
(අංජුල මහික වීරරත්න)
අනගාරික ධර්මපාලතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දින සමරුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එජාප නායකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහනක් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී අද (17) පැවැත්විණි.
අනගාරික ධර්මපාලතුමන් සහ හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් පිරීම, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන වසර 75ක් පිරීම මෙන්ම ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට නිදහස ලැබීමද සිහිපත් කරමින් මෙම ආගමික වැඩසටහන පැවැත්වීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එජාප බෞද්ධ කමිටුවේ සභාපති මහරගම සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, රත්මලාන එජාප බලමණ්ඩලයේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රී අකිල රාජපක්ෂ සහ බෞද්ධ කමිටුවේ ලේකම් මහරගම නාගරික මන්ත්‍රීනී රේණුකා සේනාරත්න යන මහත්ම මහත්මීහූ ද සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
45
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපය අනගාරික ධර්මපාලතුමන්ගේ සහ ජේ.ආර් ජන්ම දින සමරයි
sena Friday, 17 September 2021 07:20 PM
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට සියලු දෙනාම කැපවිය යුතු වේ