පස්වරු 5.35
තරිඳු ජයවර්ධන
ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
තරිඳු ජයවර්ධන
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ කුලියාපිටිය, දුම්මලසුරිය, බිංගිරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම හතර වන තෙක් යළි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ රස්නායකපුර සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) පෙරවරු 4 තෙක් ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය පවසයි.
ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මෙලෙස පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)







COMMENTS
රටේ පාර්ලිමේන්තුව පිස්සු කෙලින කොට මිනිස්සු නීතිය අතට ගන්නවා, සරලයි. මේ ගොන්නු 225 1 නැවක දාල මුහුදට තල්ලු කරන්න ඕනේ
ඉතින් මෙයාලා අපිට කියනවා ළමයි ඉස්කා්ෙලේ යවන්න කියලා. පිස්සුද?
මෙහෙම ගියොත් රටට වෙන්නේ කුමක්ද..? වැඩ බැරි ටාසන්ලා වහා ගෙදර පලයව් අපට රට ඉතිරි කරලා...
රටේ ආරක්ෂාව ගැන මිනිස්සුන්ට විශ්වාස නැහැ. පරිපාලන සේවාත් කඩාවැටෙයි. තාමත් මුහුණු වහගෙන කොටසක් පාරවල් වල... පොදුස්ථාන වලට එනවා. ඒවා නවත්වන්න ආණ්ඩුවට තම බැරිවුණා. ආණ්ඩුවට, පොලිසියට මේවා නවත්වන්න බැරිය නිසා මිනිස්සු ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙළ ගැසෙනවා. රට සොහොන් පිටියක් වෙච්ච් වෙලාවක මගුල් කන නායකයෝ ඉන්න එකේ මිනිස්සු පාරට නොබැස්සත් පුදුමයක් නොවේ..
චීනෙටම වෙලා ඉන්න............
එදා වේල හොයාගෙන ජීවත්වන අපි කොහොමද ජීවත්වෙන්නේ? මෙහෙම වෙනකොට... පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ.. ඒ ගොල්ලෝ වෙඩි නොවදින වාහන ගෙන්න ගන්නවා. සුපුරුදු පරිදිම දිවිගෙවනවා.
226ම ජනතාවට තිත්ත වී ඇත. කරුණාකර ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩනොදී රට අරාජික නොකර මිනිසුන් ලෙස ඉල්ලා අස්වෙන්න.
දරුවන්ව ඉස්කෝලේ යවන්න කියන අධ්‍යාපන ඇමතිගේ ආසනයේම ඇඳිරි නීතිය. ඉතින් කොහෙද?
තාමත් අර දෙන්නා ජනපති, අගමැති පුටුවල ඉන්න හැටි. ලැජ්ජා නහර පිහිටලාම නැහැ. සරත් ෆොන්සේකා වගේ දක්ෂයෝ සත්තු රකින්න දාලා මිනිස්සුන්ට සත්තු වගේ මැරෙන්න සිද්ධකළා.
225 ට ඔක්කොම බනිනවා එතකොට එයාලට ඡන්දෙ දීල තියෙන්නේ පිටසක්වල ජීවියෝද?
වැඩ නැති ඔස්තාර්ලා..... මුහුණ පොතේ වීරයෝ කරන වැඩ .. ජාති වාදය අවුස්සා ඉන්න මිනිසුන්ගේ ජිවිතය නැති කරන එකයි වැඩ .. ලංකාව තවත් කළු ජුලිය වෙන එක සත්‍යයි......
ජනතාව ස්ථිර විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නෙට අනිත් එක මේකට වග කියන්න ඕනෑ එවුන් එළිපිට ඉන්නවා. ඉතින් ඔහොම වෙද්දී රටේ මහජාතිය නොසන්සුන් වෙන එක අහන්න දෙයක්ද? ආණ්ඩුව මේ වෙන දේවලට වග කියන්න ඕනෑ. අනික රටේ දැන් ඉන්න ජනාධිපති ආයේ කවදාවත් මේ රටේ ඡන්දෙකින් දිනයි කියලා හිතන්න බැහැ. ඉතින් එහෙම එකේ මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ඇතිකරලා දෙන්න. මෙයාට පුළුවන් ඔබලාගේ ඡන්ද මට ඕනෑ නැහැ කියලා.. එහෙම වුනොත් මෙයාව මිනිස්සුන්ට හැමදාම මතක තියෙයි.
කීවට අහිතක් හිතන්න එපා මේ වෙලාව තමයි අපි කවදත් විශ්වාස කරන අපේ ත්‍රිවිද හමුදාව හමුදා බලයෙන් පාලනය අල්ලාගෙන රට කරන්න ඕන අවස්ථාව , තවදුරටත් අපට තෝරාගැනීමට සුදුසු එක නායකයෙක්වත් කොහෙවත් නැහැ . ගරු හමුදාපතිතුමනි මේ මුසල දේශපාලුවන් සහ උන්ටම සරිලන ව්‍යවස්ථා රැකීම පසෙකලා අප රැකගන්න.
ජාතීන් අතර සාමය තියන්ඩ ඉස්සර වෙලා මහජාතිය සමගි වෙන්න ඕන අද වෙලා තියන්නේ මහජාතිය කඹ අදිනවා
මේ ආණ්ඩුව ගේන්න කඩේ ගිහින් වැරදුනාම කියන අලුත්ම කතාව තමයි 225 එලවන්න ඕනේ කියන කතාව. මර බියෙන් හිටපු යුගයක් අවසන් කරපු නායකයෝ තවම මේ රටේ ඉන්නවා කියලා අමතක කරන්න එපා
ජනතාව නීතිය අතට ගැනීම ඉතාමත් භයානකයි...... වහාම අදාල ලොකු ලොක්කන් අත්අඩංගුවට ගෙන ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියා කරන්න
සැකයට බෙහෙත් නැහැ, මෙච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක් දැකල නැහැ,
ගිණි තියන කොටනම් පොඩි සතුටක් එයි. ඒ ගින්න නිවන්න තව පරම්පරා ගණනක් දුක් වෙන්න වෙයි. මේ වෙලාවේ ආණ්ඩු වෙනස් කරනවාට වැඩිය මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකයි වටින්නේ. හමුදාපති කියන දේ අහනවා නම් තමා හොඳ.
ඉකුත් නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ වටිනාකම බිලියන ගණන් වලට ඉහළ ගියා. එසේ නම් එක ඡන්ද දායකයෙක් ලක්ෂ කීයක් වටිනවද? එමනිසා මේ නාකි සීයලා ටික අයින් කරලා තරුණ පරපුරක් පාර්ලිමේන්තුවට යවමු. රටේ සිටිනා සියලු තරුණයන් එකතු වුණොත් මේ දෙය කළහැකිය.
මෝඩ සිංහලයා, ඔච්චරම රටට ආදරේ නම් වගා කරපල්ලා. අලුත් දෙයක් හදපල්ලා. රටට විදේශ විනිමය ගෙනැල්ලා රට දියුණු කරපල්ලා. කැති, පොලු අරගෙන නටපුවාම හම්බවෙයි..
මේ යන විදිහ නම් හොඳ නෑ. මේ රටේ නායකයෙක් නෑ අපිට අපේ දරුවො ගැන හිතෙනකොට මහා බයක් දැනෙනවා. අපිට ආරක්ෂාවක් නෑ. ආර්ථිකයත් කුඩු පට්ටම් වී ගෙන යනවා. මිනිහෙකුට හිඟා කන්නවත් සුදුසු තත්වයක නෙවෙයි රට දැන් ගමන් කරමින් ඉන්නේ. 1983 ට කලින් LTTE සාමාජිකයින් සුළු පිරිසකගෙන් තමයි වැඩේ පටන් ගත්තේ... දැන්මම පාලනය නොකළහොත් 2040 වෙනකොට මගේ සිංහල රට තවත් අරාබිකරයක් වෙනවා නියතයි. අපේ දරුවෝ සිංහල දරුවො කියයි අපේ තාත්තලාට කොන්දක් තිබිලා නෑ කියලා. එක්කො වරදාන, වරප්‍රසාදවලට ජාතිය, රට සියල්ල පාවා දීලා කියලා. නැත්තං ඔක්කොම කුඩු, අබිං, ගංජා ගහලා බුදියගෙන ඉඳලා කියලා. අපිටත් රුසියාවේ පුටින් ජනාධිපතිවරයා වගේ සුපිරි දිගු කාලීන දැක්මක් සහිත නායකයෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. දැන්නම් මගේ රට ගැන මාර දුකක්, දරා ගන්න බැරි වේදනාවක් එනවා. ඒත් ඒ දුක අහන්න කවුරුවත් නැති නිසා ජාතියක් විදිහට තව දුරටත් අප නිර්වින්දනය කරමිනුයි පවතින්නේ... ඇත්තටම අපි අසරණයිද? නැත්නම් විකල්ප තියෙනවද?
මිය ගිය මිනිස්සුන්ගේ රෝහල්වල ඉන්න අය තමන්ගේ වේදනාවල් දරාගෙන ඉද්දි අනිත් අය කලබල ඇති කරන්නේ කාගේ වුවමනාවල් වලටද කියලා හොයලා බලන්න ඕනෑ..
මේ වෙලාවේ අපි හැමදෙනාම කළ යුත්තේ පවතින රජය ස්ථාවර කරන එක, රජය කෙරෙහි, හමුදාව කෙරෙහි විශ්වාසය තබා සුපුරුදු රටවටා නැවත පැමිණෙන එක... රජය මාරු කිරීමත්, තමන්ගේ දේශපාලන කියවීම අනුව නව රජයක් පත්කර ගැනීම දෙවනුව කළ යුතුයි. පවතින අස්ථාවරත්වය දඩමීමා කරගෙන ආණ්ඩු පෙරලන්න ගියොත් රට සක්කරයා ආවත් ගොඩගන්න නම් බැරි බව මේ මෝඩ මිනිස්සු තේරුම්ගත යුතුයි.
අනේ මගේ මාතෘ භූමියට මොකද වෙන්නේ මේකේ අවසානයක් පෙනෙන්න නැහැ. පාලකයෝ ගැන විශ්වාසය නැති වුනාම මිනිස්සු නීතිය අතට ගන්නවා
එජාපයට ඕනි රටේ අස්ථාවර බවක් තියනවා කියලා.. පෙන්නලා ඡන්ද කල්දාන්න, ජනතාව මර්ධනය කරන්න අලුත් පනත් ගේන්න, විදේශීය හමුදා රටට වද්දවාගන්න සහ ඇමරිකන් කාරයින්ට රටේ හමුදා බලකොටු හදන්න ඉඩදෙන්න. එජාපයේ මේ උගුලට අහුවෙන්න එපා.
රට 83 ජූලි කරන්න එපා. ආරක්ෂක හමුදාවන්ට රට බාර දෙමු එයාලගේ වැඩේ කරන්න. ආවේගශීලීව කටයුතු කරලා දුක් වෙන්නයි වෙන්නේ...
පාර්ලිමේන්තුවක් තියෙනවා. එ්කේ අම්බරුවන් 225ක් ඉන්නවා. මිනිස්සුන්ට නීතිය අතට ගන්න දීලා බලන් ඉන්නද මේ අම්බරුවන් ඉන්නේ? දවස් 22යි.. මේ රටේ තත්වේ මෙහෙම වෙන එකට එකෙක්වත් නැතිද වගකියන්න. මහ කෙනා චීනෙට ගියා.
පාරට බැහැලා නීතිය ගන්න අයට වෙඩි තියන්න ඕනේ.. !
දසුනි ඔයා වෙනම අපි වෙනම ජීවත් වෙන්නේ නැහැ. මේක පොදු ප්‍රශ්නයක්. හැම එකටම දේශපාලනය ගාවගන්න එපා. ඒ අය නිදාගෙන ඉන්නේ සැපට.
මෙය වහාම නවත්තන්න ඕනේ. පාලකයෝ නිවැරදිව රටට වෙලා තියෙන දේ ගැන මීට වඩා සලකා බලන්න ඕනේ. කියන්න දුකයි මම ඇත්තටම දුක් වෙනවා මේ රටේ ඉපදුන එක ගැන. මගේ විවාහ උත්සවය මේ මාසේ 25 පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කරලත් තාමත් මම කල්පනා කරනවා එදාට එය පවත්වනවාද නැද්ද කියලා.. මම වගේ මිනිසුන් කී දෙනෙකුගේ සිහින මේ වෙනකොට විනාශ වෙලා ඇතිද??
තමන්ගෙ දේශපාලන ඉලක්ක සපුරගන්න අහිංසක ජීවිත එක්ක සෙල්ලන් කරන එක නන් තිරිසන් වැඩක්. නිල් පාට කොල පාට රතු පාට කවුරු උනත් මේ වෙලාවෙ අපේ ලංකාව ගැන හිතලා වැඩ කරොත් වටිනවා. ඊලග ඡන්දෙ බලාගෙන මේ වෙච්ච දේ අවුස්සන්න දගලන අය ගැන නන් දෙවියො බලා ගනී.