( ජුඩ් සමන්ත )
මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
ස්ථානාධිපතිවරයාට අමතරව එහි ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පසුගිය අප්‍රියෙල් මාසයේ දී වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට සුදානම් වූ බව කියන අයෙකුව හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් අල්ලා හලාවත පොලීසියට බාර දී ඇත.පසුව එම සැකකරුව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට හලාවත පොලීසියට සිදුව ඇත.
අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තමන්ට පහර දුන් බවයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා හලාවත පොලීසියට නියෝග කර ඇත.එම නියෝගයට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති හලාවත පොලීසිය අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
951
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හලාවත දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට
channa Wednesday, 26 July 2017 04:37 AM
අනේ .... ලංකාවට ගිය කලක්. හොරා එළියේ. හොරා අල්ලපු අය ඇතුලේ...
Shanaka Wednesday, 26 July 2017 04:48 AM
මගියෙක් ස්ථානාධිපතිට පහර දුන්නන් මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම වර්ජනය කරනවා.