‍රී කෙනෙක් පසුපස යන්නේ ඔය වගේ වැඩි තණ්හාවට තමයි
අපේ රට කවදාවත් ගොඩ ගන්න නම් බැහැ මේ වාගේ මිනිස්සු ඉන්න තාක්
කෙනෙක් විශාල වැටුපක් ලබන්නේ ඔහුගේ විෂය පිලිබඳ දැනුම සහ කාර්ය සාධක නිපුනතාවය පදනම් කර ගෙනය. එහෙත් ඔහුගේ නිපුණත්වය අදාළ ආයතනයේ ඵලදායකත්වය සඳහා නොලැබේ නම් හෝ ප්‍රයෝජනවත් නොවේ නම් ඔහු තවදුරටත් අදාළ ආයතනයේ නො සිටිය යුතුය. ආයතනය දිගින් දිගටම පාඩු ලබන්නේ නම් ඔහු ගෞරවනීය මහත්මයකු ලෙස ඉවත් විය යුතුය. මෙවැනි අවම මානව ධර්මතා නොසලකන කෙනෙකු මෙවැනි ආයතනවල රඳවා ගන්නේ වගකිව යුතු නායකයින්ගේ දුර්වලකම නිසා හෝ ඥාතිත්වය නිසා විය යුතුය. ජනතාවගේ මුදල් කිසිදු වගකීමක් නැතිව අවභාවිතා කිරීම අපරාධයකි. දුෂ්ටකමකි.
නිකන් බොරු එපා....
ආයතනවල , සමාගම්වල ලාභ ලබන්නනම් ඔය ඉහල මුල් පුටුවලට විදේශයකින් ක්ෂේත්‍ර පිළිබද මනා දැනුමක් තියෙන අයව තෝරා පත්කර ගත යුතුය.