IMG-LOGO

දිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේ

 

(විමුක්ති එස් රුද්‍රිගු)

සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම,පෝෂ්‍යදායි ආහාර නොගැනීම සහ ආහාර ණයට ගැනීම වැනි ආහාර පදනම් කර ගත් ක්‍රියාමාර්ග වලට යොමුව ඇතැයි ලෝක ආහාර වැඩසටහන පවසයි.    

ආර්ථික අර්බුදය ආහාර සුරක්ෂිතතාවයට දිගටම බලපෑම් එල්ල කරන බවත් ඉහළ ආහාර සහ ඉන්ධන මිල මිනිසුන්ගේ ආහාර මිලදී ගැනීමේ හැකියාව තවත් දුර්වල කර ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවද ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට (සියයට 37ක්) වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන බවත් මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගතහොත් තත්ත්වය තවත් නරක අතට පත්විය හැකි බවත් එම වාර්තාව පෙන්වා දෙයි.  

ආහාර සහ ඉන්ධන මිල පිළිබඳ මිනිසුන්ගේ සිත් තුළ ඇති වී තිබෙන පීඩනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර් තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (සියයට 43ක්) තම රැකියාවන්ට සහ ජීවනෝපායන්ට එල්ල වී ඇති බාධාවන් පිළිබඳ කණසල්ලෙන් පසුවන බව එම වාර් තාවේ දැක්වේ. එසේම තමන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබේදැයි සැලකිලිමත් ජනගහනය ජූලි මස සිට අගෝස්තු මස වන විට සියයට 42 සිට 56 දක්වා වැඩි වී ඇතැයි එම වාර් තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේල අවිනිශ්චිත තත්ත්වයකට පත් ව ඇති බවත් සෑම පවුල් 10 කින් පවුල් 4 ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගන්නා බවත් රට පුරා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක පවතින බැවින් බොහෝ ජනතාව අඩු විවිධත්වයෙන් යුත් ආහාර වේලක් ලබා ගන්නා බවත් එම වාර් තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහන සැලසීම සඳහා ලෝක ආහාර වැඩසටහනට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් සියයට 47 ක ප්‍රමාණයක් මේ දක්වා ආධාර ලෙස ලැබී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.



අදහස් (7)

දිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේ

ganegoda Wednesday, 28 September 2022 02:27 PM

ලංකාවේ අයට එහෙම වුණත් රාජපක්ෂලාට එරෙහිම වෙන්නේ නෑ.

:       0       11

Hafeel Wednesday, 28 September 2022 03:14 PM

දැන් 69 ලක්ෂය වලංගු නැහැ. දැන් වලංගු පාර්ලිමේන්තුවේ ඉන්න රනිල්ට ජනාධිපති වෙන්න ඡන්දය දුන්නු 134... එම 134න් දැනට ඉතුරුවෙලා ඉන්න අයටත් ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් දීලා, පාර්ලිමේන්තුවේ පිට ඉන්න රනිල්ගේ ගෝලයින්ට උපදේශක තනතුරුත් දීලා සහ ජනාධිපති රනිල්ට ලෝකයේ තියන මළ ගෙවල්වලටත් සංචාරය කළානම්, රටේ තියන ප්‍රශ්න සේරම විසඳන්න පුළුවන්....

:       1       7

ganegoda Wednesday, 28 September 2022 04:14 PM

ලංකාවෙ අයට එහෙම උනත් රාජපක්ශලාට එහෙම වෙන්නෙ නැැ.

:       0       6

Prabaa Wednesday, 28 September 2022 04:18 PM

දැන් ඇයි ලියන දේවල් විකුර්ති කරන්නෙ .. අපිට නොලිය ඉන්නත් පුලුවන් ! නොකියවා ඉන්නත් පුලුවන් ! ! !

:       0       7

fairoos Wednesday, 28 September 2022 04:43 PM

කෙහෙළිය කමිටුවක් පත්කරලා තියෙන්නේ... දැන් තමයි හොයාගෙන යන්නේ..!

:       0       5

කිරිපුතා Wednesday, 28 September 2022 06:39 PM

කවුරු මේවා තම තමන්ගේ හුරු පුරුදු දේශපාලන ආකල්ප වලින් දැක්කත් මෙතන තියෙන්නේ පවතින තත්ත්වය මත අපව හිඟන්නුන් සේ හඳුන්වා පාගා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... හැම බිම් අඟලක්ම සරු, කොස්, දෙල්, අල, බතල ඇති රටක බඩගින්නේ ඉන්නවා නම් එක්කො කම්මැලි අය... නැත්නම් ⁣රෝගයකින් ඇඳට වැටුණු අය...!

:       5       0

ගමේ එකාලාWednesday, 28 September 2022 10:50 PM

ගම්වල නම් කොස්, දෙල්, බතල වවන්න පුළුවන්. ඒවා විතරද කන්න ඕනේ? නගරවල ජීවත් වෙන අයට ප්‍රශ්නයක් නැද්ද? රටපුරාම තණකොළ වවන්න කිව්වා නම් මරුනේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 367 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 914 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site