IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල

(රංජන් කස්තුරි)
 
කො‍‍‍ළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික  පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කනස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.

 
එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අධිකරණය සම්බන්ධයෙන් , අලුතින් සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳවද සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටියද එම විෂයන් සම්බන්ධයෙන් වගකීම දරන ඇමතිවරුන් නොපැමි‍ණීම හේතුවෙන් මන්ත්‍රීවරුන් කණස්සල්ල පළකර ඇතැයිද වාර්ථා වේ.
 
පක්ෂ අරංචි මාර්ග සඳහන් කරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක ප්‍රියන්ත හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන් කණ්ඩායම් රැස්වීමට සහාභාගි නොවූ ඇමතිවරුන් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් අදහස් දක්වා ඇති බවයි.
 
මේ අතර රාජීත සේනාරත්න , ලක්ෂ්මන් කිරිඇල්ල , සාගල රත්නායක , ගයන්ත කරුණාතිලක , ඩී.එමී ස්වාමිනාදන් සහ වජිර අබේවර්ධන සහ මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් එජාපෙ කණ්ඩායම් රැස්වීමට සහාභාගි වී සිටි බවද පක්ෂ අරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (6)

එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල

Bamunuarachchi Monday, 18 June 2018 05:02 PM

ඒ ගොල්ලෝ දන්නවා 2020 දී ඒ ගොල්ලන්ගේ ඉරණම මොකක්ද කියලා. දැන් නන්නත්තාර වෙලයි ඉන්නේ..

:       1169       2190

pjMonday, 18 June 2018 09:54 PM

නන්නත්තාර වුනේ අපේ රටයි. පටන් ගත්තේ 2015 ට පෙර සිටමයි.

:       0       50

BamunuarachchiWednesday, 20 June 2018 09:45 AM

2015 මේ ගොල්ලෝ ආවේ රට බේරා ගන්නනේ.. දැන් අවුරුදු 3ක් ගියා. කෝ කෝ.....2020 දී කනෙන් අල්ලලා විසි කරන්නේ..

:       0       0

sirimal Monday, 18 June 2018 08:47 PM

දැන් ඇමතිවරුන් නැති වීම ගැන කණගාටු වෙනවා. 2020 දී බලය නැතිවීම ගැන තමයි කණගාටු වෙන්න සිද්ධ වෙන්නේ.

:       36       2

banda Tuesday, 19 June 2018 07:40 AM

ඊලග ඡන්දෙට මොකද වෙන්නේ කියලා දන්නා නුවණැති ඇමතිවරු මේ දවස් වල රට සවාරි යනවා ....

:       2       2

sirimal Tuesday, 19 June 2018 09:38 AM

දැන් ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ලෙන් ඉන්නවා. 2020 දී බලය නැතිවීම ගැන තමා කනස්සල්ලෙන් ඉන්න වෙන්නේ.

:       33       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site