(ඉන්දිකා රාමනායක)
බරපතල මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි බන්ධානාගාරය තුළ අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර ඇති බවට චෝදනා කරමින් ඇයගේ නීතිඥවරු අද (6) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ඊයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් ඇත.
බන්ධනාගාර නිලධාරිණියන්ගේ මෙම අසාමාන්යf ශරීර පරීක්ෂා කිරීම් තුළින් තිළිණි ප්රිියමාලිගේ රහස් ප්රාදේශවලට තුවාල ද සිදුව ඇති ඇයට බන්ධනාගාර රෝහලින් ඒ වෙනුවෙන් ඖෂධ පවා ලබා දී ඇති බව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
තිළිණි ප්‍රියමාලි සතුව ජංගම දුරකතනයක් හමුවීමත් සමග බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන්යන් ඇය නිරත නිතර පරීක්ෂා කිරීම සිදුකරන බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හෝ අත්වැසුම් නොදමා ඇයට පරුෂ වචනයෙන් බැන වදිමින් අවස්ථා කිහිපයකදී ම ඇය පීඩාවට පත්කරමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවද එම පැමිණල්ලේ සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් ඇය සිදුකළ පැමිණිල්ලකට අනුව බන්ධනාගර රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බවද මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙමගින් ඇගේ මානව හිමිකම් උල්ලංඝනයක් සිදුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
අන්තිමට මුවා වෙන්නේ මානව හිමිකම් වලට
ඔය නීතීඥ මහත්තයා හිරුණිකා හිරේ ඉන්නකොට ඇයි ඔහොම පැමිණිල්ලක් දැම්මේ නැත්තේ..?
අපේ අපේ ජේලර් මහත්තයා මොකක් කළාද තුවාල වෙන්න තරම්.
මොනවද කරලා තියෙන්නේ ඒ ළමයට අත්වැසුම් නොදා.
මේකත් කපුටු සූත්‍රයක් වෙන්න ඇති. මොකද කාටවත් පෙන්න්න පුළුවන් තැනක් නෙවෙයිනේ.
මිනිස්සුන්ගෙ සල්ලි වංචා කරන්න හොඳයි මුන් පරීක්ෂා කරන්න හොඳ නැහැ පට්ට හෙර.
ජංගම දුරකථන හොයන්න රහස් ප්‍රදේශ තුවාල කරන්නේ මොකටද?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! තාත්තා, අධිකරණ හා බන්ධනාගාර ඇමති. පුතා විත්තිකාරියගේ නීතිඥ මණ්ඩලයේ. තාත්තා වෙන්න ඕනෑ මේකට උපදෙස් දුන්නේ. මරු රාජපක්ෂ ඩබල. තාත්තයි, පුතයි හරිනම් ඉන්න ඕනේ හිරගෙදර, මේක වෙන රටක උනානම්. අනේ, මුන්ටත් පායන්නේ අපිට පායන ඉරමනේ.
අම්මා තාත්තාටවත් සලකන්නේ නැති කෙනා. එයාගේ පැටිකිරිය පහුගිය දවස්වල පත්තරේක තිබුණා. දැන් ද තුවාල බලන්නේ? මහත්තයා දරු පවුල ගැන බලන්නේ නැතිව අයාලේ ගිහිල්ලා දැන් පතිවත ගැන කතා කරනවා...
පොදු දේපළක් නේද? පරික්ෂා කිරීම වරදක්ද?
මුන් බලු වැඩ කරලා මිනිස්සුන්ගේ ඇතිවතත් නැති කරනකොට හොඳයි. මුන්ගෙ ඇදිවත නැති වෙන කොට තමයි මානව හිමිකම් මතක් වෙන්නේ.