(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය.
ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය
කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද සඳහන් කළේය.
සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලන්කන් ගුවන් යානා වලින්පසුගිය දශක තුනක පමණ මා ඇතුළු අප පවුලේ අය ලංකාවටත් වෙන රටවලටත් ගිහින් තියනවා.දැන් තත්වය ශෝචනීයයි. ආයුබෝවන් කීම හැර කිවයුතු හොඳක් නම් දැන් ඇත්තෙම නැහැ.ටෙලිපොන් කළොත් කිසිදිනෙක වැඩක් කර ගන්න නම් උගහටයි.වෙබ්සයිට් එක අන්තිමයි. කෑම , එන්න එන්නම ජරා තත්වයකට පත්වෙලා. සේවාවන් හැම එකක්ම පහත වැටිලා.මේ වෙනස මෙවර අපි එනවිට ඉතා භයානක තත්වයකට පත්ව ඇති බව කණගාටුවෙන් කියන්න වෙනවා. මෙය කාටහරි දෙන්න.හදලාගන්න. .දැන් තත්වය ශෝචනීයයි - අවංකවම මගේ ශෝකය මේ සමග පළකරනවා.
ඔහෙලා දන්නවැයි මේ මහත්තයා අවුරුදු 5ක් ලංකාවේ විධායක ජනාධිපති වෙලාත් හිටියා කියලා. උන්දෑටත් ඒ වග මතකයක් නැහැ වගේ. දැන් කතා කරන්නේ අලුත ඉපදුණු දරුවෙක් වගේ...!
ශ්‍රී ලන්කන් ස්ටාෆ් සලකන්නේ සුද්දන්ට පමණයි... දුර ගමන් යනකොට අමතර වතුර ටිකක්වත් දෙන්නේ නැහැ... ඉල්ලපු රිසර්ව් කරපු සීට් එක සුද්දන්ට දෙනවා. සේවය අන්තිම නරකයි. කණගාටුදායකයි. ඔය කෙහෙල්මල වෙන රටකට විකුණලා දාන්න...
මගේ පුතා ඊයේ කැනඩාවට එන ගමනේ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඩුබායිවලට පැමිණ ඇත. ඔහු මට කීවේ ඔහු 3 වරක් පොරවනයක් ඉල්ලා ඇති අතර පසුව එම ගුවන් සේවකයා ඔහු ළඟින් යනවිට අහක බලාගෙන ගිය බවත්... අහෝ දුකකි, ඔබලා නැති කරන්නේ ශ්‍රී ලංකාවේ නාමයයි.
ඕවා විතරක් නෙවෙයි, රටේ වල්වැදුණු නීතිය ඇතුළු ඔක්කොම ලස්සනට හදන්න කියලා තමයි අපි ඔහෙට බාරදුන්නේ... කොහෙද සමාගමකට කඩේ ගියපු එක විතරයි කෙරුවේ... දැන් ඉතින් කතාකරලා වැඩක් නැහැ...
පිස්සු කරන්න එපා හලෝ... කැනේඩියන් එයාර් ලයින් එකේ කෑම කාලා තිබෙනවද? ඉකොනොමි පන්තියට hard liquor ලැබෙන්නේ නැත. කෑම පලේ පල්. ඔහේගේ කරුමෙට පරණ රටකජු ලැබුණාට සමහර එයාර්ලයින් වල කෑම බැලුවාම එයාර් ලංකා කෑම සුපිරියි. මෙයා කවද කාපු ටකරන්ද?
ඉතිං ජනපතිලෙස ඉඳල නුඹ මෙදෙස මුකුත් නොකර බලං හිටියෙ තම ගිනුමට සල්ලි කොහෙන් ආවද දන්නෑ කියල හිටංද? ගොං ආතල් දෙන්නෙ නැතුව හිටං
දැන් බයවෙන්න දෙයක් නෑ. දැන් ඉන්න ඇමතිතුමා ඕක නග්ගල ගනී දවසෙන් දෙකෙන්. ඔය ඇමැතිකමට මැරීගෙන පොරකන්නේ ඇයි කියලා හැමෝම දන්නවා. පක්ෂේත් එපා මට ඕක දෙනවනම් කියලා ආපු කෙනෙක්නේ දැන් ඉන්නේ.එහෙම ආවේ ඔය සේවාව නඟා සිටුවීමට තමයි ටිකක් ඉවසලා ඉන්න වෙයි. අන්තිමට ගුවන් යානා ටික යකඩ වලට විකුණලා තමයි නවතින්නේ.... කාංචන ඇමතිතුමා වගේ තරුණ ක්‍රියාශීලි කෙනෙකුට ඕක දුන්න නම් ඇත්තටම වෙනසක් කරයි.
මේ මනුස්සයා වැඩකටම නැති දේශපාලකයෙක් උනාට ,මේ කියන දේ නම් 200% ට වඩා හරි
මෙයා රටේ ජනපතිවෙලා අපිට කියනවා රටේ ප්‍රශ්න ඒවාට විසඳුම් සොයන්නේ නැතුව.මේ වගේ උන්දැලා නිසා තමා රටට මෙහෙම උනේ .1989 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා.පවුලට හැර රටට මොකද්ද උන සෙතේ ?
මෙතුමා කියන කතා හරියට ම හරි. අපි අපේ කමට තාම පාවිච්චි කරන්නෙ අපේ ගුවන් සේවය. කවුරුත් නොමිලේ එන්නෙ නෑ.හැම වෙලාවක ම ආසන පිරිලා . දැන් ඉන්න සේවක සේවිකාවන් පවා කෘත්‍රිම හැසිරීමක් පෙනවන්නෙ. අපේ කමක් ගෑවිලාවත් නෑ. මෙහෙම කියන්නෙ වසර 20 කට වඩා පලපුරුද්කින්.මේක දැන් විකිණෙනවා . ඒක නවත්වන්න බෑ . කණගාටුයි. හැමතැනම හොරු
මේක මහ පුටුවේ සැපගන්න කොට ලෝකය වටේ කරක් ගහලා ලන්කන් ගුවන් යානයක එන ගමන් කජු ගිලලා ඒවා පරණයි කියලා, ඒ කාලේ ලොකු නාඩගමක් නැටුවා. එදා කජු දෙනකොට මෙයාට ජාපාල ඇට දෙක තුනකුත් කවන්න තිබුනේ බඩ යන්න.